2011-01-06

මාතෘකාවක් නොමැත - No Title

උ*ත ගැන කතා දැන් නවත්තන්න කියල මට ඉහලින්,පහලින් සහ මැදින් යන හතර පැත්තෙන්ම මුලික දැනුම්දීම් ඇවිත් තියන්නේ.ඉතින් අදින් පස්සේ මං ඒ කතා සීරීස් එක නවත්තනවා.මොකද, Hospital Admit කරපු උ*තගේ මස්සිනා මහත්තය තව දවසකින් දෙකකින් මෙහාට පාත් වෙන්න තියන සම්භාවිතාව වැඩියි.ඒ ආවොත් වැඩේ කරදරයි.හරිනේ එහෙනම්...

ම්ම්...අපි කොහෙන්ද අන්තිමට නැවැත්තුවේ...කතාව මැද්දේ ඇඩ්වටීස්මොන්ට් දාන්න ගිහින් ඔක්කොම අමතක උනානේ.

මගේ යාළුවනේ..මං මේ සුන්දර සිහින පිටුව පටන් ගන්න හේතු උන ඒ ලෙන්ගතු චරිතය (ඔයාලට තවමත් එයාව අදුන්නලා දෙන්න බෑ,මොකද මේ කතාවේ තව ඉස්සරහදි තමයි එයා මේ කතාවට සම්බන්ධ වෙන්නේ) මාත් එක්ක දැන් ගොඩක් වෙලා Google සංවාදයක් දාගෙන හිටිය.කාලෙකට පස්සේ මාව මතක්‌ වෙලා.ඉතින් එයත් එක්ක කතා කරද්දී මට තව අමතක වෙලා තිබුන ගොඩක් දේවල් මතක් උනා.ඉතින් ඒ දේවල් මගේ ඉදිරි අවශ්‍යතා සඳහා මගේ දින පොතේ ලියා තැබුවා..
හරි, දැන් ඒක ඉවරනේ..ඒත් තව ඒක දෙයක් මට කියන්න දෙන්න.අද කව්රු හරි මගේ මුනුපොතේ යාලුවෙක් මාව Photo එකකට Tag කරලා තිබුන.මාත් මුලදී නොසලකා හැරියත් පස්සේ ආයෙත් බලද්දී මොකද්දෝ මහා ලොකු තේරුමක් ඒ Photo එකෙන් මට පේන්න ගත්ත.ඔයාලත් ඒක බලල ඉන්න.

  
නැවත නොඑන දේවල් හතරක්.

