2011-01-03

සුන්දර හීනයක ඇරඹුම

අද 2011-01-03
අලුත් අවුරුද්දක මුල්ම රාජකාරි දවස.උදේම Office එකට දුවගෙන ගියේ ගිය අවුරුද්දේ වගේම කැවුම්,කිරිබත්,කොකිස් එක්ක Calton එකෙන් ගෙනාව හොඳ කේක්‌ කෑල්ලක් කන්න ලැබෙන බව දන්නා හින්දා..ඔන්න ඉතින් උදේම කොඩි ගහ යටට වෙලා නමෝ නමෝ මාතා කියල සෙට් එකම ගියා වැඩේ පටා..න් ගන්න.අපෝ එතන එක කෙලියයි.කොහොම හරි මාත් හීනෙන් වගේ මෙසේ ලගට කිට්ටු වෙලා අනන් මනං ටිකක් ප්ලේටේ එකට එකතු කරගත්ත.මෙන්න බොලේ අපේ උදිතයත් ඇවිත් අලුත් සපත්තු දෙකක් එහෙම දාගෙන.එයා  ඉතින් උදේ පාන්දරම මලක් කඩාගත්තු ගමන්මයි.කොහේ කියන්නද ඉතින් ඊයේ මං බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත කියල.සෙල්ලම් ටික ඉවර වෙලා ආයෙත් කිට්ටු උනා පුරුදු Table එකට.ඉතින් දවල් වෙන්න කලින් Blog  එකට පොඩි Publicity පාරක් දෙන්න ඕනේ හින්ද මූනුපොතේ Online හිටපු යාළුවො ටිකට  Link එක යැව්වා.අපේ පැංචා මල්ලි තමයි ඕන් මගේ මුල්ම Follower උනේ.පැංචා මල්ලි ගැනත් වෙනම Post එකක් ලියන්න පුළුවන් වෙයි මගෙ හිතේ.

ඊයේ මං මගෙ Post එකෙන් කිව්වනේ අවුරුදු හයක ලස්සන හීනයක් මගෙ Blog එකෙන් ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනව කියල.ඉතින් දැන් මගෙ යාළුවො තරහ වෙන්න එපා මොනවද මේ මැන්ටලේ කියවන්නේ කියල.ලියන කලාව තව ටිකක් හුරු කරගන්න ඕනේ.ඔන්න අපේ Hornet මලින්දත් මට උදව් කරන්නම් කියල කිව්වා ඕන් මූනුපොතේ Chat එකක් දාගෙන ඉද්දි.අවංකවම සතුටු වෙනව මලින්ද උඹ වචනෙකින් හරි මගෙ හිත තවත් දිරිමත් කලාට.මං දන්නවා මට වගේම උඹටත් හීන ගැනනම් ලියන්න ගොඩක් දේවල්  තියනව කියල.මං වගේම ජීවිතේ ගොඩාක් හීන දැකපු කෙනෙක් උඹ.ඒ දේවල් පසුවට කියන්න ඉතුරු කරගන්නම්.මලින්දගෙන් අවසරය ලැබුනොත් ඒ කතාවත් මං ඔයාල එක්ක බෙදාගන්නම්.

දැනට මගෙ Blog එක කියවන්නේ මාව ඇත්තටම දන්නා අය හින්ද ආයෙත් මං ගැන කියන්න ඕනේ නැති වෙයි.ඒත් ඔය හැමෝම නොදන්නා මගෙ හීන කතාව ඇරඹෙන්නේ 2004 අවුරුද්දේ.ආයෙත් පුලුවන්නම් ඒ ජීවිතේට යන්න ඇත්තටම.ඒත් එක හීනයක් විතරයි කියල මම හොඳට දන්නවා.ඉතින් කතාව මෙහෙමයි.O/L කාලේ කියන්නේ අපේ ජිවිතේ පිස්සුම නටන කාලයක්නෙ.මොන කෙලි කලත් අන්තිම මාස දෙක තුනේ වැඩ ටික කරගත්තොත් කොහොම හරි වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියල අපි දන්නවනේ.(ඒක මටනම් අදාළ උනා,ඔයාලට කොහොම අදාළ වෙනවද මම දන්නේ නෑ).හැබැයි ඉතින් අතිරේක විෂයකට English Literature තෝරගත්තොත්නම් Sorry තමයි.මටත් කෙල උනා.(අනේ සමා වෙන්න ඕනේ වචනේ ශිෂ්ට සම්පන්න නැතිනම්).මොනවා කරන්නද.අම්මත් කොහෙන්ද Night  Class එකක් හොයාගෙන මාවත් ඇදගෙන ගියා.කොහෙද ඉතින් ගම්පහ අපේ ප්‍රසිද්ද පිරිමි පාසලේ උන්ගේ කටවල් ගැන කියන්න ඕනේ නෑනේ.මම තමයි එදා දවසේ බයිට් එක.Class එක තියන්නෙත් හවස 6.00 ඉඳන් 8.00 විතර වෙනකල්.හිටපල්ලකො අදනේ පලවෙනි දවස කියල මාත් සද්ද නැතුව හිටිය.(මාත් ඔය පිරිමි පාසලේම තමයි).පලවෙනි දවස හින්ද මගෙ උතුම් කටහඬ අවදි කලේ නෑ.කියල වැඩක් නෑ Class එකනම් අනේ මන්ද සර්නම් එල.අපිට ඔය කාලේ තිබුනේ Anthology එකනේ.මං ගිය දවසේ කොහොම හරි The Poison Tree තමයි කලේ.මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.සර්නම් හෙන කතා කියන්නේ.එයා දවසක් පුත්තලමේ ඉදල පැයෙන් ගෙදරට ආවලු.ඔය කියන විදියට සර්ගේ ගෙදරට පුත්තලමේ ඉඳල 100km විතර තියනව.හිතාගන්න පුළුවන් නේද සර්ගේ Boxer එකේ මද්‍යක වේගය.

