2011-06-19

හිතුවක්කාර පෙම්බරයා‍ණෙනි

හිතුවක්කාර පෙම්බරයා‍ණෙනි,
අතර මා ඉගිලෙන්න
මේ විසල් අහස් කුස නිදහස්ය නුඹේ නමට........
නුඹේ දෑතේ වෙලී ගත කල 
ඒ සුන්දර සමය
නිමා විය අදින් පසුවට.........
සොදුරු මතකයක්ම පමණක්ම විය
එය මට............
සුන්දරයි කියා සිතු සියළු දේ නිම වෙද්දී
හදට නැගෙන වේදනාව කෙසේ පවසම්ද නුඹ හට.......
මන්ද යත් නොමැති හෙයිනි නුඹ 
දැන් මා ලගට.......
නමුත්
ඇසීමට එකදු ප්‍රශ්ණයකි මගේ සිත තුල
සිනා සෙන්න කියා දුන් ඔය නීල නෙතු වලින්
මා හට හඩන්නට කදුලු උරුම කලේ
මන්ද කියාය............

๑۩๑ මලී ๑۩๑

13 Comments:

රවින් said...

අනේ .... විරහවට මෙච්චර කවි ලියවෙන්නේ ඇයි???? ලංකාවේ කවි වලින් 97%ක්ම තියෙන්නේ විරහව ගැනද කොහෙද... හිතල කරන දෙයක් නොවුනත් කවි ලියවෙන්න හොඳම නිමිත්තක් තමයි විරහව. මේ කවිය විරහව ගැන නෙවේ ද දන්නේ නෑ.. මම කිව්වේ මට තේරුණ හැටියට..

කස්ස said...

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්.අපි ඒහින්ද සන්සාරෙ අඬපු කඳුලු එකතුකලොත් ඒක මහ මුහුදෙ තියන වතුර වලටත් වඩා වැඩීලු.
හැබැයි එකක් මේ කවියෙන් අන්තිමට අහන ප්‍රශ්නෙට උත්තරේ නම් බෝහෝවිට කවිකාරිය ගාවින්ම හොයාගන්න පුලුවන් වේයි ටිකක් කල්පනා කලොත් මම හිතන්නෙ.කෙනෙක් දාල යන්නේ නිකන් නෙමේනෙ.

විරහව ලස්සනට තියන හොඳ නිර්මාණයක්!

මාරයාගේ හෝරාව said...

කියන්න දෙයක් නැත..
බලා සිටියෙමි මම..
වරද කොතැනද කියා..
සිතාගන්නට නොහැක...

මලී said...

@ රවීන් : ඔයාට තේරැනා හරි රවීන් මේක විරහව තමයි. විරහව නොදැනුනු අයට නොතේරැනාට විරහව වේදනාව දැනුනු අය දන්නවා ඒක කොයි තරම් වේදනාකාරිද කියලා.

@ කස්සා : බොහොම ස්තුතියි ඔයාට. මන් ලග පිළීතුරැ නැති නිසා තමයි කවියෙන් පිළිතුරැ සොයන්න උත්සහ කලේ. කෙනෙක් දාල යන්නේ අපේ වැරදි විතරක්ම නිසාද කියලා මට ඔයාගෙන් දැන ගන්න ඔනි.

@ මාරයාගේ හෝරාව : මටද කිසිවක්
නොවැටහේ සබඳ..
කවිය පමණකි
ඉතිරි මා හට..
දුකට සතුටට
මෙයින් මතුවට..
ලියමි සැමදා
දකින්නට ඔබට.

සිතුවිලි නිහඬයි said...

හ්ම්....විරහව....

Dinesh said...

හරිම අපුරු කවි පෙලක්.. ලස්සනයි...

හිස් අහස said...

හ්ම් ලස්සන නිර්මාණයක් . පද ටික ලස්සනට ගලපලා තියනවා .ටිකක් දුක් බරයි .

මලී said...

@ සිතුවිලි නිහඩයි : දෙයක් කියන්නම් අක්කා මං ඔයාට. නම සිතුවිලි නිහඩයි වුනාට ඔයාගේ සිතුවිලි නිහඩ නෑ.

@ Dinesh : බොහොම ස්තූතියි ඔයාට.

@ සඳරු: ගොඩක් ස්තූතියි සඳරු. මගේ පද ටික ඔයාගේ හිතට දැනුනා කියලා මං දැන් දන්නවා.

Unknown said...

රෙස්ලින් වලට කෑමතිනම් මෙහෙට එන්න පොස්ට් එක හොදයි http://wrestlingsl.blogspot.com/

කස්ස said...

@මලී
මතක තියාගන්න ආදරය කියන්නේ බලෙන් ලබාගන්න පුලුවන් එකක් නෙමේ.ආදරය කරන්න පුලුවන්,ඒත් ඒක ආරක්ශා කරගන්න එක හරියට නයෙක් මැනිකක් රකිනවට වඩා වැඩියෙන් හොඳට කරන්න ඕනෙ.කෙනෙක් අපිව දාල ගියාම ඒ කෙනාට අගිල්ල දික්කරන්න පුලුවන් ඒත් බලන්න එතකොට තව ඇඟිලි තුනක්ම අපේ පැත්තට දික්වෙලා.ආදරයට සැකය එකතු උනාම ඒක කෙලවර වෙන්න විරහවෙන්.මේක මම කට කහනවට කියනව නෙමේ.මේක මගෙ පෞදිගලික අත්දැකීම.කවදාවත් අනුන්ට වැරදි කියන්න එපා.හැමදේම වෙන්න අපේ වැරැද්දෙන්.

රවින් said...

@කස්සා : හැම දේම වෙන්නේ අපේ වරදින් කියන්නේ කොහොමද?? සමහර වෙලාවට අපේ අසරණකම නිසාත් අපට දේවල් නැති වෙන්න පුළුවන් නේද?? අපි අසරණ වෙන්නේ අපේ වරදින් ද???

මලී said...

@ කස්සා :ආදරය බලෙන් ලබාගන්න බැ කියලා මං හොදටම දන්නවා. මෙහෙමයි ඔයාගේ පෞදිගලික අත්දැකීම අනුව ඔයාගේ ආදරයට සැකය එකතු වෙලා තියනවා. නමුත් මගේ සිතුවිලේ කියන්නේ කිසිත් නොකියා අතහැර යාමක් ගැන. අපි ආදාරේට හිතලා වැරදි කරන්නේ නෑ. කිසිත් නොකියා අතහැර ගියාම මොකද අපි කරන්නේ. අපි අසරණ වෙනවා නේද.

@ රවින් : අනිවාර්යයෙන්ම ඒක ඇත්ත රවින්. අපේ අසරණකම නිසා ගොඩක් දේවල් අපිට නැති වෙනවා. අපි අපේ වරදින් අසරණ වෙන්නේ නෑ. අපිව අසරණ කරනවා.

පන්සල් හංදිය said...

දුක් උනා කියලා ලැබෙන දෙයක් නැත ......
වෙන අතක් බලාගනු මැනවි .......

Post a Comment