2011-05-28

නැවුම් බලාපොරොත්තුවක් : හීනයක ඇරඹුම 1

ඔය වෙනකොට 2005 අවුරුද්දේ අන්තිම කාලේ. O/L විභාගෙත් ලඟ ලඟ එනවා.කාලයක් හිතේ තද කරන් හිටිය ආදරේ එන්න එන්නම වැඩි වෙනවා.ඒ පුංචි සුරංගනාවී මගේ හිතට පුදුම වදයක්...
‘මචං උඹ කෙල්ලගෙන් අහනවද නැද්ද?’ ඔය මං අර කිව්ව කොළඹ ප්‍රසිද්ධ පාසලේ බෞද්ධ සංගමේ ලේඛම් මහත්තය.මගේ හිතේ තියන ආදරේ කියාගන්න බෑ.ඒ ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්නත් බයයි බං.උඹලනම් කියයි.

වැඩේ හරියන්නේ නෑ බං, උඹ අහන්නෙත් නෑ.අපි අහල දෙනවට උඹ කැමතිත් නෑ.ඔහොම බලාගෙන හිටපන් ලඟදිම වෙන එකෙක් උඹට කලින් ඉස්සර වෙයි.ලියපන් ලියුමක්..ලියල දීපන්..අපි කෙල්ලට දෙන්නම්.
හ්ම්ම්..... එහෙමවත් කරලා බලමු...

ඊලග සතියේ ගොඩක් මහන්සි වෙලා එක්සයිස් පොතක එක පිටුවක් පිරෙන්න හිතේ තිබුන ආදරේ ලිව්ව..ලියල ලියල ළඟ තියාගෙන ඉඳල ඊළඟ බදාදා දවසේ පන්තියට අරන් ගියා.ජීවිතේ පලවෙනි වතාවට ආදරයක් හින්ද මම ගෑනු ළමයෙක්ට බය වෙලා.ලගට යන්නත් බයයි,මුණ දිහා බලන්නත් බයයි..වැඩේ හරියන්නෙම නෑ.අනේ ඉතින් අද වෙනකොට නැවක රස්සාවක් කරන මගේම ඉස්කෝලේ යාලුවෙක් වැඩේට ඉදිරිපත් උනා.

ලා නිල් පාට ගවුමක්  ඇඳන් ඇවිත් හිටිය ඒ පුංචි සුරංගනාවී එදා වෙනදාටත් වඩා ලස්සනට මට පෙනුන.ඉතින් මගෙ යාළුවා එයා ලගට ගිහින් ආපහු එන හැටි මං ඈතට වෙලා බලාගෙන හිටිය.

වැඩක් නෑ මචං, කෙල්ල කියනවා එයාට කියන්න දෙයක් තියනවනම් කෙලින්ම ඇවිත් එයාගේ මුණටම කියන්නලු.කාගේවත් අතේ ලියල එවන්න එපාලු.අසරණ තිශ් තවත් අසරණ වෙන්නේ ඔන්න ඔතනදි.හරි සුදු නංගි මං ඔයත් එක්ක කතා කරන්නම්...

සිකුරාදා දවසක්... උදේ ඉදන් ඉස්කෝලේ සෙල්ලම් කළා..ටීචර්ලා ඇවිත් හිටියේ නෑ මට මතක විදියට.ක්‍රිකට් ගහල බොලේ ඉස්කෝලෙන් එහා වත්තටත් ගියා.මම තමයි තාප්පෙන් පැනල බෝලෙත් අරන් ආවෙ.උඹ බය වෙන්න එපා මචං..කෙල්ල උඹේ ඇඟට කඩා පනින්නෙ නෑනේ.උඹ හිමීට කියල දාපන්..නිසලගේ වචනෙත් ඇති එදා මට.


