2011-09-22

සිහිනය නැවතත්...(දෙවැනි දිගහැරුම)


ඔවු අසරණ උනා…. හිතුවෙවත් නැති තරම්.. මාස දෙකක් ආසන්න වෙන්නත් උනා.හෙට ඉතුරු ටික ලියන්නම් කියල ගිය තිශ් ට මොකද උනේ කියල ගොඩක් අය ඇහුව.ඔවු.. මට ලියන්න බැරි උනා. ලියන්න හිත හදාගන්න බැරි උනා.ලිව්වේ නැතුව නෙමෙයි.ලිව්ව… පිටු දෙක තුන ලිව්වා.. ලිය ලිය මැකුව..මං කොච්චර හොඳට ලිව්වත් ඒක මට මදි උනා.ලියන ලියන හැම අකුරක් ගානෙම මම මැකුව.කමක් නෑ… ආයෙත් ලියනවා.මේක සමහර විට අද මම මකන්නේ නැති වෙයි.


මගේ පුංචි කුමාරි හෙමින් හෙමින් යන්න ගියා…මහා හයියෙන් වැටුන වැස්සත් එක්ක පුංචි කුඩේ නොපෙනී ගියා….

මගේ ජීවිතේ ගෙවුන තවත් අවිනිශ්චිත මිනිත්තු කීපයක් ගෙවිල ගියා.. යකඩ තහඩුවෙන් වට උන ඒ කන්ටේනර් කුටීරේ ඇතුලේ ඉඳං කිරි කිරි ගාල හුළඟට හෙළ වෙන ජනේලෙන් ඈත බලන් උන්න මට අන්තිමට ඔයාව දැකගන්න පුළුවන් උනා.ඔවු…. මුහුද පැත්තෙන් එන හුලන් පාරට එන හිරිපොදට මුවා වෙන්න ඔයා කුඩේ හරෝගෙන ආව හැටි මට තාම මතකයි.යාළුවො ටික පස්සෙන් වැටිලා ආවා.

උන් තුන් දෙනා පවු.අපි දෙන්න හින්ද අමු කට්ටක් කන්න වෙන බවනම් මට සුවර්.ආව විතරයි අර නිලධාරියා කඩන් පැන්න , ගනිල්ලා උබලගේ අයිඩින්ටි.අනේ අර අසරණ පුංචි කුමාරිට ඒ වෙද්දී අයිඩින්ටියක් නෑ.අනිත් හැමෝම එක්කම මාත් දික් කළා මගෙ ජාතික හැදුනුම්පත.හ්ම්ම්… තොපි… කියල බනින්න පටන් ගත්ත බැනිල්ල මට තාම මතක තිබුනත් මෙතන ලියන්න තරම් හිතක් නෑ.අන්තිමේදී අනිත් හැමෝගෙම ජාතික හැදුනුම්පත් ආපහු දුන්නත් මගෙ ID එක ආපහු දුන්නේ නෑ.තමුසේ දැන් ගිහින් මෙයාලව කෝච්චියට දාල ආපහු එනවා.මම ඉතුරු හරිය තමුසේ එක්ක බලාගන්නම්.ආයේ වචනයක්වත් කතා කරන්න මට ඉඩ ලැබුනේ නෑ.

පරණ පාර්ලිමේන්තුව පැත්තෙන් අපි හැමෝම පයින් ආව කොටුව පැත්තට.යකඩෙන් හදපු පාලමක් උඩදී මම මගෙ පුංචි කුමාරිට සමු දුන්නා.ඔයා දැන් යන්න නංගි.සමහර විට මට ආයෙත් පොලීසි යන්නත් වෙයි.ජීවිතේ ඔහොම තමයි.ඔයාට බෑ මං එනකල් කොටුවට වෙලා ඉන්න.කෝච්චියක් ආව ගමන් ගම්පහට ගිහින් ගෙදර යන්න.හරි… තේරුනාද..කඳුළු පිරුන ඇස් දෙක දිහා මට තවත් බලන් ඉන්න බෑ.මම ආපහු හැරුනා.ආයෙත් ආපු දුරම යන්න ඕනේ.

break,up,emotions,love,black,and,white,couple,sad-ad2512450c0bc889adf515e621aef1dd_h_large

කුෂාන්, ඔවු උබව මට අමතක නෑ මචන්.උබ තමා මම එපා කියද්දීත් බලෙන්ම මගෙ පස්සෙන් ආවේ.අතේ කිසිම දෙයක් නෑ.මගෙ බෑග්,අයිඩින්ටි ඔක්කොම අර කලින් කිව්ව කන්ටේනර් පෙට්ටියේ.පුළුවන් තරම් වේගෙන් ආයෙත් කුෂාන් එක්ක මම ආයෙත් ඒ කිට්ටුවට ආව.