1.    විසිකළ ගලක්
හිතල බලන්න.මේක කොයිතරම් සාධාරණද කියල.විසිකළ ගලක් ආයෙත් කවදාවත් ආපහු එන්නේ නෑ නේද? එතකොට උඩ බලාගෙන ගහපු ගලකට මේක කොයිතරම් දුරකට ගැලපෙනවද? ඒකත් සාපේක්ෂයි නේද?අපි අපේ ජීවිතෙන් සමහර දේවල් ආයේ ඕනෙම නෑ කියල අයින් කරලා දානවා.එට්‌ බැරි වෙලාවත් ඒ දේවල් අයෙත් අපි ලඟට අවොත් කලින්ටත් වඩා ලොකු කරදරේකට අපිට මුහුණ දෙන්න වෙනවා නේද?ටිකක් හිතල බලන්න.
2.    පැවසූ වදන්
අපි කාට හරි වචනෙකින් දුකක් දුන්නොත් අපිට එයාගෙන් කෙලින්ම ආයෙත් සමාව ගන්න පුළුවන් කියල අපිට හිතෙන්න පුළුවන්.සමහර විට එයා සමාව දෙන්නත් පුළුවන්.ඒත් ඒ අපි කියපු දේ අර මනුස්සයාගේ හිතේ තියනවා නේද.අපිට ඒක එයාගේ හිතින් මකන්න බෑ නේද?.සමහර දේට ඔබ එකඟ වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්.අනේ එහෙම වෙලාවට තරහ නැතුව කෙලින්ම මචන් මෙතන වැරදි නේද කියල මට Comment එකක් දාන්න.ඒක මට ලොකු ශක්තියක්‌.
3.    ගිලිහුණු අවස්ථා
මේකටනම් මට එකඟ වෙන්න ටිකක් අමාරුයි.මොකද අපේ ජීවිතේදී අපිට ඕනෑම දේකට ඒක අවස්ථාවක් විතරක් නෙමෙයි ලැබෙන්නේ.මේකත් සාපේක්ෂයි.එකඟ වෙන්නත් අමාරු නිසා මං වැඩිය ඒ ගැන සඳහන් නොකර ඉන්නම්.කව්රු හරි මේ ගැන ගොඩක් තර්ක කරනවානම් Comment එකක් විදියට ඒ දේ පල කරන්න.
4.    ගෙවීගිය කාලය
මේක තමයි මම දැකපු වැදගත්ම දේ.මෙන්න මේ දේ හින්ද තමයි මං මේ Post එක ලියන්නේ.අපිට කවදාවත් මේ දේ අයෙ ගන්න බෑ බෑ බෑම තමයි.එක සහතික ඇත්ත මගේ යාළුවනේ.හිතලම බලන්න, අපිට සුන්දර අතීතයක් තිබුනනම් ඒ කාලෙට ආයෙත් යන්න අපි කොයිතරම්නම් ආසද.අපි කොයිතරම්නම් හීන මවනවද ඒ කාලේ ගැන.විශේෂයෙන් මේ සටහන ලියන මට ඒ ගෙවිල ගිය කාලය ගොඩක් වැදගත්.මොකද මගේ හිත දන්නවා ආයේ කවදාවත් ජීවිතේ ඒ කාලේ මට හමු වෙන්නේ නෑ කියල.ඒ මොන දේ උනත් අපි හිතින් හිතන්නේ ඒ කාලේ ගැන නේද?ගෙවිල ගිය කාලයක් ගැන සුන්දර මතකයක් මටත් නොතිබුනානම් කවදාවත් මේ වගේ සුන්දර සිහින කියල Blog එකක් මගේ අතින් හරි තව කාගේ අතින් හරි ලියවෙයිද..සිහින කියන්නේ අනාගතයත්,අතීතයත් යා කරන පුංචි පාලමකට නේද?යාළුවනේ මං කවියෙක් නෙමෙයි.සමහර දේ වැරදි වෙන්න පුළුවන්.මොකද මම O/L හොඳට පාස් උනා කියල ඒක ඔලුවට අරන් A/L Science කරන්න ගිහින් හොදටම ඇදගෙන නාගත්තු, භාගෙට නාල ඉද්දි බාල්දියත් ලිඳට වට්ටපු පොරක්.ඉතින් ඒ කාලේ ආයේ එන්නේ නෑම තමයි.

ඉතින් ඔන්න ඔය ටික තමයි මට කියන්න ඕන උනේ.කොහොම හරි අදත් මං ඔයාල බලාගෙන ඉන්න ඒ සුන්දර කතාවේ තවත් කොටසක් චායාරූපයක් නිසා නහස්ති කළා.කමක් නෑ නේද.මං හැමදාමත් මේ වගේ ලියනවනේ.මං නවත්තන්නේ මට ලියාගන්න බැරි තරම් අසනීපයක්‌ හැදුන දවසක තමයි.හෙට ලියන්නේ න කියල මං අද කිව්වොත් හෙට ලියන්නේ නෑම තමයි.හැබැයි මං පැය 24 ක විවේකයක් ඔයාලගෙන් ඉල්ලුවොත් ඊලග දවසේ ලියනවාම තමයි.එහෙනම් සැමට වාසනාවන්ත සුභ රාත්‍රියක්.!!(ආ..දැන් වෙලාව රෑ 12.00 යි.)

එහෙනම් මං පැය 24 ක පුංචි විවේකයක් ගන්නම්.


හීන මවන මම



4 Comments:

Anonymous said...

මචන්... උඩ බලාගෙන හරි නැතුව හරි ගල ගහන්න ඕනේ උඩට නේද ?..... උඩ බලාගෙන වෙන දිහාවකටත් ගලක් ගහන්න පුළුවන් නේද ?..

Anonymous said...

අපේ උ*යට මඩ ගහන එක නවත්වපු එකනම් හොදයි මචන් ....

Janaka said...

ගිලිහුණු අවස්ථා
සමහර අවස්ථා තියනවා එකම අවස්ථාවයි තියෙන්නේ ..... ඒක ගිලිහුනොත් අයෙමත් අවස්ථාවක් ලැබෙන්නේ නැති.....තවත් අවස්ථා තියනවා එක පාරක් ගිලිහුනාට අයෙමත් මොනවම හරි කරලා ගොඩ දාගන්න පුළුවන් වෙන....

Chinthaka said...

ගිලිහුණු අ‍‍වස්ථා
ජීවිතේ පළමු අ‍වස්ථාව ලැබෙන්නේ එක වතාවයි.... ඊට පස්සේ ලැබෙන්නේ දෙවන අවස්ථාව....

Post a Comment