හවස 3.00 වෙද්දී මං කොහොම හරි බස් ස්ටෑන්ඩ් එකට ආව.තාත්ත එක්ක බස් ඒක ලඟට ආව ඒ පුංචි සුරංගනාවී හිමීට බස් එකට ගොඩ උනා.අන්තිම සීට් එකට ඉස්සරහ සීට් එකේ අයිනට වෙලා ඉඳගෙන ඉද්දි මාත් එතනින් ගිහින් වාඩි උනා.එයා School Van එකේ ගෙදර එන නිසා කලින් එනව.කොහොම හරි එදා නාල.
තෙත කෙස් අගින් දිය බින්දු බේරෙනවා.මිහිරි ඔඩික්ලෝන් සුවදක් ඇවිත් මාව වට කරගෙන.මම සෙල්ලම් කරපු ඉස්කෝලේ ඇඳුම පිටින්.
හිමීට මං මාවම ඉඹල බැලුව.අව්ලක් නෑ වගේ...


දැන් මොනවද කියන්න තියන්නේ..  නංගි කටහඬ අවදි කළා..
අද ඔයා ගොඩාක් ලස්සනයි.... 
හ්ම්ම් එච්චරද...
නෑ.. තව දේවල් තියනව.. 
ඉතින් කියන්න මං අහගෙන ඉන්නේ..

එදා ඒ කියපු දේවල් අදටත් මට මතක නෑ මගෙ යාලුවනේ.එක දෙයක් ඇරෙන්න.බස් එක පන්තිය ලගට ටිකෙන් ටික කිට්ටු වෙනවා.

එදා අර ලියුමේ මොනවද ලියල තිබුනේ.... එයා අහනවා.

දැන් කොහොමද දෙයියනේ මං එකේ තිබුන දේවල් කියන්නේ.ඒක එදාම ගෙදර යද්දී කෑලි කෑලි වලට ඉරල වෙලේ බෝක්කුව ගාවින් වතුරට දැම්ම කියල මං කියන්නේ කොහොමද?
නංගි, එකේ තිබුනේ මං ඔයාට කැමතියි කිව්වොත් ඔයා මොකද කියන්නේ කියල..
එතනින් එහාට මාව ගොළු උනා...

හරි... දැන් බහින්නත් ලගයිනෙ තිශ්.. ඔයා මට සතියක් කල් දෙන්න.මං ඔයාට හරියටම සතියකින් කියන්නම්..

ඔයා වෙනුවෙන් සතියක් විතරක් නෙමෙයි මුළු ජීවිත කාලෙම උනත් බලාගෙන ඉන්න හීන මැවුව මම,
ආදරණීය තිශ්.ha

20 Comments:

හා පැටික්කි (MS) said...

ඉතින් තිෂ්..........
ඉක්මනට ඉතිරිය ලියමු........

තිශ් said...

@ හාවි : ඉතිරියත් ඉක්මනටම ලියනවා.මොකද අවුරුදු 6 ක ලස්සන කතාවක් පොත් අස්සේ, ඩයරි අස්සේ,ලියුම් අස්සේ හැංගිලා තියනවා.ඒ හැම දෙයක්ම ටිකෙන් ටික ලියන්නම්.. ආවට ගොඩක් සතුටුයි...

Sithu akka said...

dan meke ithuru tika kiyawanna thawa kochchara kal iwasanna kiyalada kiyanne?
thish..oya mage iwaseema gana dannawane?
mona unath meka liyanna pawichchi karapu bashawa nam pankadui..
kalekata passe hithata danena deyak kiyeuwe mama..

රවින් said...

නංගියා උඹට අකැමැත්තෙන් නම් ඉඳලා නෑ කියලා තමයි අපට නම් තේරෙන්නේ...

තිශ් said...

@ රවින් : අවුරුද්දක් වෙලේ ඉදන් එයා දැනගෙන හිටිය මං එයා ගැන උනන්දුයි කියල.පොඩ්ඩක් හිටින්කෝ ඉතින් කතාව කියනකල්...

