2011-05-31

රැඳුනු නෙත් යුග අතර ඔබේ රුව ඇඳුනාවේ

ගවු ගණන් දුර ගෙවා
පැමිණි මගේ සිත
ආයෙමත් වරක් හුදකලා වෙලා......
සුන්දර මතකයන් තුල
අතරමං වූ මගේ සිත
තවමත් සොයන්නේ ඒ ලස්සන නෙතු යුගලයි
වැටහෙන්නේ නෑ ඒ කිමද කියා මට......
හිත රැඳී ඒ නෙත් යුග දැකීමට
මසිත මෙතරම් වෙහෙසෙන්නේ මන්දයැයි
මම නොදනිමි....
නමුදු,
රැඳුනු නෙත් යුග අතර
ඇඳුනු ඔබේ රුව
දැකීම එකම පැතුමයි මාගේ....
අදටත් හෙටටත් මතුවටත් .......

۩๑ මලී ۩

දෙහදක පැතුම් : හීනයක ඇරඹුම 2

හීනයක ඇරඹුම 1 මෙතනින්


මගේ ගෙවුන ජීවිතේ දිගම සතියත් ටිකෙන් ටික ගෙවිල ගිහින් හිත ආසාවෙන් බලාගෙන හිටපු සිකුරාදා උදා උනා..හරියටම දවස 2005.09.09.එදත් ඉස්කෝලේ දවසක්.ඉක්මනට 1.30 වෙන්නෙත් නෑ.කොහොමෙන් කොහොමෙන් හරි ඉස්කෝලෙත් ඇරුනා.මං පයින්ම ඉස්කෝලේ ඉඳං ගම්පහ පරණ ගාඩර් එක ළඟටම ආව.මොකද්දෝ හේතුවකට මං එතන බිම එලාගෙන ලේන්සු විකුනපු කෙනෙක්ගෙන් ලා තැඹිලි පාට ලේන්සුවක් ගත්ත රුපියල්  20 ක් දීල.(ඔය ලේන්සුව 2008 අවුරුද්ද වෙනකල් මගේ ළඟ තිබුන)

1.45 වෙද්දී නංගි යන වෑන් එක DSI එක ලඟින් යනවා.මං ඉක්මනට එතනට දුවගෙන ආවේ අද නංගිය ඉස්කෝලේ ඇවිත්ද කියල බලාගන්න.ඔවු එයා ඇවිල්ල..වෑන් එකේ පිටිපස්සේ සීට් එකේ අයිනට වෙලා මං දිහා බලාගෙන ඒ පුංචි සුරංගනාවී පාවෙලා ගියා.

තව පැයයි තියන්නේ මට..
මාත් පුළුවන් තරම් ඉක්මනට එදා ගිය බස් ස්ටෑන්ඩ් එකට ආව.

එදානම් හරියටම 3.00 වෙද්දී නංගි බස් එකට ආව.අද පරක්කුයි වගේ.ඒ පුංචි කුමාරි පොරොන්දුව කඩ කරයිද.. අද එන එකක් නැද්ද... මං වෙනම ලෝකෙක..පොඩි නිල් පාට රෝස බස් එකක් ඇවිත් බස් ස්ටෑන්ඩ් එකේ නවත්තනවා මං බලාගන.මං මෙච්චර වෙලා බලාගෙන උන්න මගේ බලාපොරොත්තුව එනවා.. මං ඉක්මනට බස් එකට ගොඩ උනා.එයාම ඇවිත් මං ලගින්ම වාඩි උනා.අදනම් එදා හඩ්ඩා වගේ නෙමෙයි මාත්..යන්තං බස් එකේ එද්දී ජනේලයක් ලඟට වෙලා හුලන් වැදී වැදී ආව හින්ද දාඩිය දාලත් නෑ.
කව්රුවත් සපත්තු දෙක පෑගුවේත් නෑනේ.

