2011-05-31

දෙහදක පැතුම් : හීනයක ඇරඹුම 2

හීනයක ඇරඹුම 1 මෙතනින්


මගේ ගෙවුන ජීවිතේ දිගම සතියත් ටිකෙන් ටික ගෙවිල ගිහින් හිත ආසාවෙන් බලාගෙන හිටපු සිකුරාදා උදා උනා..හරියටම දවස 2005.09.09.එදත් ඉස්කෝලේ දවසක්.ඉක්මනට 1.30 වෙන්නෙත් නෑ.කොහොමෙන් කොහොමෙන් හරි ඉස්කෝලෙත් ඇරුනා.මං පයින්ම ඉස්කෝලේ ඉඳං ගම්පහ පරණ ගාඩර් එක ළඟටම ආව.මොකද්දෝ හේතුවකට මං එතන බිම එලාගෙන ලේන්සු විකුනපු කෙනෙක්ගෙන් ලා තැඹිලි පාට ලේන්සුවක් ගත්ත රුපියල්  20 ක් දීල.(ඔය ලේන්සුව 2008 අවුරුද්ද වෙනකල් මගේ ළඟ තිබුන)

1.45 වෙද්දී නංගි යන වෑන් එක DSI එක ලඟින් යනවා.මං ඉක්මනට එතනට දුවගෙන ආවේ අද නංගිය ඉස්කෝලේ ඇවිත්ද කියල බලාගන්න.ඔවු එයා ඇවිල්ල..වෑන් එකේ පිටිපස්සේ සීට් එකේ අයිනට වෙලා මං දිහා බලාගෙන ඒ පුංචි සුරංගනාවී පාවෙලා ගියා.

තව පැයයි තියන්නේ මට..
මාත් පුළුවන් තරම් ඉක්මනට එදා ගිය බස් ස්ටෑන්ඩ් එකට ආව.

එදානම් හරියටම 3.00 වෙද්දී නංගි බස් එකට ආව.අද පරක්කුයි වගේ.ඒ පුංචි කුමාරි පොරොන්දුව කඩ කරයිද.. අද එන එකක් නැද්ද... මං වෙනම ලෝකෙක..පොඩි නිල් පාට රෝස බස් එකක් ඇවිත් බස් ස්ටෑන්ඩ් එකේ නවත්තනවා මං බලාගන.මං මෙච්චර වෙලා බලාගෙන උන්න මගේ බලාපොරොත්තුව එනවා.. මං ඉක්මනට බස් එකට ගොඩ උනා.එයාම ඇවිත් මං ලගින්ම වාඩි උනා.අදනම් එදා හඩ්ඩා වගේ නෙමෙයි මාත්..යන්තං බස් එකේ එද්දී ජනේලයක් ලඟට වෙලා හුලන් වැදී වැදී ආව හින්ද දාඩිය දාලත් නෑ.
කව්රුවත් සපත්තු දෙක පෑගුවේත් නෑනේ.

ඉතින්..... කොහොමද?
මං එන්න පරක්කු උනාද?
අයියෝ නෑ ..
ඔයා ගොඩක් වෙලාද ඇවිත්..
නෑ නංගි මං 3.00 ට ආවේ..
හ්ම්ම්....

එයත් කතාවක් නෑ.. මාත් කතාවක් නෑ.. මං බස් එකේ ඉස්සරහ සීට් එකත් එක්ක පරණ තරහක් තිබිලද කොහෙද.හොඳට කෑලි ගලෝනවා....