@ සිතූ අක්ක : කොහොම හරි ආයෙත් ආව නේද සුදු.සතුටුයි ගොඩක්.ඔයා ගැනත් මං ලියනවා.මගේ කතාව වගේ නෙමෙයිනේ ඔයාගේ කතාව..

සිත් අහස said...

කතාව ලස්සනයි, ඉතිරි ටිකත් කියවන්න ආසයි ඉක්මනටම..

තිශ් said...

@ ප්‍රාර්ථනා : ඉතිරියත් ටිකෙන් ටික ඉක්මනටම මං ලියනව ප්‍රාර්ථනා.කතාව ඔයාලට ලස්සනයි..මට ලියද්දි දුකයි...හැම දුකක්ම අමතක වෙනව බ්ලොග් එකේ හිට්ස් වැඩි වෙද්දී.ආයේ මාව නවත්තන්න බැරි වෙයි..

හිස් අහස said...

ඉතිරියත් ලියමු මචෝ අපිත් කියවන ගමන් ...

තිශ් said...

@ සඳරු සෑර් : ඔන්න ඔය Comment එක එනකල් මං බලන් හිටියේ සඳරු අයියා...ඔයාගේ හැම කතාවක්ම කියවන මට දැන් ඔයා ලියන විදිය දැනිල තියන්නේ.. මං කොපි කරනවා කියල හිතන්න එපා...ටිකක් ලඟින් යයි..හැබැයි මේක මගේ ඇත්තම කතාව..

තිශ් said...

ඔයා ලියන ලිවිල්ලට මට ලං වෙන්නවත් කවදාවත් බැරි වෙයි සඳරු..
පුංචි උත්සාහයක් විතරයි...

හසී said...

හ්ම්ම් ඉතින් ඉතින්?

තිශ් said...

@ හසී : ඉතුරු ටිඅක්ත් ලියන ගමන්.. ඔයාල හදිස්සි කරද්දී ඉක්මනට ලියන්න හිතෙනවා.කාලේ අරන් ලියද්දි තව විස්තර මතක් කරලා ලියන්න පුළුවන්.මොකද මං මේ ලියන්නේ අවුරුදු 6 ක අතීතයක් හසී අක්කා.

හසී said...

ගොඩාක් කාලේ නැතිව ටිකක් කාලේ අරන් ලියන්න... නැත්නම් අපි පවු

තාරක Dilsh@n said...

ඉතුරු ටිකත් එනකන් බලන් ඉන්නවා මචෝ..

සිතුවිලි නිහඬයි said...

ඉක්මනට ඉතිරියත් දාන්න....දුක උනත් හැමෝන එක්ක බෙදගත්තම දුක අඩු වෙනවා...............අපි ඔයත් එක්ක ඉන්නවනේ...............

නචියා said...

මාර කෙල්ලෙක්නේ බන්... ඉතින් ඉතින් සතියකින් මොකෝ උනේ.....

තිශ් said...

@ තාරක Dilsh@n , සිනි, නචියා : අද තමයි මම ඒ කතාවේ ඉතුරු ටික ලියන්නේ.හෙට හැමෝටම බලන්න පුළුවන් වෙයි කියල හිතනවා.දිරිමත් කරපු ඔයාලට ගොඩක් පිං...

Bashitha Madhusanka said...

man normally kiyawanna kemathi ne..bt mula tika kiyeuwama okkoma kiyawanna hithuna...
man hithuna ithuru tikath kiyawanna.man hithanawa ekata man hadissi wedi kiyala.
EKA PARA HAMBENA DETA WADA BALAN IDALA HAMBENA DE LASSANAI& WATINAWA....

මකුළුවා..... said...

ජයග්‍රාහී දෙවෙනි ආදර කතාව....දිගටම ලියපන් මචං

Banuka said...

adooooo...sira sira..:):)..hehehe...eka maarama interesting..hinath yanawa...sira style eka...:):)

Post a Comment