2011-01-12

සොඳුරු හමුවීම..

ටික දවසකට පස්සේ තමයි මට මේ විදියට ආයෙත් ඔයාලට ලියන්න ලැබෙන්නේ.පහු ගිය දවස් ටිකේ තිබුන රාජකාරි වැඩත් එක්ක මේ කිසිම දෙකට හිත යොදවන්න නිදහස් වෙලාවක් ලැබුනේ නෑ.ඉතින් මගෙ යාළුවන්ට මාව අමතක වෙලාද දන්නෙත් නෑ.කොහොම හරි අවිවේකී සතියක් ගෙවිල ඉවරයි.ඒක දිහා ආයෙත් හැරිලා බලන්න මං කැමති නෑ...

දිග කතාවක් ලියන්නත් අද මගෙ හිතක් නෑ.ඒත් දිනෙන් දින කල දාපු එක කතාවක් ඔයාල එක්ක බෙදාගන්න මං කැමතියි.සුන්දර සිහින බ්ලොග් එක නිර්මාණය වෙන්නේ මගෙ ජිවිතේ ගෙවුන එක්තරා සුන්දර කාලයක් සිංහල වෙබ් අවකාශයේ දිග හරින්න බලාපොරොත්තුවෙන්..ඒ සුන්දර කාලය වඩාත් සුන්දර උනේ එක්තරා ලෙන්ගතු චරිතයක් නිසා.ඒ ගැන මං දැනට Post දෙකකදී විතර ඔයාලට ඉඟි කරලා තියනවා.

ඉතිං.....කොහෙන්ද මං පටන් ගන්නේ..මෙහෙම කියන්නම්කො..

මාස දෙකක් විතර මං අර මුලදී කිව්ව පංතියට යද්දී අපි අතරින්ම යෝජනාවක් ආව.හැමදාම ඉන්න විදිය ටිකක් වෙනස් කරලා පිරිමි ළමයි පන්තියේ ඉස්සරහටත්,ගැහැණු ළමයි පන්තියේ පසුපසටත් යමු කියල.මට තවම මතකයි ඔය යෝජනාව ආව හැටි.මෙන්න මෙහෙමයි.

”ගරු විපක්ෂ සහෝදරවරුණි,අප පන්තියේ ස්ථාන මාරුවක් කිරීමට ඔබලාගේ කැමැත්ත විමසා සිටිමු,මෙයට පක්ෂයේ සහෝදරියන්.”

අනේ ඉතිං ඕකත් ආවේ මගෙ අතට.මාත් Reply එක යැව්වා අපේ හිටපු වල්සියයි,ලොකු අයියයි,සුමුදුවයි එක්ක.(තව කට්ටිය හිටියා, දැනට මට නම් මතක් වෙන්නේ ඔය තුන් දෙනාගේ විතරයි).මොකද ඔය තුන් දෙනා තමයි ඔය පන්තියේදී මාත් එක්කම හිටපු හොඳම යාළුවො.සුමුදු ගියේ කොළඹ ප්‍රසිද්ධ බෞද්ධ පිරිමි පාසලට.ලොකු අයිය ඒ වෙනකොට ගියේ සෙන්ට් ජෝපෝල්ස් කොලීජියට.එතකොට මායි ඔය වල්සියයි දෙන්නම ගියේ අපේ ගම්පහ ප්‍රසිද්ධ පිරිමි පාසලට තමයි.ඉතිං අපේ සෑරුත් එක පයින්ම කැමති උනා මේ යෝජනාවට.මමත් ඉතිං ගියා ඉදිරියට.හැබැයි පැත්තෙන් තිබුන බැංකුවකට.

ඔන්න ඔතනදි තමයි පිටිපස්සේ පෝලිමක බැංකුවක කෙරවලට වෙලා ඉඳගෙන අහිංසකව ඉස්සරහ බලාගෙන උන්නු ඒ සුන්දර ඇස් දෙක මට මුණ ගැහෙන්නේ.මාස දෙකක් පංතියට ගියත් දැකල තිබුනේ නැති අලුත් රූපයක්.දෙපාරක් හොරෙන් බලන්න ගිහින් අහු උනා.ඔන්න ඉතිං දැන් ටිකක් මීටර් වගේ.යාලුවත් ඉන්නව එයා ළඟ.දෙන්නම ටිකක් එක වගේ.ඔය දෙපාරක් අහු උනා කියන එක මං දැනගද්දී ගොඩක් කල් ගිහින්.ඉතිං ඔය විදියට හොරෙන් බල බල කොහොම හරි පන්තියත් ඉවර උනා.මං ඉතිං හිතාගෙන උන්නේ එයා දැක්කේ නෑ කියල.පස්සේ කාලෙකදී තමයි මං දැනගන්නේ මේ සේරම සෙල්ලම් ටික යාළුවො දෙන්න බලාගෙන ඉඳල තියන්නේ කියල.ඉතිං ඒ වෙනකොට අපි 10 වසරෙනේ.එච්චරටම උණක් තිබුනේ නෑ.ඒත් මට ලොකු උවමනාවක් තිබුන මොකද්ද මේ ළමයාගේ නම කියන එක දැනගන්න.අහන්න විදියකුත් නෑ.