ඉතින්..... කොහොමද?
මං එන්න පරක්කු උනාද?
අයියෝ නෑ ..
ඔයා ගොඩක් වෙලාද ඇවිත්..
නෑ නංගි මං 3.00 ට ආවේ..
හ්ම්ම්....

එයත් කතාවක් නෑ.. මාත් කතාවක් නෑ.. මං බස් එකේ ඉස්සරහ සීට් එකත් එක්ක පරණ තරහක් තිබිලද කොහෙද.හොඳට කෑලි ගලෝනවා....

ඔයා මොකද නංගි හිතුවේ.. තීරණයක්‌ ගත්තද?
හරි අයියේ මං මේ අහන හැම ප්‍රශ්නෙකටම ඔයා කෙලින් උත්තර දෙන්න ඕනේ.. හොඳද..
හා...
ඔයා O/L හොඳට කරගන්නවා නේද? මාව ප්‍රශ්නයක් කරගන්නේ නෑ නේද..මට ඔයා A කීයක්‌ අරන් පෙන්නනවද?
මං පුළුවන් තරම් හොඳට O/L කරගන්නම් නංගි.. උපරිම A හයක් අරගත්තොත් ඇති නේද??
මදි මදි.. අනිවාර්යෙන්ම A අටක් අරන් පෙන්නන්න ඕනේ.. හාද?
හා.....
ඊළඟට A/L  පුළුවන් තරම් හොඳට කරගෙන පාස් වෙනවා නේද?
තවම O/L කරලත් නෑනේ නංගි.මං මොන දේ කලත් හොඳට කරන්නම්..
හරි.. කවද හරි ගෙවල් වලින් කැමති උනේ නැත්තන් මාව තනි කරන්නේ නෑ නේද අයිය?
කවදාවත් නෑ නංගි.. කවදාවත් නෑ..
දැන් අපි බහින්නත් ලඟයි නේද නංගි...
මට බහින තැන නෙමෙයි අයියේ ප්‍රශ්නේ.. ඔයා මං අහන දේට හරි උත්තර දෙනකල් මේ බස් එක නවත්තන තැනට යනකල් හරි මං එනවා.

ඔයිට වඩා තව ප්‍රශ්න ගොඩක් ඇහුව.. මතකේ ඉතුරු වෙලා තියන්නේ ඔය ටික..
දැන් අපි බහින්නත් ලඟයි....

 දැන්වත් මං එදා අහපු දේට උත්තරයක්‌ දෙන්න නංගි...
උන හැම පොරොන්දුවක්ම මතකයි නේද අයියට...
හ්ම්ම්...
එහෙනම් එකට උත්තරේ හා...
පන්තියේ කාටවත් කියන්න එපා අයියේ..
නෑ මගේ නංගි මං කාටවත් කියන්නේ නෑ....

මගේ ජීවිතේ මං විඳපු ඒ සුන්දර ආදර කතාව මේ ලෙසට ඇරඹුණු වගයි !!!

ප.ලි.
නංගියාට මං O/L වලට A – 6 ක් ගන්නවා කිව්වට එයා ඉල්ලුවේ A – 8 ක්.ඒත් මං එයාගේ බලාපොරොත්තුව ගොඩාක් කඩ කලේ නෑ.මට පුළුවන් උනා කොහොම හරි A – 7 ක් ගන්න.අනිත් ඒවා
B – 1,C – 2 යි.එයාට පුළුවන් උනේ A - 6 ක් අරගන්න විතරයි..ඒකට හේතුවත් මං වෙන්න ඇති කියල පස්සේ කාලෙක මට හිතුන.
ඊට පස්සේ මං උසස් පෙලට ගණිතය තෝරගත්ත.නංගි ජීව විද්‍යාව තෝරගත්ත.මගේ ජීවිතේ ගොඩක් දේවල් උනේ ඔය කාලේ.කාලයක් යද්දි මගේ නංගිට වුන දෙවනි පොරොන්දුව හීනයක්‌ උනා.තුන් වෙනි පොරොන්දුව මට කඩ කරන්න ලැබුනේ නෑ.. ඒත්.....හ්ම්ම් අපි ඒක පස්සේ කතා කරමු..
මට වැරදුන තැන් හැම දෙයක්ම මං කියන්නම්. 
අද ගොඩක් ලිවුවා කියලයි මට හිතෙන්නේ.. අපේ ආදර කතාව දැන් පටන් අරන් තියන්නේ. ලියන්න තියන පුංචි පුංචි ආදරණීය කතා ගොඩයි..ඒ හැම දෙයක්ම ඉස්සරහට ආදරණීය සිහින ඔයාලගේම මේ පිටුවේ ලියවෙයි..

