2011-05-28

සිත අද්දර ඉකි බිඳුම



ආයෙමත් වරක් හුදෙකලා වූ මගෙ සිත් අහසට
සිකුරු තරුවක් වෙලාවත් ඔයා කවදාවත්ම 
පායන්නෑ කියා මම හොඳින් දන්නවා....
ඒත් මම මගෙ සිත තාමත් රවට්ටනවා
ඔයා කවදාහරි මගේ සිතට නැවත ඒවි කියා......
ඒ සුන්දර මතකය තුල මගේ සිත අතරමං වෙලා
තාමත් ඔබේ සුවඳ සොයනවා........
සඳ සෙවනේ තරු ගැනලා, ඒ තරු ගානට පැතුමන් පුරලා
ඔබ මෙලෙස මා අතහැර දමයි කියා මම නොසිතුවෙමි.....
මගේ ලඟ සිටි අහිංසක තරුව හිටි හැටියේම අඳුරෙන්
වැසී ගියා වගේ ලෝකයෙන් දුරස් වුනේ මන්ද
කියා මම තවමත් නොදනිමි.......
යලි කෙදිනකවත් වෙනදා ලෙස දකින්න නැති
නුඹෙන් හිස් වුනු මගේ ලෝකය
හරියට තරු නොමැති පාළු අහස වගෙයි......
රැල්ල කොතෙකුත් පැමිණ වෙරල සිප හැර දමා ගියත්
වෙරල හැමදාමත් රැල්ලට ආදරෙයි.....
ඔබ නැවතත් මගේ ජීවිතයට රැල්ලක් නොවන ලෙස ඉල්ලමි මම
නුඹ නොමැති සොවින් හඬන මගේ සිත සඟවාගෙන ජීවත් වීම
මගේ එකම ප්‍රාර්ථනාව වේවි කියා කවදාවත් සිතුවේ නෑ මම....
එනමුදු සැමදා සියලු පැතුම් වල ජීවත් වූ නුඹ
අදටත් මගේ ප්‍රාර්ථනය ඔබය....
මගේ ජීවිතයට එදා මෙන් අදත්
උදා වූ රළ නුඹය....
 

හද සැලුනා නෙතු හඳුනා........
ඔබ ගැන දැනගත් විට මා සිතුවිලි හැඬුවා.......
۩මලී ۩

13 Comments:

මලී said...

අනේ...

Sabith said...

ලස්සනයි ලස්සනයි...මගෙ එකටත් ඇවිත් බලන්න..
www.sabithl.blogspot.com

රවින් said...

අනේ බන්.. මේ අර කතාවේ ඉතිරි ටික කියලා නම් කියන්න එපා හොඳේ??? :-(

තිශ් said...

@ Sabith : ඇවිත් කියවල ගියාට ස්තුතියි... ඔන්න මාත් ඔයාගේ බ්ලොග් එක පස්සේ එලොනවා හොඳේ.. දිගටම ලියන්න..

@ රවින් : මේකයි මචන්.. ඒ කතාවේ ඉතුරු ටික තවම මම ලියන්න ගත්තේ නෑනේ.අදත් ලියනවා.හැබැයි එක දෙයක්..ජීවිතේ අපි ආසාවෙන් බලාගෙන ඉන්න සමහර දේවල් අන්තිමේදී හීන විතරක් වෙනවා.මේ බ්ලොග් එක ලියවෙන්නේ ඒ හින්ද.මට ජීවිතේ සමහර දේවල් වලට මුහුණ දෙන්න වුනේ නැත්නම් මේ වගේ බ්ලොග් එකක් කවදාවත් බිහි නොවෙන්න තිබුන.

හිස් අහස said...

"නුඹෙන් හිස් වුනු මගේ ලෝකය
හරියට තරු නොමැති පාළු අහස වගෙයි"

ඒ පද දෙක හරියට මටම කිවුවා වගේ .. මේක දැක්කේ දැන් ..ත්ශ් ලොක්කට ලස්සනට පද ගලපන්නත් පුලුවන් නේද ?

අර කතාවම තමයි හිත ඉල්ලන්නේ ..ඉතිරිය කෝ ?

තිශ් said...

@ සඳරු : මටත් කල්පනා උනා ඔය ගැන...හැබැයි මේක මං තනියම ලියපු එකක් නෙමෙයි.. මලී කියන්නේ මට ඔය පද ටික ගලපලා දුන්න කෙනා.මං කලේ ටිකක් හැඩ වැඩ කරපු එක විතරයි.

කතාවේ ඉතිරියත් ලියාගෙන යනවා.ඉක්මනට ඉවර කරන්න මගේ අදහසක් නෑ.ඔයත් පවුකාර ආදරේ ටික ටිකනේ ලිවුවේ සඳරු අයියේ..
හිමීට ලියන්නම්.. අදත් ලියන්නම්..

හසී said...

ලස්සනයි! ඒ රළ ඇවිත් වෙරළේ නවතින්න කියලා පතන්නම් :)

Shalani said...

Canny...

Jivithe api hithana, api ape wei kiyala balaporoththu gonnak podi badagena anthimata a dewal as panapitama nohithapu welawaka nethi weddi hithata denena wedanawa mona wageda kiyanna man hondatama dannawa.Eth kochchra unath atheethaya mathak weddi hithe thiyena adaraneeya wachana me widiyata liyaweddi onema deyak lassanai.. Ithin oyage jivithe a hema sonduru mathakayakama punchi de pawa lassanata me widiyata liyaweddi a hemadeyakma puluwan ikamanin denaganna asai..

God bless you Thish..

Uditha said...

කියන්න දෙයක් නම් ඉතිරි කරලත් නැ...
කියන්න දෙයක් නම් හිතෙන්නෙත් නැ...
එහෙමයි කියල මොකුත් නොකිය ඉන්නෙත් නැ...
ලස්සනයි කියල කීවට ඔබේ හිත හැදෙන්නත් නැ...

සිතුවිලි නිහඬයි said...

ලස්සනයි පදගැලපුම.............අපි ප්‍රර්ථනා කරන්නේ ගොඩක් වෙලාවට අපිට අහිමි දේවල්ම තමා.....ඉතින් අහිමි නිසා ඒවා හීනයක්ම පමණයි

තිශ් said...

@ Uditha :
එපා ඉන්න කිසිත් නොකියා ඔබේ සිතේ ඇති......
වැඩියි දුක එවිට මගේ හිතේ වන ඇති.......
ලස්සනයි කියා සිත නොසැදුනත් ඇති.......
ලස්සනයි කී ටිකම මගේ සිතට ඇති.........

නචියා said...

කියාල වැඩක් නෑ.. ලෙස්ටම ලියලා තියනවා..

කො අර කතාව බන්... ඉක්මනට දාපන්කෝ

මලී said...

ඔයාට ගොඩක් පින් තිශ්. මන් ගොඩක් අසාවෙන් මෙක ලිව්වේ. නමුත් ඔයා අරෙන්න මේක කවුරැත් කියවලා තේරැම් ගත්තේ නැ. සිතේ තියන දේ අපි හිතන විදියට වුනේ නැත්නම් ගොඩක් දුකයි. ඔයාලා හැම දෙනාම කිව්ව හැම දේටම ගොඩක් ස්තුතියි.

Post a Comment