ආ....මට එවෙලේ තමයි මතක් උනේ අර කිව්ව ඇන්ටිය Class එක පටන් ගන්න කලින් නම් ලකුණු කරනවා නේද කියල.(ඔව් ඔව්,අර හරක් දෙන්නගේ අයිතිකාරයා තමයි,බබාලා ගොඩක් හිටියේ)දෙන්නම් වැඩේ කියල හිතාගෙන ඊළඟ සතියේ ගියා Class එකට කලින්ම.ඔන්න ඉතිං ඇන්ටි නම ලකුණු කරනවා.නම් මතක නෑ.මේවා එක්සාම්පල් හොඳේ..නයනා...ආ ඉන්නවා නේද,චමරි...ආ මේ ඇවිත් ඉන්නේ..ඈන්...ආ දුවේ......

හපොයි මගෙ නුවනට උන දේ.කොහෙද ඉතිං,මේ ඇන්ටියට කොල්ලන්ගේ නම් විතරයි මතක නැත්තේ.ගෑනු ළමයි සෙට් එක දිහා බලාගෙන එයා තනියම නම් ලකුණු කරනවා.අයියෝ අසරණ *** මල්ලී.දැන් ඉතිං කාට කියන්නද.ඒ බලාපොරොත්තුවත් සුන්.

ඊළඟ සතියේ සුපුරුදු විදියට අපි ස්ථානගත උනා.දැන් ඉතිං මං දන්නවනේ කොතනද අර කිව්ව ළමය ඉන්නේ කියල.ඔන්න ඉතිං එදා තමයි අපේ ලොකු අයියට(ලොකු අයිය කිව්වේ අපි එයට දාල තිබුන නම හරිද) මගේ පැහැදිලි වෙනසක් පෙනිලා අහනවා මචන් මොකද්ද ප්‍රශ්නේ කියලා.අනේ ඉතිං මාත් ඔය දුක්ගන්නරාලට මගේ හිතේ තිබුන ප්‍රශ්නේ කිව්ව.කෝ බං කව්ද..අර ඉන්නේ බං බිත්තිය අයිනේ.ආ...මේ අපේ අම්මගේ හොදම යාලුවෙක්ගෙ දුවනේ බං.නම..... (මං කවදාවත් ඒ නම මේ බ්ලොග් එකේ ලියන්නේ නෑ.මං වගේ පිස්සෙක් හින්ද ඒ අහිංසක ඇස් දෙකේ කඳුලක් දකින්න මං ආස නෑ.ඒ හින්ද මං හැමදාමත් ආදරෙන් කතා කරපු ආදරණිය සුදු නංගි කියල කියන්නම්..)දැන් ඉතිං හරි..උප්පැන්න සහතිකේ ගත්ත වගේ තමයි.

ඉතිං ඔහොම කාලය ගෙවිල යනවා..හැමදාමත් පංතියට එනවා..පිස්සු නටනවා..සුදු නංගි දිහා හොරෙන් බලන් ඉන්නවා... ගෙදර යනවා..ඔය විදියට මට මතක විදියට අවුරුද්දක් විතර ගෙවිල යනවා.මගේ යාළුවො විශ්වාස කරනවද...ආදරයක් හිතේ තිබුනට මට ඒක ඒ ඇස් දෙක ලග කියාගන්න බැරි උනා.මං උත්සාහ කලෙත් නෑ.ඔය වෙද්දී 2005 අවුරුද්ද...ඒ වෙනකොට මං ගොඩක් දේවල් හොයාගෙන ඉවරයි..

යන්තං කතාවේ මුල් ටික ගලපගත්තා.දැන් ඉතිං දිගටම ලියන්න තමයි තියන්නේ.ලියනවනම් එදා ඉඳල මේ මොහොත වෙනකල් ලියන්න දේවල් තියනවා.ඒ හැම දෙයක්ම මං පුළුවන් තරම් ඔයාල එක්ක බෙදාගන්නම්.මට සමහර තැන් මතක් කරගන්න මගේ Diary එක ගොඩක් උදව් කරයි ඉස්සරහට.මොකද මම 2004 දී Diary එකක් පාවිච්චි කලේ නෑ.2005  ඒ ලස්සන අවුරුද්දේදී තමයි මං ජිවිතේ පලවෙනි වතාවට Diary එකක් මුල ඉදන් ලියන්න ගන්නේ.එදා ඉඳල අද වෙනකල් ඒ පුරුද්ද මගේ ළඟ තියනවා..
ඉතිං, අදටත් කතාව කල් දාන්න වෙනවා..ගොඩක් ලියන්න ගලපගන්න අමාරුයි.මොකද හිත කැමති උනාට ඇස් දෙක බර බරේ දානව.තවත් සුන්දර දේවල් ගොඩක් තියනවා.ටිකින් ටික මං කියන්නම්.එතෙක් මට සමුගන්න අවසරයි..