මචන්,අරූ එන්න කිව්වේ මට විතරයිනේ.උබ පොඩ්ඩක් මේ හරියේ හිටපන් කියල මම ඌ ටත් සමු දුන්න.ආයෙත් අර කාලකන්නි යකඩ පෙට්ටිය ඇතුලට මම ගියා.එතකොට සාත්තර කියන මිනිහෙක්ව අල්ලගෙන.පවු ඒ මනුස්සයා..රාලහාමි රාලහාමි කිය කියා මොන මොනවද කියනවා.ටිකකින් ආපහු ගිය ඒ මනුස්සය ආපහු ආවේ ලෙමන් පෆ් බිස්කට් පැකට් එකකුත් අරගෙන.

ඒ වෙද්දිත් මගෙ බෑග් එකේ හැම අස්සක් මුල්ලක්ම බලල තිබුනේ.උදේ ලස්සනට හතරට නමල හාෆ් ශීට් එකක ලියල තිබුන ඒ ලියුම ඒ වෙනකොට ඒ නිලධාරියා අතේ.ඔවු…මට කලින් ඒක ඌ කියවල.මට එහෙම හිතුනා.කනවා මේ බිස්කට් එකක්.තමුසේ කාලද ඉන්නෙ.මේ තරම් දෙයක් කරපු මූ ගාව කොහෙන්ද මනුස්ස ගති ගුණ.මම එහෙම හිතුව.නෑ…මට දැන් කන්න බෑ.මාත් එක්ක ආව අනිත් කවුරුත් තාම කාල නෑ.එහෙම එකේ මට කන්න බෑ.

ඔහොම එක එක ප්‍රශ්න කිරීම් මැද්දේ පැයක් විතර ගත වෙන්න ඇති.නෝට් පොතේ ලියපු අපෙ විස්තර තියන කොලේ මට පේන්නම එලියට ගත්ත.දැන් තමුසෙට මොකද වෙන්න ඕනේ.තමුසෙට ගෙදර යන්න සල්ලි තියනවද?අනිත් අය ගියාද? බෑග් එකේ තිබුන සල්ලි ටික මූ දකින්න ඇති.වැඩිම උනොත් සීයේ කොළ දෙකක් තියෙන්න ඇති.ගෙදරින් දවසකට දුන්නේ රුපියල් සීයයි පන්ති යන්න.කන්න බොන්න.ඒක දැකලද කොහෙද …

හ්ම්ම් එහෙනම් මම දැන් මේ කොලේ අයින් කරනවා.තමුසේ පුළුවන් මොකක් හරි කරලා යනවා.මම දැනගත්ත මූ සල්ලි ඉල්ලන්නේ කියල.අහිංසක පොඩි උන් තව කී දෙන්නම් මෙහෙම අහු වෙලා ඇත්ද.මට එහෙම හිතුනා.මොනවා කරන්නද.තාමත් මාව කරකවල අත ඇරිය වගේ. අන්න අර ඈත පේන හට් එකෙන් ගෝල් ලීෆ් දෙකක් අරන් එනවා.පැය ගානක් රස්තියාදු උන මට අන්තිමට උනේ එහෙම එකෙක්ට සිගරට් අරන් දෙන්න.කොහොමෙන් හරි ඒ හැම දෙයක්ම ඉවර වෙලා ආපහු ආව කුෂාන් හිටපු තැනට.අනේ…. ඌ එතන නෑ………………..

මූ මොන දේවාලෙක ගිහින්ද.දැන් ඉතින් මේ කොළඹ ඌව කොහේ හොයන්නද.දැන් ඉතින් යමන්කෝ තනියම ගම්පහ කෝච්චියේ.මම ආයෙත් ඉස්ටේෂමට ආව.ටිකට් එකත් අරන් ඇතුලට යද්දී……….
අනේ මගෙ පුංචි කුමාරි බැංකුවක් උඩට වෙලා ඉන්නවා.පැය දෙකක් විතර ගත වෙලා ඉවරයි මේ වෙද්දී.අඩෝ මචන් බලපන්,උබ එනකල් යන්න බෑම කිව්ව.කොච්චි දෙකක් ගියා බං.අපිත් ගියේ නෑ.මේ කෙල්ලව මෙතන දාල යන්න බෑ බං.මට පුදුම දුකක් හිතුනා.බෝල ඇස් දෙකෙන් තාම මා දිහා බලන් ඉන්න ඒ අහිංසක සමනලී….