ඔය පච ටික අහගෙන ඉදල හිමින් සැරේ මං ගෙදර ආව.ඒත් එදා මට නිකමටවත් හිතුනෙ නෑ මගෙ ජිවිතේ ලොකුම වෙනසක් කරන අලුත් කාලපරිච්චේදයක් එදා පටන් ගත්ත කියල.එදා ඉදන් ගෙවුන ජිවිතේ මං හිමින් හිමින් කියන්නම් මගෙ ආදරණීය යාළුවො හැම කෙනෙකුටම.අද ගොඩක් දිගට ලියන්න උනා.Blog එක දිග වැඩි උනාමත් කියවන්න කම්මැලි හිතෙයි කියල මට හිතෙනවා.ඒ හින්ද ආයෙත් හෙට මම අද නවත්තපු තැනින් පටන් අරන් මගෙ හීන කතාව දිග අරින්නම්.එතකල් මට පැය 24 ක පුංචි විවේකයක් දෙන්න.

හීන මවන මම

3 Comments:

Malinda Malshan said...

මිනිස්සු කියනවා එක වගේ මිනිස්සු 7 දෙනෙක් ඉන්නවා කියල එත් කව්ද ඔය 7 දෙනාවම දැකල තියෙන්නේ හරි මෙහෙම හිතමුකෝ සමහර මිනිස්සු කියනව මට වෙච්ච දේනම් කාටවත් වෙලා නෑ කියල. පලවෙනි එක කොහොම උනත් මම පස්සේ කියපු දේ ඇත්ත කියල මට දැන්නම් හිතෙනවා මොකද මට මේ Tsunami එක සිද්ද උනෙත් ඔන්න කියන english පන්තියකට යන්න ගිහින්නේ. ඒ කියන්නේ දෙන්නෙකුට වෙච්ච දෙයක් පටන් අරන් තියෙන්නේ එකම විදියට

තිශ් said...

මේ ලෝකේ මහා පුදුමාකාරයි මලින්ද..මේක මොහිදීන් බෙග් මාස්ටර් ගොඩක් පැහැදිලිව ලස්සනට ගලපලා තියනවා..කියවල බලන්න..

දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි
පහන ලඟයි ආලෝකෙ දුරයි

සකළ ආක සරණා කුරුල්ලා ඉන්නෙ වනේ කැදැල්ලේ
හිතගත් හැම පැර සැනයම ලෝකේ
ඇයි ඈතින් ඔබ මැවුවේ
මේකද ලෞකී ධර්මෙ මහා
පහන ලඟයි ආලෝකෙ දුරයි

වනයේ ගස්වල මල්ඵල සේරම
එහි නොතබා බිම හෙලුවේ
ඔබ දුන් සේරම යලි ඔබ අරගෙන
ලෝකෙට ඇයි දුක දුන්නේ
ඔබ දුන් දේ යළි ඔබ ගත්තේ
පහන ලඟයි ආලෝකෙ දුරයි

Anonymous said...

අද කිරිබත් කැව කිව්ව නේද? ඒක හොන්දයි මගෙ ආදරනීය දෙවෙනි සිහිනය පටන් ගත්තෙ අදයි........... මට පුත්තරයෙක් උපන්නා

Post a Comment