2011-09-22

සිහිනය නැවතත්...(දෙවැනි දිගහැරුම)


ඔවු අසරණ උනා…. හිතුවෙවත් නැති තරම්.. මාස දෙකක් ආසන්න වෙන්නත් උනා.හෙට ඉතුරු ටික ලියන්නම් කියල ගිය තිශ් ට මොකද උනේ කියල ගොඩක් අය ඇහුව.ඔවු.. මට ලියන්න බැරි උනා. ලියන්න හිත හදාගන්න බැරි උනා.ලිව්වේ නැතුව නෙමෙයි.ලිව්ව… පිටු දෙක තුන ලිව්වා.. ලිය ලිය මැකුව..මං කොච්චර හොඳට ලිව්වත් ඒක මට මදි උනා.ලියන ලියන හැම අකුරක් ගානෙම මම මැකුව.කමක් නෑ… ආයෙත් ලියනවා.මේක සමහර විට අද මම මකන්නේ නැති වෙයි.


මගේ පුංචි කුමාරි හෙමින් හෙමින් යන්න ගියා…මහා හයියෙන් වැටුන වැස්සත් එක්ක පුංචි කුඩේ නොපෙනී ගියා….

මගේ ජීවිතේ ගෙවුන තවත් අවිනිශ්චිත මිනිත්තු කීපයක් ගෙවිල ගියා.. යකඩ තහඩුවෙන් වට උන ඒ කන්ටේනර් කුටීරේ ඇතුලේ ඉඳං කිරි කිරි ගාල හුළඟට හෙළ වෙන ජනේලෙන් ඈත බලන් උන්න මට අන්තිමට ඔයාව දැකගන්න පුළුවන් උනා.ඔවු…. මුහුද පැත්තෙන් එන හුලන් පාරට එන හිරිපොදට මුවා වෙන්න ඔයා කුඩේ හරෝගෙන ආව හැටි මට තාම මතකයි.යාළුවො ටික පස්සෙන් වැටිලා ආවා.

උන් තුන් දෙනා පවු.අපි දෙන්න හින්ද අමු කට්ටක් කන්න වෙන බවනම් මට සුවර්.ආව විතරයි අර නිලධාරියා කඩන් පැන්න , ගනිල්ලා උබලගේ අයිඩින්ටි.අනේ අර අසරණ පුංචි කුමාරිට ඒ වෙද්දී අයිඩින්ටියක් නෑ.අනිත් හැමෝම එක්කම මාත් දික් කළා මගෙ ජාතික හැදුනුම්පත.හ්ම්ම්… තොපි… කියල බනින්න පටන් ගත්ත බැනිල්ල මට තාම මතක තිබුනත් මෙතන ලියන්න තරම් හිතක් නෑ.අන්තිමේදී අනිත් හැමෝගෙම ජාතික හැදුනුම්පත් ආපහු දුන්නත් මගෙ ID එක ආපහු දුන්නේ නෑ.තමුසේ දැන් ගිහින් මෙයාලව කෝච්චියට දාල ආපහු එනවා.මම ඉතුරු හරිය තමුසේ එක්ක බලාගන්නම්.ආයේ වචනයක්වත් කතා කරන්න මට ඉඩ ලැබුනේ නෑ.

පරණ පාර්ලිමේන්තුව පැත්තෙන් අපි හැමෝම පයින් ආව කොටුව පැත්තට.යකඩෙන් හදපු පාලමක් උඩදී මම මගෙ පුංචි කුමාරිට සමු දුන්නා.ඔයා දැන් යන්න නංගි.සමහර විට මට ආයෙත් පොලීසි යන්නත් වෙයි.ජීවිතේ ඔහොම තමයි.ඔයාට බෑ මං එනකල් කොටුවට වෙලා ඉන්න.කෝච්චියක් ආව ගමන් ගම්පහට ගිහින් ගෙදර යන්න.හරි… තේරුනාද..කඳුළු පිරුන ඇස් දෙක දිහා මට තවත් බලන් ඉන්න බෑ.මම ආපහු හැරුනා.ආයෙත් ආපු දුරම යන්න ඕනේ.

break,up,emotions,love,black,and,white,couple,sad-ad2512450c0bc889adf515e621aef1dd_h_large

කුෂාන්, ඔවු උබව මට අමතක නෑ මචන්.උබ තමා මම එපා කියද්දීත් බලෙන්ම මගෙ පස්සෙන් ආවේ.අතේ කිසිම දෙයක් නෑ.මගෙ බෑග්,අයිඩින්ටි ඔක්කොම අර කලින් කිව්ව කන්ටේනර් පෙට්ටියේ.පුළුවන් තරම් වේගෙන් ආයෙත් කුෂාන් එක්ක මම ආයෙත් ඒ කිට්ටුවට ආව.

