2011-01-02

ආරම්භයක් පමණි..

කොහෙන්ද මම පටන් ගන්න ඕනේ..
දැන් තමයි ඉතින් තේරෙන්නේ ලස්සන Blog එකක් ලියන එකත් ගොඩක් අමාරු වැඩක් බව..කමක් නෑ.. දැන් ඉතින් මහා ලොකුවට නමකුත් දාගෙන ඉවරයිනේ..
යාලුවනේ.. නම දැම්මේ ආදරණීය සිහින කියල..
එකට හේතුවක් තියනවා.. ආදරේ කරන හැම කෙනෙක්ම ලොකු හීන ගොඩක් හිතේ පුරවාගෙන ඉන්නවා..
ඒ මවන හැම හීනයක්ම ගොඩාක් සුන්දරයි..ගොඩක් අහිංසකයි..
හීන ගැන හැම දෙයක්ම මගේ ඊලග Post වලින් කියන්නම්..
මම මුලින්ම Blog එකකට කියල කියෙව්වේ අපේ දුමී අයියගේ කට කහන කතා Blog එක...
මුලින්ම හම්බ උන දවසේ පැය දෙක තුනක් අරන් හිතට වදින හැම Post එකක්ම කියවල බැලුව..
ඒ දැනට සති තුනකට කලින්.. එතකොට තමයි තේරුනේ යකෝ ලංකාවේ පත්තර කාරයන්ට වඩා හොදට ගලපලා කරලා ලියන්න පුළුවන් මිනිස්සු කොච්චර ඉන්නවද කියල..
ඉතින් අද ඉදන් පටන් ගන්න මගේ Blog කෙරුවාව මට පුළුවන් කාලයක් මං කරගෙන යන්නම්..සමහර විට මම ලියන කලාව ටික කාලයක් යනකල් ලස්සන වෙන එකක් නෑ..

ඉතින් මුලින්ම ලියපු මේ වචන ටික කී දෙනෙක් කියවයිද කියල මම දන්නේ නෑ..එත් මම Title එකට දැම්මේ ආරම්භයක් පමණි කියල..
අවුරුදු හයක ලස්සන අතීතයක කවදාවත් අමතක නොවෙන ලස්සනම ලස්සන දවස් එකින් එක ගලපලා මම ලියන්න හිතේ තියාගෙන ඉන්නවා..
අද ඉදන් පාලුවෙන් තනියම කල්පනා කර කර හිටපු ජිවිතේ වෙනස් වෙලා ඒ හැම දෙයක්ම Blog එකක ලියවෙනවා..
සිංහල බ්ලොග් කලාවේ විශිෂ්ටයෝ මට දන්නේ නැති දේවල් කියල දෙයි කියල මං විශ්වාස කරනවා..

ඉතින් හෙට තමයි දවස් දෙකකට පස්සේ අයෙත් Office එකට යන්නේ..හෙට දවසේ කල්පනා කරලා හවසට ගෙදර ඇවිත් ඒ හීනේ සිංහල බ්ලොග් අවකාශයේ දිග හරින්න බලාපොරොත්තුවෙන් මගේ හා හා පුර කියල ලියපු මුල්ම Blog Post එක මේ විදියට අවසාන කරන්නම්..

හීන මවන මම..

7 Comments:

Uditha said...

mata num godak dewal hithenawa ath a okkoma methana type karanna giyothin mage comment eka blog post ekak wenawa. ithin ketiyen eth lunu abul athiwa kiyannam.

Ela Ela Ela Elaaaaaaaaaaaaaaaaaaa.....

ohoma yan ohoma yan....

Anonymous said...

සිංහල බ්ලොග් කලාවේ දිගු දුරක් යාමට මගෙන් ඔබට සුබපැතුම් !!!

Anonymous said...

maxxxa

තිශ් said...

@ Uditha :
ගොඩාක් සතුටු වෙනවා මේ Comment එක ගැන..මොකද මට අමතක උනා කව්ද මට මුලින්ම Blog කලාව අදුන්නලා දුන්නේ කියන්න.ඇත්තටම උදිත ඔබ තමයි මට සිංහල Blog එකක් මුලින්ම පෙන්නුවේ..
ඔබ ගැනනම් කියන්න ගොඩාක් දේවල් තියනවා..ඒවා මම වෙනම Post එකකින් ලියන්න බලාපොරොත්තු වෙනවා..
අන්තිමට මං මෙහෙම කියන්නම්... "How Come Man?????"

Malinda Malshan said...

මමත් හැමදාම අතීතය දිහා අපහු හැරිලා බලන්න හදනවා ඒත් ඒ හැම වෙලාවකම හිත කියන්නේ එහෙම බලන්න එපා කියල.. මම දවසක් ඇහුව හිතින් අයි එහෙම කියන්නේ කියල දන්නවද මොකක්ද කිව්වේ කියල ? "දැනෙන දුක දරා ගන්න පුලුවනම් විතරක් හැරිලා බලන්නලු.. හීන දකින ඔයත් එක්ක එකතු වෙලා බලමු කොතන වැරදුන හින්දද අපිට ඒ ආ .. ... ය හීනයක් උනේ කියල ...

Anonymous said...

good start wish u all the best machun........

Banuka said...

අඩෝ මාරම සිරා....පිස්සු හැදෙ...කියවනකොට විහිළුවකටවත් බෝරින්ග් වෙන්නේ නෙහ බන්...දිගටම මාරම රසවත්...:):)

Post a Comment