ඔයා මොකද නංගි හිතුවේ.. තීරණයක්‌ ගත්තද?
හරි අයියේ මං මේ අහන හැම ප්‍රශ්නෙකටම ඔයා කෙලින් උත්තර දෙන්න ඕනේ.. හොඳද..
හා...
ඔයා O/L හොඳට කරගන්නවා නේද? මාව ප්‍රශ්නයක් කරගන්නේ නෑ නේද..මට ඔයා A කීයක්‌ අරන් පෙන්නනවද?
මං පුළුවන් තරම් හොඳට O/L කරගන්නම් නංගි.. උපරිම A හයක් අරගත්තොත් ඇති නේද??
මදි මදි.. අනිවාර්යෙන්ම A අටක් අරන් පෙන්නන්න ඕනේ.. හාද?
හා.....
ඊළඟට A/L  පුළුවන් තරම් හොඳට කරගෙන පාස් වෙනවා නේද?
තවම O/L කරලත් නෑනේ නංගි.මං මොන දේ කලත් හොඳට කරන්නම්..
හරි.. කවද හරි ගෙවල් වලින් කැමති උනේ නැත්තන් මාව තනි කරන්නේ නෑ නේද අයිය?
කවදාවත් නෑ නංගි.. කවදාවත් නෑ..
දැන් අපි බහින්නත් ලඟයි නේද නංගි...
මට බහින තැන නෙමෙයි අයියේ ප්‍රශ්නේ.. ඔයා මං අහන දේට හරි උත්තර දෙනකල් මේ බස් එක නවත්තන තැනට යනකල් හරි මං එනවා.

ඔයිට වඩා තව ප්‍රශ්න ගොඩක් ඇහුව.. මතකේ ඉතුරු වෙලා තියන්නේ ඔය ටික..
දැන් අපි බහින්නත් ලඟයි....

 දැන්වත් මං එදා අහපු දේට උත්තරයක්‌ දෙන්න නංගි...
උන හැම පොරොන්දුවක්ම මතකයි නේද අයියට...
හ්ම්ම්...
එහෙනම් එකට උත්තරේ හා...
පන්තියේ කාටවත් කියන්න එපා අයියේ..
නෑ මගේ නංගි මං කාටවත් කියන්නේ නෑ....

මගේ ජීවිතේ මං විඳපු ඒ සුන්දර ආදර කතාව මේ ලෙසට ඇරඹුණු වගයි !!!

ප.ලි.
නංගියාට මං O/L වලට A – 6 ක් ගන්නවා කිව්වට එයා ඉල්ලුවේ A – 8 ක්.ඒත් මං එයාගේ බලාපොරොත්තුව ගොඩාක් කඩ කලේ නෑ.මට පුළුවන් උනා කොහොම හරි A – 7 ක් ගන්න.අනිත් ඒවා
B – 1,C – 2 යි.එයාට පුළුවන් උනේ A - 6 ක් අරගන්න විතරයි..ඒකට හේතුවත් මං වෙන්න ඇති කියල පස්සේ කාලෙක මට හිතුන.
ඊට පස්සේ මං උසස් පෙලට ගණිතය තෝරගත්ත.නංගි ජීව විද්‍යාව තෝරගත්ත.මගේ ජීවිතේ ගොඩක් දේවල් උනේ ඔය කාලේ.කාලයක් යද්දි මගේ නංගිට වුන දෙවනි පොරොන්දුව හීනයක්‌ උනා.තුන් වෙනි පොරොන්දුව මට කඩ කරන්න ලැබුනේ නෑ.. ඒත්.....හ්ම්ම් අපි ඒක පස්සේ කතා කරමු..
මට වැරදුන තැන් හැම දෙයක්ම මං කියන්නම්. 
අද ගොඩක් ලිවුවා කියලයි මට හිතෙන්නේ.. අපේ ආදර කතාව දැන් පටන් අරන් තියන්නේ. ලියන්න තියන පුංචි පුංචි ආදරණීය කතා ගොඩයි..ඒ හැම දෙයක්ම ඉස්සරහට ආදරණීය සිහින ඔයාලගේම මේ පිටුවේ ලියවෙයි..

එදා හිතේ හීන ගොඩක් තියාගෙන ඔයාගේ ආදරේ දිනපු මම,
ආදරණීය තිශ්.

23 Comments:

Anonymous said...

oya ithin ape iwasime simawa pannanawane..mkakda une??ai anthimata ehma liyala tyenne??ikmanta ithuru tika liynna......

සිතුවිලි නිහඬයි said...