මචන්,අරූ එන්න කිව්වේ මට විතරයිනේ.උබ පොඩ්ඩක් මේ හරියේ හිටපන් කියල මම ඌ ටත් සමු දුන්න.ආයෙත් අර කාලකන්නි යකඩ පෙට්ටිය ඇතුලට මම ගියා.එතකොට සාත්තර කියන මිනිහෙක්ව අල්ලගෙන.පවු ඒ මනුස්සයා..රාලහාමි රාලහාමි කිය කියා මොන මොනවද කියනවා.ටිකකින් ආපහු ගිය ඒ මනුස්සය ආපහු ආවේ ලෙමන් පෆ් බිස්කට් පැකට් එකකුත් අරගෙන.

ඒ වෙද්දිත් මගෙ බෑග් එකේ හැම අස්සක් මුල්ලක්ම බලල තිබුනේ.උදේ ලස්සනට හතරට නමල හාෆ් ශීට් එකක ලියල තිබුන ඒ ලියුම ඒ වෙනකොට ඒ නිලධාරියා අතේ.ඔවු…මට කලින් ඒක ඌ කියවල.මට එහෙම හිතුනා.කනවා මේ බිස්කට් එකක්.තමුසේ කාලද ඉන්නෙ.මේ තරම් දෙයක් කරපු මූ ගාව කොහෙන්ද මනුස්ස ගති ගුණ.මම එහෙම හිතුව.නෑ…මට දැන් කන්න බෑ.මාත් එක්ක ආව අනිත් කවුරුත් තාම කාල නෑ.එහෙම එකේ මට කන්න බෑ.

ඔහොම එක එක ප්‍රශ්න කිරීම් මැද්දේ පැයක් විතර ගත වෙන්න ඇති.නෝට් පොතේ ලියපු අපෙ විස්තර තියන කොලේ මට පේන්නම එලියට ගත්ත.දැන් තමුසෙට මොකද වෙන්න ඕනේ.තමුසෙට ගෙදර යන්න සල්ලි තියනවද?අනිත් අය ගියාද? බෑග් එකේ තිබුන සල්ලි ටික මූ දකින්න ඇති.වැඩිම උනොත් සීයේ කොළ දෙකක් තියෙන්න ඇති.ගෙදරින් දවසකට දුන්නේ රුපියල් සීයයි පන්ති යන්න.කන්න බොන්න.ඒක දැකලද කොහෙද …

හ්ම්ම් එහෙනම් මම දැන් මේ කොලේ අයින් කරනවා.තමුසේ පුළුවන් මොකක් හරි කරලා යනවා.මම දැනගත්ත මූ සල්ලි ඉල්ලන්නේ කියල.අහිංසක පොඩි උන් තව කී දෙන්නම් මෙහෙම අහු වෙලා ඇත්ද.මට එහෙම හිතුනා.මොනවා කරන්නද.තාමත් මාව කරකවල අත ඇරිය වගේ. අන්න අර ඈත පේන හට් එකෙන් ගෝල් ලීෆ් දෙකක් අරන් එනවා.පැය ගානක් රස්තියාදු උන මට අන්තිමට උනේ එහෙම එකෙක්ට සිගරට් අරන් දෙන්න.කොහොමෙන් හරි ඒ හැම දෙයක්ම ඉවර වෙලා ආපහු ආව කුෂාන් හිටපු තැනට.අනේ…. ඌ එතන නෑ………………..