199480993

විනාඩියට දෙකට විස්තරේ කිව්ව මම , ඒ කුෂානය ආවද බං ආපහු…

නෑ යකෝ, උබ එක්කනේ ගියේ….
සික්, බලපන්… මාත් එක්ක ගියාට මම මග දාල ගියේ.. ආපහු ඇවිත් බලද්දී මූ නෑ.කොච්චියකුත් ආවා.අපි හැමෝම දැන් කලබල වෙලා.

එක පාරටම මූ ආවා.කොහෙන් ආවද කියල මටවත් දැන් මතක නෑ.හැබැයි ඇවිත් විස්තරේ කිව්ව හැටි මට තාම මතකයි.

“බලපන් , මම එතනට වෙලා ඉද්දි ආමි ජීප් එකක් ආවනේ.මගෙන් ඇහුව මොකද තනියම කරන්නේ කියල.මගෙ අතේ මුකුත් තිබ්බේ නෑනේ.තෙමෙන හින්ද උබලගේ බෑග් වලට දාලනේ තිබුනේ පොත්,පර්ස් ඔක්කොම.බලපන්, එතකො‍ට මම ත්‍රස්තවාදියා වගේ.මාව දාගත්ත ජීප් එකට.හොඳ වෙලාවට අපෙ ගෙවල් පැත්ත දන්න අයිය කෙනෙක් උන්න බං එතන.මගෙන් විස්තර අහ අහ හෙන දුර ගියා බං.අන්තිමට උන්ට මාව විස්වාසයි.බැස්සුවා කොහෙන්ද මන්ද තැනකින්.138 ක් ආව.මම එල්ලුනා බං……..”

ඔන්න ඔහොමයි වෙලා තිබුනේ.අනේ ඉතින් ඔය ඔක්කොම කරදර වලින් පස්සේ අපි ආයෙත් ආව ගම්පහට.ඒ වෙද්දීත් ගොඩක් පරක්කු වෙලා.ඉක්මනට බස් එකක් අල්ලගෙන ගොඩ වෙලා ගෙදර ආවේ හැම දුකක්ම හිතේ තියාගෙන.

ගෙදර ඇවිත් නිවී හැනහිල්ලේ බෑග් එක ඇදල බලද්දී ලස්සන අත් අකුරෙන් ලියාපු අර ලියුම තිබුනා.උදේ ඉඳං පෙරුම් පුරපු ඒ වචන ටික මගෙ හිතේ ගැඹුරේ ම තැන්පත් උනා.
එපා වෙන්න දෙන්න එපා
මට නුඹව
හිනා වෙන්න ආසයි මම
නුඹ ලඟම
පොළව අකීකරු උනාම
අහස වෙලා වැහි ඉහින්න
එපා දැවෙන ඉර වාගේ
රැස් විහිදවන්න
රළ පෙල යලි යලි හැපුනට
තරහ යන්නෙ නෑ වෙරළට
වෙරළට නෑවිත් ඒ රළ කොයිබද යන්නේ
නුඹටම හැර කාටද මේ හිත පෙන්නන්නේ
පුංචි අත් අකුරින් ලියුමේ අන්තිමට ඔය පද පේලි ටික ලියල තියනවා.තාමත්, ඔවු මේ දැනුත් මම ඔය කවිය දිහා බලාගෙන ඉන්නවා.වෙන පාටකින් ලියපු ඔය පද පේලි ටිකට මම තාමත් ආදරෙයි..ඔයා දන්නවද නංගි.ඔයා මට දුන්න 37 වෙනි ලියුම තමයි ඔය.

මහා වැස්සේ තෙමීගෙන කොළඹ ගැන මෙලෝ හසරක් දන්නේ නැතුව අන්තිමට වෙන පාරකින් යුද හමුදා රෝහල පැත්තෙන් ඇවිත් අර නම ලියන්න අමාරු වීදියෙන් බස් එකට ගොඩ වෙලා කොටුවට යනකල් ඩ්‍රයිවර් සීට් එක අල්ලගෙන පාර දිහා බලාගෙන ආව මම,

ආදරණීය තිශ්.

ප.ලි.
කෝ මේ සිහිනයා, ලියපිය හොඳ හිතින් මේකේ අනිත් ටික කියල කියපු හැමෝටම ;
ඔන්න මම ලිව්වා.තවම ඉවර නෑ.තව ගොඩක් දේවල් තියනවා ලියන්න.හැම දෙයක්ම ටික ටික කියන්නම්.