2012-05-23

හිතුවෙවත් නැති දවසක...


දිගු කලකට පසු ගම්පහ ගියෙමි. රාජකාරිය අවසන් කර බස් රථයක් කරා එන විට ගම්පහ අතිරේක පන්ති අවසන්ව ගැහැණු ලමෝ එක සීරුවට බස් නැවතුම කරා ඇදී එමින් සිටියහ. මමද යුහුසුලුව බස් රථයක් වෙත නැගගත්තේ අසුනක් ලබා ගන්නා අටියෙනි. අවාසනාවක මහත ඇන්ටි කෙනෙක් ප්‍රියකරු ගැහැනු ලමයෙකු ලඟන් ඉඳගත්තා පමණි. දැකුම් කලු යුවතියක් වූ ඈ ඇඳ සිටියේ දම් පැහැති සායක් සහ සුදු පැහැති කොටන් වලින් නිම කල බ්ලවුසයකි. එතනින් එහා ඇඳ සිටියේ කුමන වර්ගයේ ඒවාදැයි මා විනිශ්චය කරන්නට නොගියෙමි. තම බෑගය මදක් විවර කරගත් ඕ බෑගයේ තිබූ තම ජංගම දුරකථනය අතට ගන්නා ලදී.




 තම දකුණු අතට ගත් HTC ඇන්ඩ්ඩ්‍රොයිඩ් වර්ගයේ දුරකනයේ උඩ තිබූ බොත්තමක් එබූ ඈ නැවත තම සියුමැලි ඇඟලි ටච් සක්‍රීනයේ පහල කෙලවර සිට උඩ කෙලවරට ගෙන යමින් එය අන්ලොක් කරගන්නා අයුරු මා දිටිමි. වේලාව බලා එය නැවත බෑගයට රුවාගත් ඈ යම් කිසි ශාරීරික පීඩාවකින් පෙලෙන බව මා හට නිශ්චය විය.


මුලින්ම තම එක් අතක් හිස මත තබා ඇස් පියාගැනීමේ අසාර්ථක ප්‍රයත්නයක යෙදුන ඈ ඉන් පසුව ඉදිරි අසුන වෙත නැමී ඔලුව තබාගන්නට සමත් විය. අර මහත ඇන්ටී දෙසට ඇදී ගිය ඈ දෙස ඒ නපුරු ඇන්ටී නපුරු බැල්මක් හෙලන අයුරු ඇය නොදුටුවද මම දිටිමි. පෙනුමෙන් ඉතාමත් අහිංසක වූ ඈ කෙරේ මාගේ අනුකම්පාව යොමු විය. මා ඒ අසුනේ සිටියානම් මාගේ උරහිස උවද දීමට මැලි නොවෙමි. නමුත් මේ සියල්ල මම බලා සිටියෙමි. කෙසේ හෝ බස් රථය අවසානය කරා ආ පසු මා වෙනත් බසයකට ගොඩ වීමි. කුමක් හෝ හේතුවකට ඇයද මා ගොඩ වූ බසයට නැගුනීය.


ඇය දෙස නෙතු යොමා සිටි මා හට හදිසියේ ඇස ගැටුනේ බස් රථයට ගමන් ගාස්තුව දීමට ඈ විවර කල ඇගේ මුදල් පසුම්බියයි. ඇයගේ පුද්ගල ජාතික හැඳුනුම්පත පැහැදිලිව එහි එක් කොනක තිබූ අතර එහි අංකය ලෙස 93 න් පටන් ගෙන තවත් අකුරු 7ක් සහ V අකුර සඳහන් විය. ඇත්තෙන්ම පැහැපත් සහ මනා රූමත් යුවතියක වූ ඈ උසස් පෙල කරනා තවත් දියණියක් බව මට ප්‍රත්‍යක්ෂ විය.මා බසයෙන් බසිනා විටද මා දෙස අහිංසක දෑසින් බලා සිටින අයුරු මා දුටුවේ අවසානයේදීය.


ඊයේ දින සිදුවූ සත්‍ය කතාවකි.


තාර පාරේ තිබූ තඩි කලු ගලකට වැරෙන් පහරක් එල්ල කරමින් දකුණ පමණක් බලමින් පාර මාරු වූ මං - තිශ්...