මූ මොන දේවාලෙක ගිහින්ද.දැන් ඉතින් මේ කොළඹ ඌව කොහේ හොයන්නද.දැන් ඉතින් යමන්කෝ තනියම ගම්පහ කෝච්චියේ.මම ආයෙත් ඉස්ටේෂමට ආව.ටිකට් එකත් අරන් ඇතුලට යද්දී……….
අනේ මගෙ පුංචි කුමාරි බැංකුවක් උඩට වෙලා ඉන්නවා.පැය දෙකක් විතර ගත වෙලා ඉවරයි මේ වෙද්දී.අඩෝ මචන් බලපන්,උබ එනකල් යන්න බෑම කිව්ව.කොච්චි දෙකක් ගියා බං.අපිත් ගියේ නෑ.මේ කෙල්ලව මෙතන දාල යන්න බෑ බං.මට පුදුම දුකක් හිතුනා.බෝල ඇස් දෙකෙන් තාම මා දිහා බලන් ඉන්න ඒ අහිංසක සමනලී….

199480993

විනාඩියට දෙකට විස්තරේ කිව්ව මම , ඒ කුෂානය ආවද බං ආපහු…

නෑ යකෝ, උබ එක්කනේ ගියේ….
සික්, බලපන්… මාත් එක්ක ගියාට මම මග දාල ගියේ.. ආපහු ඇවිත් බලද්දී මූ නෑ.කොච්චියකුත් ආවා.අපි හැමෝම දැන් කලබල වෙලා.

එක පාරටම මූ ආවා.කොහෙන් ආවද කියල මටවත් දැන් මතක නෑ.හැබැයි ඇවිත් විස්තරේ කිව්ව හැටි මට තාම මතකයි.

“බලපන් , මම එතනට වෙලා ඉද්දි ආමි ජීප් එකක් ආවනේ.මගෙන් ඇහුව මොකද තනියම කරන්නේ කියල.මගෙ අතේ මුකුත් තිබ්බේ නෑනේ.තෙමෙන හින්ද උබලගේ බෑග් වලට දාලනේ තිබුනේ පොත්,පර්ස් ඔක්කොම.බලපන්, එතකො‍ට මම ත්‍රස්තවාදියා වගේ.මාව දාගත්ත ජීප් එකට.හොඳ වෙලාවට අපෙ ගෙවල් පැත්ත දන්න අයිය කෙනෙක් උන්න බං එතන.මගෙන් විස්තර අහ අහ හෙන දුර ගියා බං.අන්තිමට උන්ට මාව විස්වාසයි.බැස්සුවා කොහෙන්ද මන්ද තැනකින්.138 ක් ආව.මම එල්ලුනා බං……..”

ඔන්න ඔහොමයි වෙලා තිබුනේ.අනේ ඉතින් ඔය ඔක්කොම කරදර වලින් පස්සේ අපි ආයෙත් ආව ගම්පහට.ඒ වෙද්දීත් ගොඩක් පරක්කු වෙලා.ඉක්මනට බස් එකක් අල්ලගෙන ගොඩ වෙලා ගෙදර ආවේ හැම දුකක්ම හිතේ තියාගෙන.

ගෙදර ඇවිත් නිවී හැනහිල්ලේ බෑග් එක ඇදල බලද්දී ලස්සන අත් අකුරෙන් ලියාපු අර ලියුම තිබුනා.උදේ ඉඳං පෙරුම් පුරපු ඒ වචන ටික මගෙ හිතේ ගැඹුරේ ම තැන්පත් උනා.
එපා වෙන්න දෙන්න එපා
මට නුඹව
හිනා වෙන්න ආසයි මම
නුඹ ලඟම
පොළව අකීකරු උනාම
අහස වෙලා වැහි ඉහින්න
එපා දැවෙන ඉර වාගේ
රැස් විහිදවන්න
රළ පෙල යලි යලි හැපුනට
තරහ යන්නෙ නෑ වෙරළට
වෙරළට නෑවිත් ඒ රළ කොයිබද යන්නේ
නුඹටම හැර කාටද මේ හිත පෙන්නන්නේ
පුංචි අත් අකුරින් ලියුමේ අන්තිමට ඔය පද පේලි ටික ලියල තියනවා.තාමත්, ඔවු මේ දැනුත් මම ඔය කවිය දිහා බලාගෙන ඉන්නවා.වෙන පාටකින් ලියපු ඔය පද පේලි ටිකට මම තාමත් ආදරෙයි..ඔයා දන්නවද නංගි.ඔයා මට දුන්න 37 වෙනි ලියුම තමයි ඔය.