අනේ මන්ද මල්ලි...කියන්න දාහක් හිතට ආවත් මේකේ ලියන්න මට හිතෙන්නේ නෑ...කොහොම නමුත් ඉක්මනට ඉතිරිය දාන්න...බලන් ඉන්නවා කියවන්න .........

හසී said...

හ්ම්ම්... බලමු ඉස්සරහාදී මොකෝ වෙන්නේ කියලා...

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

ඔන්න ඔන්න මේව කියවල මටත් දැන් නංගි කෙනෙක් හොයා ගන්න හිතෙනව :D

මකුළුවා..... said...

ඊළඟ කොටසත් දාන්ඩෝ......

රවින් said...

මචා උඹ ලියන විදිය සිරා බං. නිකන් චිත්‍රයක් වගේ.. ඉස්සර බස් එකේ යද්දී කොල්ලොන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි සපත්තු පාගන 1. හික්ස්.. උඹ ඒකත් දාල..එල හොඳේ.. ඉක්මනටම අනිත් ටික ඕන.

ප.ලි
මඤ්ඤොක්කා

Sithu akka said...

that was fantastic...
hebei male speed nam madi..meka oya liyala iwara karanakota mata 40 andiriya wela thiyeyi..
ita passe mata wenna meka kiyawaganna kuliyata kenek ganna...

තාරක Dilsh@n said...

අති සාර්ථක ඊලඟ හීනය බලාපොරොත්තු වන්න...

හිස් අහස said...

හරිම සුන්දර විදිහට උඹ ආදරේ දිනාගත්තා ..මමනම් ඔයිට වඩා ලොකු දුකක් වින්ඳා මගේ පලමු ලවු එක දිනා ගන්න ..

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කන්ඩායම ..සිම්බාබ්වේ කන්ඩායමට 20යි20 තරඟයක් පැරදුනදා මට කෙල්ලෙක් පලමු වරට "හා" කිවුවා ..තවම මතකයි බං ..

මටත් මගේ පරනදේවල් මතක් උනා උඹ මේ ලියලා තියන එක කියෙවුවම . මම කොහොමත් ආසා මේ වගේ සරල බසින් ලියන ලියවිලි වලට තමා ..මේ ලිවියවිල්ලත් පට්ටයි

තිශ් said...

@ ඇනෝ : අනේ අනිත් දවසේ නමේ කෑල්ලක් හරි ලියල යන්න.මං කවදාවත් මගේ බ්ලොග් එකේ Comment දැම්ම අයගේ වත ගොත හොයන්න යන්නේ නෑ..ඉතින් කතාව මගින් නවත්තුවට තරහ ගියානම් සමාවෙන්න.එක දිගට ලියනවට වඩා සරල විදියට ටික ටික ලියන්නයි මං හිතන ඉන්නේ.දිගටම එන්න මේ පැත්තේ..අනිත් දවසේ මතක් කරලා නම පොඩ්ඩක් ලියල යන්න.

@ සීනි : ඉතුරු ටිකත් බොහොම ඉක්මනට ලියනවා අක්ක.මේ දවස් වල පරණ පොත් පිටු අස්සේ හැංගිලා තිබුන අපේ ආදර කතාව මං හොයනවා.පුංචි පුංචි දේවල් ගොඩක් රසවත්නේ සීනි අක්ක.ඔයාල බලාන ඉන්න එකම මට ලොකු හයියක්.. ගොඩක් ස්තුතියි නිතර එනවට..

@ හසී : ඉස්සරහදි ගොඩාක් ලස්සනයි හසී අක්ක.කියවලම බලන්නකෝ හිමීට.. තරහ නෑ නේද මෙහෙම ටික ටික ලියනවට..??

@ යොහාන් කණිෂ්ක : හොයමු හොයමු බං..අපිත් ඉන්නවනේ..කියපන් බලන්න උඹ මොන වගේ නංගි කෙනෙක්වද හොයන්නේ..මේ දවස් වල පොඩි කුමාරිහාමි නම් මනමාලයෙක් හොයනව...

