Showing posts with label ๑۩๑ මලී ๑۩๑. Show all posts
Showing posts with label ๑۩๑ මලී ๑۩๑. Show all posts

2011-06-19

හිතුවක්කාර පෙම්බරයා‍ණෙනි

හිතුවක්කාර පෙම්බරයා‍ණෙනි,
අතර මා ඉගිලෙන්න
මේ විසල් අහස් කුස නිදහස්ය නුඹේ නමට........
නුඹේ දෑතේ වෙලී ගත කල 
ඒ සුන්දර සමය
නිමා විය අදින් පසුවට.........
සොදුරු මතකයක්ම පමණක්ම විය
එය මට............
සුන්දරයි කියා සිතු සියළු දේ නිම වෙද්දී
හදට නැගෙන වේදනාව කෙසේ පවසම්ද නුඹ හට.......
මන්ද යත් නොමැති හෙයිනි නුඹ 
දැන් මා ලගට.......
නමුත්
ඇසීමට එකදු ප්‍රශ්ණයකි මගේ සිත තුල
සිනා සෙන්න කියා දුන් ඔය නීල නෙතු වලින්
මා හට හඩන්නට කදුලු උරුම කලේ
මන්ද කියාය............

๑۩๑ මලී ๑۩๑

2011-05-31

රැඳුනු නෙත් යුග අතර ඔබේ රුව ඇඳුනාවේ

ගවු ගණන් දුර ගෙවා
පැමිණි මගේ සිත
ආයෙමත් වරක් හුදකලා වෙලා......
සුන්දර මතකයන් තුල
අතරමං වූ මගේ සිත
තවමත් සොයන්නේ ඒ ලස්සන නෙතු යුගලයි
වැටහෙන්නේ නෑ ඒ කිමද කියා මට......
හිත රැඳී ඒ නෙත් යුග දැකීමට
මසිත මෙතරම් වෙහෙසෙන්නේ මන්දයැයි
මම නොදනිමි....
නමුදු,
රැඳුනු නෙත් යුග අතර
ඇඳුනු ඔබේ රුව
දැකීම එකම පැතුමයි මාගේ....
අදටත් හෙටටත් මතුවටත් .......

۩๑ මලී ۩

2011-05-28

සිත අද්දර ඉකි බිඳුම



ආයෙමත් වරක් හුදෙකලා වූ මගෙ සිත් අහසට
සිකුරු තරුවක් වෙලාවත් ඔයා කවදාවත්ම 
පායන්නෑ කියා මම හොඳින් දන්නවා....
ඒත් මම මගෙ සිත තාමත් රවට්ටනවා
ඔයා කවදාහරි මගේ සිතට නැවත ඒවි කියා......
ඒ සුන්දර මතකය තුල මගේ සිත අතරමං වෙලා
තාමත් ඔබේ සුවඳ සොයනවා........
සඳ සෙවනේ තරු ගැනලා, ඒ තරු ගානට පැතුමන් පුරලා
ඔබ මෙලෙස මා අතහැර දමයි කියා මම නොසිතුවෙමි.....
මගේ ලඟ සිටි අහිංසක තරුව හිටි හැටියේම අඳුරෙන්
වැසී ගියා වගේ ලෝකයෙන් දුරස් වුනේ මන්ද
කියා මම තවමත් නොදනිමි.......
යලි කෙදිනකවත් වෙනදා ලෙස දකින්න නැති
නුඹෙන් හිස් වුනු මගේ ලෝකය
හරියට තරු නොමැති පාළු අහස වගෙයි......
රැල්ල කොතෙකුත් පැමිණ වෙරල සිප හැර දමා ගියත්
වෙරල හැමදාමත් රැල්ලට ආදරෙයි.....
ඔබ නැවතත් මගේ ජීවිතයට රැල්ලක් නොවන ලෙස ඉල්ලමි මම
නුඹ නොමැති සොවින් හඬන මගේ සිත සඟවාගෙන ජීවත් වීම
මගේ එකම ප්‍රාර්ථනාව වේවි කියා කවදාවත් සිතුවේ නෑ මම....
එනමුදු සැමදා සියලු පැතුම් වල ජීවත් වූ නුඹ
අදටත් මගේ ප්‍රාර්ථනය ඔබය....
මගේ ජීවිතයට එදා මෙන් අදත්
උදා වූ රළ නුඹය....
 

හද සැලුනා නෙතු හඳුනා........
ඔබ ගැන දැනගත් විට මා සිතුවිලි හැඬුවා.......
۩මලී ۩