එදා හිතේ හීන ගොඩක් තියාගෙන ඔයාගේ ආදරේ දිනපු මම,
ආදරණීය තිශ්.

2011-05-28

සිත අද්දර ඉකි බිඳුම



ආයෙමත් වරක් හුදෙකලා වූ මගෙ සිත් අහසට
සිකුරු තරුවක් වෙලාවත් ඔයා කවදාවත්ම 
පායන්නෑ කියා මම හොඳින් දන්නවා....
ඒත් මම මගෙ සිත තාමත් රවට්ටනවා
ඔයා කවදාහරි මගේ සිතට නැවත ඒවි කියා......
ඒ සුන්දර මතකය තුල මගේ සිත අතරමං වෙලා
තාමත් ඔබේ සුවඳ සොයනවා........
සඳ සෙවනේ තරු ගැනලා, ඒ තරු ගානට පැතුමන් පුරලා
ඔබ මෙලෙස මා අතහැර දමයි කියා මම නොසිතුවෙමි.....
මගේ ලඟ සිටි අහිංසක තරුව හිටි හැටියේම අඳුරෙන්
වැසී ගියා වගේ ලෝකයෙන් දුරස් වුනේ මන්ද
කියා මම තවමත් නොදනිමි.......
යලි කෙදිනකවත් වෙනදා ලෙස දකින්න නැති
නුඹෙන් හිස් වුනු මගේ ලෝකය
හරියට තරු නොමැති පාළු අහස වගෙයි......
රැල්ල කොතෙකුත් පැමිණ වෙරල සිප හැර දමා ගියත්
වෙරල හැමදාමත් රැල්ලට ආදරෙයි.....
ඔබ නැවතත් මගේ ජීවිතයට රැල්ලක් නොවන ලෙස ඉල්ලමි මම
නුඹ නොමැති සොවින් හඬන මගේ සිත සඟවාගෙන ජීවත් වීම
මගේ එකම ප්‍රාර්ථනාව වේවි කියා කවදාවත් සිතුවේ නෑ මම....
එනමුදු සැමදා සියලු පැතුම් වල ජීවත් වූ නුඹ
අදටත් මගේ ප්‍රාර්ථනය ඔබය....
මගේ ජීවිතයට එදා මෙන් අදත්
උදා වූ රළ නුඹය....
 

හද සැලුනා නෙතු හඳුනා........
ඔබ ගැන දැනගත් විට මා සිතුවිලි හැඬුවා.......
۩මලී ۩

නැවුම් බලාපොරොත්තුවක් : හීනයක ඇරඹුම 1

ඔය වෙනකොට 2005 අවුරුද්දේ අන්තිම කාලේ. O/L විභාගෙත් ලඟ ලඟ එනවා.කාලයක් හිතේ තද කරන් හිටිය ආදරේ එන්න එන්නම වැඩි වෙනවා.ඒ පුංචි සුරංගනාවී මගේ හිතට පුදුම වදයක්...
‘මචං උඹ කෙල්ලගෙන් අහනවද නැද්ද?’ ඔය මං අර කිව්ව කොළඹ ප්‍රසිද්ධ පාසලේ බෞද්ධ සංගමේ ලේඛම් මහත්තය.මගේ හිතේ තියන ආදරේ කියාගන්න බෑ.ඒ ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්නත් බයයි බං.උඹලනම් කියයි.