@ ශාන් : අනිවාර්යෙන් දානවා මචං.මට තව දවසක් දීපන්.මේ දවස් ටිකේම මතක් කරලා කතාව ගලපගන්නේ..

තිශ් said...

@ රවින් : අඩෝ උඹ ඉතින් මගේ ගෝලයනේ..කට්ටිය දන්නවද, මූ මගෙන් චැට් එකේදී හිමීට අහනවා කතාවේ ඊට පස්සේ මොකද උනේ කියල.මමනම් කියයි..සපත්තු පාගන එක ලෝකේ පොදු ධර්මතාවක් (හික්ස්,මගෙ සිංහල) ඉතින් ඕක අමතක කරන්න පුලුවන්ද බං ඒ කාලේ කාපු කට්ටේ හැටියට.
ප.ලි. : ආ උඹ කොහොම හරි මඤ්ඤොක්කා කියල ලියාගත්ත නේද.එල එල.. ඒත් මට උඹව සුවර් නෑ.කොහෙන් හැර කොපය් කරලා පේස්ට් කලාද කියල කව්ද දන්නේ...

@ සිතූ : හැමදාමත් ඇවිත් කියවල යන එක ගැන ගොඩාක් සතුටුයි සුදු අක්ක.ඔයාගේ කතාවත් මං ඉක්මනටම ලියන්නම්.මගෙ කතාව වගේ නෙමේනේ ඔයාගේ කතාව..

තාරක Dilsh@n :මචං මාර සතුටුයි බං ලංකාවේ නැති උඹල වගේ අයත් ඇවිත් මගෙ දුප්පත් බ්ලොග් එක කියවල යන එකට.ආව අයගේ ලිස්ට් එකේ වෙන රට වල කොඩි දකිද්දී පුදුම සතුටක් දැනෙනවා..
ඒ හෙන ගැම්මක් ආව උඹ අර කියල තියන විදියට.හරියට ෆිල්ම් එකක වගේ..

තිශ් said...

@ සඳරු : මං පොස්ට් එකක් දාල හැමදාම දැන් බලන් ඉන්නේ උඹගෙන් Comment එකක් එනකල්.අදත් උඹ කොහොම හරි මං යන්තං අටවගත්ත හෑල්ල කියවන්න ඇවිත්.ආදරේ දිනාගත්තු විදිය සුන්දර උනාට... හ්ම්ම්.. ඉස්සරහට බලමු...
මේ ලිවිල්ලේ පොඩ්ඩක් හරි උබේ ආභාශේ ගෑවිලා තියනව සඳරු..පට්ටයි කිව්වම මාර ගැම්මක් ආව බං.හිටපන්කෝ අනිත් ඒවා මීට වඩා මහන්සි වෙලා ලියනවා..

හා පැටික්කි (MS) said...

හ්ම්ම්ම්ම්ම් මං හිතනවා ඔයා අර හා කිව්වට පස්සේ ටික නොලිව්වනම් හොඳයි කියලා තිශ්. දැන් කට්ටියගේ හිතේ අවසානේ ගැන පොඩි රූපයක් තියනවා.

කමක් නෑ අපි ලියමුකෝ දිගටම........ :)

තිශ් said...

@ හාවි : මටත් ඔය ටික හිතුන... ඒත් මං ලියන්න හිතන් ඉන්නේ ඔයිට වඩා ඒ ආදර කතාවේ උන ලස්සන සිදුවීම්.ඒ නිසා ඒ ටිකත් මෙතැනින්ම කියල දැම්මම මට නිදහසේ අර ලස්සන පුංචි පුංචි කතා ටික ලියාගෙන යන්න පුළුවන්නේ..මං දන්නවා දැන් ඔයාලගේ හිතේ මැවිලා තියන දේ..ඒත් ඒකම නෙමෙයි අවසානේ හොඳද...

නචියා said...

අනාගතේ ගැන ගොඩාක් හිතන පොඩි කෙල්ලෙක් උබට ඉදලා තියෙන්නේ... අපරාදේ....ඉතුරු ටිකත් දාපන්... කියවන්න දුකයි...