මහා වැස්සේ තෙමීගෙන කොළඹ ගැන මෙලෝ හසරක් දන්නේ නැතුව අන්තිමට වෙන පාරකින් යුද හමුදා රෝහල පැත්තෙන් ඇවිත් අර නම ලියන්න අමාරු වීදියෙන් බස් එකට ගොඩ වෙලා කොටුවට යනකල් ඩ්‍රයිවර් සීට් එක අල්ලගෙන පාර දිහා බලාගෙන ආව මම,

ආදරණීය තිශ්.

ප.ලි.
කෝ මේ සිහිනයා, ලියපිය හොඳ හිතින් මේකේ අනිත් ටික කියල කියපු හැමෝටම ;
ඔන්න මම ලිව්වා.තවම ඉවර නෑ.තව ගොඩක් දේවල් තියනවා ලියන්න.හැම දෙයක්ම ටික ටික කියන්නම්.

41 Comments:

පොඩි මෑන් said...

අඩේ මරුනෙ.... කොටස් දෙකම කියෙවුවෙ දැන්...
කලින් එවුන් බැනල තිබ්බ වගේ මටත් බනින්න තියන්න එපා... ලියාපං ඉක්මනට

හිස් අහස said...

උඹට එහෙනම් දැන් තමා මේක ලියන්න මතක් වුණේ !

සඳූ said...

onna sanduth dewani kotasa beluwa. thawa enakam balan innawa...!

නචියා said...

කාළකන්නි පොලිස් කාරයො. ඔව්න් ගැන කතා කරලා වැඩක් නෑ බන්. මොනා ක්‍රන්නද දැන් ඒ හැම දේම අතීතෙට ගිහින් ඉවරනෙ.

ඉතුරු ටිකත් ලියපන් මතක් කරනකල් ඉන්නෙ නැතුව..

ජය...!!!

The Lion said...

ඇති යන්තන මේක ලිව්වා.ඉතුරු ටිකත් ලියපන් බන් ............

priyantha said...

ඇති යන්තම් මතක් වෙලා තියෙන්නේ...:DDD

ශානු said...

ඇති යන්තම් මේක ලියලා

අපේ සද්ද දැමිල්ලට ජය වේවා!!!!!

සද්දෙ දාන්න ඕනිලු බ්ලොග් එක අප්ඩේ වෙන්න ;)

තනෝජා රාජපක්‍ෂ said...

මම කියෙව්වා .. අන්තිම වෙනකම්ම... ඒත් මේ කථාව ඔය ලස්සන කටහඬින්ම අහන්න තිබ්බනම්... ඒ හැඟීම් බර කම් ලියනවටත් වඩා හොඳට උඹට කියන්නත් පුළුවන් පුතා... ඇත්තද ගොතාපු එකක්ද මම දන්නෙ නෑ.. ඒත් ලස්සනයි ගොඩාක්..

..ChAnDiKa.. said...

හ්ම් ඉක්මන ලියපන් ඉතුරැ ටිකත් :)

රහස් පරික්ෂකයා said...

නියමයි නියමයි මරු කතාව......
ඉතුරු ටික කෝ........

හසී said...

මමත් ආවා.. සික් මේ පොලිස්කාරයෝනම්..... ඉතිරිය ඉක්මනින් ලියන්න හිතේවා!

- නිල් අහස - said...

එක හුස්මට කියෙව්වා.
ලස්සන ආදර කතාවක්..කියවලා ..සතුටු උනා.

වැප් said...

ඔය තියෙන්නේ මාස 4 කට පස්සේ ...ලියලා ...

ඔහොම යමූ !!!!!!!!!!!!!!!!

ප්‍රාර්ථනා said...