වැඩේ හරියන්නේ නෑ බං, උඹ අහන්නෙත් නෑ.අපි අහල දෙනවට උඹ කැමතිත් නෑ.ඔහොම බලාගෙන හිටපන් ලඟදිම වෙන එකෙක් උඹට කලින් ඉස්සර වෙයි.ලියපන් ලියුමක්..ලියල දීපන්..අපි කෙල්ලට දෙන්නම්.
හ්ම්ම්..... එහෙමවත් කරලා බලමු...

ඊලග සතියේ ගොඩක් මහන්සි වෙලා එක්සයිස් පොතක එක පිටුවක් පිරෙන්න හිතේ තිබුන ආදරේ ලිව්ව..ලියල ලියල ළඟ තියාගෙන ඉඳල ඊළඟ බදාදා දවසේ පන්තියට අරන් ගියා.ජීවිතේ පලවෙනි වතාවට ආදරයක් හින්ද මම ගෑනු ළමයෙක්ට බය වෙලා.ලගට යන්නත් බයයි,මුණ දිහා බලන්නත් බයයි..වැඩේ හරියන්නෙම නෑ.අනේ ඉතින් අද වෙනකොට නැවක රස්සාවක් කරන මගේම ඉස්කෝලේ යාලුවෙක් වැඩේට ඉදිරිපත් උනා.

ලා නිල් පාට ගවුමක්  ඇඳන් ඇවිත් හිටිය ඒ පුංචි සුරංගනාවී එදා වෙනදාටත් වඩා ලස්සනට මට පෙනුන.ඉතින් මගෙ යාළුවා එයා ලගට ගිහින් ආපහු එන හැටි මං ඈතට වෙලා බලාගෙන හිටිය.

වැඩක් නෑ මචං, කෙල්ල කියනවා එයාට කියන්න දෙයක් තියනවනම් කෙලින්ම ඇවිත් එයාගේ මුණටම කියන්නලු.කාගේවත් අතේ ලියල එවන්න එපාලු.අසරණ තිශ් තවත් අසරණ වෙන්නේ ඔන්න ඔතනදි.හරි සුදු නංගි මං ඔයත් එක්ක කතා කරන්නම්...

සිකුරාදා දවසක්... උදේ ඉදන් ඉස්කෝලේ සෙල්ලම් කළා..ටීචර්ලා ඇවිත් හිටියේ නෑ මට මතක විදියට.ක්‍රිකට් ගහල බොලේ ඉස්කෝලෙන් එහා වත්තටත් ගියා.මම තමයි තාප්පෙන් පැනල බෝලෙත් අරන් ආවෙ.උඹ බය වෙන්න එපා මචං..කෙල්ල උඹේ ඇඟට කඩා පනින්නෙ නෑනේ.උඹ හිමීට කියල දාපන්..නිසලගේ වචනෙත් ඇති එදා මට.


හවස 3.00 වෙද්දී මං කොහොම හරි බස් ස්ටෑන්ඩ් එකට ආව.තාත්ත එක්ක බස් ඒක ලඟට ආව ඒ පුංචි සුරංගනාවී හිමීට බස් එකට ගොඩ උනා.අන්තිම සීට් එකට ඉස්සරහ සීට් එකේ අයිනට වෙලා ඉඳගෙන ඉද්දි මාත් එතනින් ගිහින් වාඩි උනා.එයා School Van එකේ ගෙදර එන නිසා කලින් එනව.කොහොම හරි එදා නාල.
තෙත කෙස් අගින් දිය බින්දු බේරෙනවා.මිහිරි ඔඩික්ලෝන් සුවදක් ඇවිත් මාව වට කරගෙන.මම සෙල්ලම් කරපු ඉස්කෝලේ ඇඳුම පිටින්.
හිමීට මං මාවම ඉඹල බැලුව.අව්ලක් නෑ වගේ...