ඔබ වෙනුවෙන් තවමත් හීන මවන මම,
ආදරණීය තිශ්.

14 Comments:

සිතුවිලි නිහඬයි said...

කතාව දුක්බරයිද.....

තිශ් said...

කතාව ගොඩාක් දුක්බරයි..පහු ගිය මාස දෙක තුන ඇතුලත ගොඩාක් දේවල් උනා..ඒ දේවල් එක්ක බ්ලොග් එකක් ලියන්න තරම් හොද මානසික මට්ටමක නෙමෙයි මං හිටියේ.ඒත් මං ආයෙමත් ලියන්නම්...
හැම දෙයක්ම වෙන්නේ මිනිස්සුන්ටනේ...

හසී said...

මුලින්ම මේ පැත්තේ ආවේ.. තිශ් කියන්නේ කවුද කියලා හොයා හොයා හිටියේ.... අපිත් එහෙනම් පස්සෙන් එලවනවා හොදේ

තිශ් said...

ගොඩාක් සතුටුයි හසී.. ඔයාල වගේ සිංහල බ්ලොග් අවකාශයේ ගොඩාක් ප්‍රසිද්ද අයත් මේ පැත්තට ඇවිත් වචනයක් හරි ලියල යද්දී හිතට පුදුම සතුටක් දැනෙනවා.. බස් එකට ආව නිසා ආයෙත් ජිවිතේ අලුත් උනා වගේ දැනෙනවා.. මගෙ ඊලග Post එක පුළුවන් තරම් ඉක්මනට ලියනවා. මාස හතරක් නිශ්ශබ්දව හිටිය ඇති.

කඩේ හාමිනේ said...

ඔන්න මාත් ආවා බ්ලොග් එකට.ජය දිගු ගමනක් යන්න

Bindi said...

දුක හිතෙන කතාවක් නම් ඒ ලස්සන ඇස් අමතක කරන්න තාම බැරිව ඇති ...ඒත් කමක් නැහැ ලියන්න

හිස් අහස said...

පොඩ්ඩක් විතර දුක්බර කතාවක් ..ඒවගේමයි සුන්දර කතාවක්.. ඔන්න ඔය සරල ලිවිල්ලට තමයි මමත් කැමති..

අදයි මම මේ බ්ලොග් එකටත් ආවේ. දිගටම ලියන්න .. ඔයා ගැන අපිට දැනුම් දුන්න එක හොඳයි .

සින්ඩි වලටත් එකතු වෙන්න ..

තිශ් said...

හෆ්ෆා.. සඳරු සර් ඇවිල්ලා....
දැන්නම් මාර ෆිට් එකක් එන්නේ....

සිතුවිලි නිහඬයි said...

හැමදේම වෙන්නේ මිනිස්සුන්ට කියල හිතපු එකනම් ගොඩක් හොදයි තිෂ්.....අලුතෙන් හැමදේම පටන්ගන්න.....

තිශ් said...

ඔයා හරි සි නි අක්ක.. හැම දෙයක්ම ට්ලුතින් පටන් ගද්දි කවදාවත් නැති වෙනසක් ජීවිතේට දැනෙනවා.අද මං ඒ වෙනස හොදින් විදිනවා...

indik said...

ලස්සන කතාවක් වගේ... දිගටම ලියන්න...

ප්‍රාර්ථනා said...
This comment has been removed by the author.
ප්‍රාර්ථනා said...

කතාවේ ඉතිරි ටික කියනකං ඕං මාත් බලාගෙන ඉන්නවා, මගේ කතාවත් ඔය වගේමයි කිව්වොත් වැ‍රැද්දක් නෑ... ඉතින් අන්තිමේ වුන දේ දැනගන්න මම බලාගෙන ඉන්නවා..

තිශ් said...

@ ප්‍රර්ථනා : මං දැන් කතාව දිගටම ලියාගෙන යනවා. ඔයත් ඇවිත් කියවනවා නේද..අන්තිමට උන දේ දැනගන්න මට පොඩි කාලයක් දෙන්න.ටිකෙන් ටික සම්පුර්ණ කතාවම කියන්නම්...

Post a Comment