මලී said...

මොනා නැතත් ඔයා ලස්සනට ලියනවා. ගොඩක් ලස්සනයි. අවසානය ටිකක් දන්නවා වුනත් තිශ් මාත් ඔයාගේ පස්සෙන්ම ඉන්නවා අවසානය දකින්න හරිද තිශ්....

Anonymous said...

ඔන්න ඔයාගේ හිනේ කියවන්න අද ඉදන් මමත් ඉන්නවා..කතාව නම් ලස්සනයි...දුකක් නොවි ලස්සන සතුටු අවාසනයක් දෙන්න...ජිවිතේ හැම හිනයක් ලගම ලස්සන එන්ඩ් නම් නැ තමයි..එත් කමක් නැ ..ඔයාගේ හිනේ එහේම වෙන්න ඇති කියලා කියවද්දි හිතෙනවා...

දිගටම ලියන්න...ජය ..

තිශ් said...

@ නචී : අනාගතේ ගැන ගොඩාක් හිතපු පුංචි කෙලි පොඩ්ඩක්... මාව හදන්න ගොඩක් මහන්සි උන පුංචි සුරංගනාවියක්...ඉක්මනට ලියන්නම් ඉතුරු ටිකත්..

@ මලී : ඔයානම් මගේ කතාව දන්නවනේ මලී.කමක් නෑ.. දිගටම ඇවිත් මගෙ කතාව කියවන්න.මගෙ බ්ලොග් එකට ලස්සන නිසදැස්,කවි හැමදාම ලියල දෙන්න..

@ නිම්ශා : ගොඩාක් ස්තුතියි ඇවිත් යනවට නිම්ශා..මාත් ඔයාගේ හිතුවක්කාර සිත ,,, ආසාවෙන් කියවනවා.මං ලියන්නේ මගෙ ඇත්තම කතාව නිම්ශා.ඒ හින්ද අවසානය සතුටුද නැද්ද කියල මට තීරණය කරන්න බෑ..මොන විදියේ අවසානයක් උනත් ඔයාල මාත් එක්ක ඉන්නව කියල මං දන්නවා..

නලිනි චන්දිමා said...

මතකය අවුස්සා එකින් එක පෙළ ගස්වන මිහිරි සිහිනයක් වගෙයි. දිගටම ලියන්න.

Anonymous said...

ay e chooti lassana suranganawi oya gawata ey Thish ayye.........
Man wage eya mata labey kiyala balagena inna........

"Adanna kadulu ethiriwa nathi mata..........
Henawenna kiya denna.........."

wish u al da bst.....

Anonymous said...

adaredi hina haba karanna gihin asarthaka unata kamakna.. e uthsahayak hari gaththa hinda... pasuthawenna epa... uthsaha karanne aththatama adare hindai..
kenk illana hinayak adaredi mulu jivithema wenas karanna samath wenawa.. e athdakim widala thiyenawa mama..
mathak wenawa ape adare mul dawasa.. awurudu 5kata kalin...
adaraya.. hina... balaporoththu.. porondu.. .kapavima ..kadulu.. prashna, sarthaka wim, asarthakawim,ekka ekata kati unu awabodayen labagath jivitha athdakim jivitheta patak denawa,
kaluth nathi suduth nathi- alu pata hinayak wage ... pudumai me jivithe...
sundarai kathawa...

mama nilu... :)

තිශ් said...

@ නිලූ : කාලෙකට පස්සෙ බ්ලොග් එකට අමුත්තියක් ඇවිත්. කියෙවුවනම් සතුටුයි !අලු පාට හීන.. ඇත්තටම ඒක ලස්සනයි..ස්තූතියි නිලූ..

Anonymous said...

hama kathawakama sundara asundara thn pirila athi... eth mekai jivithe kiyanne.. adanakota hinawennath...hinawena gaman hitha assen apiwa adawannath mathakayanta puluwan.. e mathakayanta ida labena assillaka thurulu wenna..hithata gatha wenne thpparayen anathayen ekak.. :)

Post a Comment