දැන් මොනවද කියන්න තියන්නේ..  නංගි කටහඬ අවදි කළා..
අද ඔයා ගොඩාක් ලස්සනයි.... 
හ්ම්ම් එච්චරද...
නෑ.. තව දේවල් තියනව.. 
ඉතින් කියන්න මං අහගෙන ඉන්නේ..

එදා ඒ කියපු දේවල් අදටත් මට මතක නෑ මගෙ යාලුවනේ.එක දෙයක් ඇරෙන්න.බස් එක පන්තිය ලගට ටිකෙන් ටික කිට්ටු වෙනවා.

එදා අර ලියුමේ මොනවද ලියල තිබුනේ.... එයා අහනවා.

දැන් කොහොමද දෙයියනේ මං එකේ තිබුන දේවල් කියන්නේ.ඒක එදාම ගෙදර යද්දී කෑලි කෑලි වලට ඉරල වෙලේ බෝක්කුව ගාවින් වතුරට දැම්ම කියල මං කියන්නේ කොහොමද?
නංගි, එකේ තිබුනේ මං ඔයාට කැමතියි කිව්වොත් ඔයා මොකද කියන්නේ කියල..
එතනින් එහාට මාව ගොළු උනා...

හරි... දැන් බහින්නත් ලගයිනෙ තිශ්.. ඔයා මට සතියක් කල් දෙන්න.මං ඔයාට හරියටම සතියකින් කියන්නම්..

ඔයා වෙනුවෙන් සතියක් විතරක් නෙමෙයි මුළු ජීවිත කාලෙම උනත් බලාගෙන ඉන්න හීන මැවුව මම,
ආදරණීය තිශ්.ha

2011-05-26

කතරට දිය දෝතක් විය ඔබ

බස් එකත් දාගෙන මේල් ඉන්බොෂ් එක බලාගෙන ඉද්දි එක පාරටම මේල් එකක් ආවා..Sender ගෙ නම තිබුනේ හිස් අහස කියල.මාව උඩ ගියා.. කාලෙක ඉදන් මං සඳරු සෑර් ගෙ හිස් අහස කියවන්නේ.අනික තමන් ලියපු පොස්ට් එකක් ලංකාවේ ප්‍රසිද්ධ පත්තරේක පවා පල උන බ්ලොග් ප්‍රවීනයෙක් ඇවිත් වචනයක් හරි කියල ගියොත් හිතට දැනෙන සතුට ආයේ විස්තර කරන්න ඕනේ නෑනේ ..ඒ වගේමයි අද උදේ ඉඳං හසී, සිතුවිලි නිහඬයි වගේ බ්ලොග් අවකාශේ ප්‍රසිද්ධ අයත් ඇවිත් තිබුනා.මේ හැම දෙකටම හේතු උනේ අද මාරයා අයිය දාපු පොස්ට් එක. ඒකෙන් අපි වගේ හැංගිලා හිටපු බ්ලොග්කරුවන්ට ලොකු උදව්වක් උනා.ඉතින් ඔබට බෙහෙවින් පින් මාර අයියේ.

මාස හතරක්.....කිසිම වචනයක්වත් ලියන්නේ නැතුව නවත්තල තිබුන මගෙ බ්ලොග් කෙරුවාව ආයෙත් අද ඉදන් පණ ලබනවා.ලස්සන කතාවක් ගලපාගෙන ඇවිත් එක පාරටම නවත්තන්න උනේ මගෙ ජීවිතේ වෙච්ච හැල හැප්පීම් එක්ක නිදහසේ වචනයක්වත් ලියාගන්න හිත හදාගන්න බැරි උන නිසා.

මං මුලින්ම බ්ලොග් ලියන්න පටන් ගත්ත දවස් වල අපේ ඔෆීසියේ කව්රුත් බස් පැද්දේ වත් බ්ලොග් ලිව්වෙවත් නෑ. ඒත් දැන් මට පාලු නෑ.නචිය ඉන්න හින්ද. බස් ඒකට මාව දාල දීල කස්ටියට මාව අදුන්නලා දුන්න හින්ද මගෙ ගමන ආයේ පටන් ගන්න මේ මොහොතේ නචියවත් අමතක කරලා බෑ.

දුමී අයිය... මං මගෙ මුල්ම පොස්ට් එකෙන් කිව්වා වගේ මගෙ බ්ලොග් ලිවීමේ කලාවට පාර කිව්වේ දුමී අයියගේ කට කහන කතා බ්ලොග් එක.ඉතින් එයාගෙ 50 වැනි බ්ලොග් පොස්ට් එකට මං සුභ පතල Comment එකක් දැම්ම.මං දැනගෙන හිටිය කොයි වෙලේ හරි දුමී අයිය මේ හැම එකකටම Reply කරන බව.ඔන්න අද හවස වැඩේ පටන් ගත්ත.මාත් ඒ පිටුවටම වෙලා Refresh කර කර හිටිය මගෙ Comment එකට මොනවා කියයිද කියල.මං කවියක් දාල තිබුන නිසා දුමී අයියත් කවියෙන්ම උත්තරේ දීල තිබුන.ඒ ගැනත් ගොඩක් සතුටුයි.

ඔය හැම දෙයක්ම අතරේ මං ලියන එක නවත්තල තිබුන කාලේ මට වද දීපු තවත් චරිතයක් හිටිය.නිපුනි නංගි... ඔව් ඔයාවත් අමතක කලේ නෑ මං.ආයේ අලුත් එකක් ලියන්නේ කවද්ද, අර කතාවේ ඉතුරු ටික ලියන්නකෝ..කියා කියා ගුගල් සංවාද වලදී නිතරම මට කියපු අනුත්තරා නංගි..ඔන්න ආයෙත් තිශ් අයිය නවත්තපු තැනින් කතාව පටන් ගන්න යන්නේ...

තවත් කෙනෙක් අමතක නොකර බෑ.. වැපා.. ඊයේ පෙරේද දවසක උබ කව්ද බං කියල අහල මාව අදුරගෙන මාව ගොඩක් දිරිමත් කළා ආයෙමත් ලියපන් මචං.අපි බස් එකෙත් පොඩි පබ්ලිසිටි පාරක් දෙමුයි කියල.ඉතින් වැප් නිශාන්ත අයියවත් මේ මොහොතේ මතක් වෙනවා.

හරි එහෙනම් , ජීවිතේ මහා පුදුමාකාරයි....මගෙ කතාව ඊටත් වඩා පුදුමාකාරයි... ආයෙමත් මාව කම්මැලි වෙන එකක් නෑ ආදරණීය සිහින බ්ලොග් එක ඇතුලෙ.පුළුවන් තරම් ඉක්මනට කියන්න ගිය කතාව ටිකෙන් ටික කියන්නම්.ඊට පස්සේ මං හිතාගෙන ඉන්නේ මගෙ ජීවිතේ මට මුණ ගැසුන අපූරු චරිත ගැන වෙන වෙනම ලියන්න. දැන් මං දන්නවා මං මේ ලියන වචන කව්රු කියෙව්වේ නැතත් ඔයා කියවනවා කියල.මට ඒ ටික ඇති.එහෙනම් මගෙ කතාව හෙට ඉදන් ආයෙත් ආදරණීය සිහින බ්ලොග් එක ඔස්සේ අරන් එන්නම්.

අර ඉස්සර හීන මවපු පුංචි කොලු පැටිය තාමත් ඉන්නවා..,
ආදරණීය තිශ්.