යාන්තම් ඇති,,උදේ පාන්දරම කැම්පස් යන ගමන් වැරදිලා වගේ බුකිය පැත්තට ආවාම දැකපු දේ හරිද කියලා මම ඇස් පිහදාලත් බැලුවා.. හරි නේන්නම්. තිශ් අයියා කතාවේ ඉතිරි කොටස දාලා,. :)

හරිම සංවේදීයි අයියේ, අනේ මන්දා , මේක බලද්දි මටත් මම ගොඩාක් ආදරේ කරන කෙනෙක්ව මතක් වෙනවා,.
මේ කථාවේ අවසානය මොන වගේ වෙයිද කියලා මම දන්නේ නැති වුනත් අයියාගේ නංග සතුටින් ඉන්නව වෙන්න ඇති කියලා මම හිතනව. සමහරවිට කථාවේ අන්තිමේ ගොඩාක්ම දුක්බර ඇති කියලත් මට හිතෙනවා. ගොඩාක්ම හැඟීම්බරයි අයියේ,. පෝස්ට් එකක් මක මක ලියන්න තරමට ඔයා මේ පෝස්ට් එක ලියලා තියෙනවා කියන්නේ ඔයාට පුංචි කොටසක්වත් මඟ ඇරෙයි කියන බයට වෙන්න ඇති, ඔයාගේ හිතේ තියෙන දේ වචන වලට පෙරලගන්න ඔයාට ගොඩාක්ම අමාරු වෙන්න ඇති. හිතට ගොඩාක් දැනුන, දැනෙන හැඟීම් වචන වලට පෙරලන්න ගොඩාක් අමාරුයි අයියේ,.

සිහින said...

පොඩි මෑන් : යකෝ මුල්ම කමෙන්ට් එක උබ දාල කොහොමද කලින් උන් බැන්න කියල කියන්නේ.බලපන් අද උදේ ඉඳං ආපු හැමෝම උබේ කතාව කියන්න ගත්ත.උබ තමයි බෝ කලේ.කවුද හිතුවේ මහා රෑ 12.00 ට උඹ ඔන්ලයින් ඉඳියි කියල.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

සඳරු : උඹටත් නින්ද යන්නේ නැති ලෙඩේ තියනවා වගේ සඳරුවෝ.බලද්දී අපි ඔක්කොම එකම බෝට්ටුවේ.උඹත් දවස් දෙක තුනක්ම ඇහුවනේ ලියන්නේ නැද්ද කියල.පොඩ්ඩක් පරක්කු උනා බං.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

සඳූ : හලෝ සඳූ.මම හිතුව දැන් ලියන්නේ නැද්ද කියල.බලද්දී මමනේ ලියල නැත්තේ.කමෙන්ට් නැතත් ගොඩක් ලියල නේද සඳූගෙ සිතුවිලි.ජය ! මේ පැත්තේ ආවට ස්තූතියි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

නචියා : ඔවු බං අයියේ කතා කරලා වැඩක් නෑ.අහිංසක මිනිස්සු උන් හින්ද විඳින අසාධාරනකම් කෙළවරක් නෑ.ඔවු ඒ හැම දෙයක්ම අතීතෙට එකතු වෙලා ඉවරයි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

සිංහයා : අම්මෝ උඹල තමා බස් දාල මගෙ නම කෑවේ.ලියපිය කියල.මොනවා කරන්නද ඔහේ ලියල දැම්මා.ඉතුරු ටිකත් ලියනවා තමයි යකෝ.දන්නවනේ තැනින් තැන කනවා හරිය ආයේ සද්දේ දැම්මොත්.හික්ස්....

සිහින said...

ප්‍රියන්ත අයියා : මතක් උනා නේන්නම්.අර මඩසාන්ලා කුජීත කළා නොවැ මාව.පස්සේ අළු ගසා දාල නැගිට්ට ඕන්. හේ හේ.. ස්තූතියි අයියේ ඇවිත් ගියාට.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

චාපා අක්කා : ඔවු ඔවු මටත් කියන්න තියන්නේ ඔයාලගේ සද්දේ දැමිල්ලට ජය වේවා කියල තමා.ආයෙත් අහලා.ඔය ඕනයියලට,දුමි අයියලට එහෙම ඔබාමා සද්දේ දාන්නේ ලියපල්ලා කියල.ඊට පස්සෙනේ එයාල ලියන්නේ.මේවා බයට ලියවෙන පෝස්ට්.හික් හික්.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

තනෝජා නැන්දා : මේක ඇත්ත කතාව.මම එදා ඉඳන්ම මේ ටික ටික ලියන්නේ ඒ කතාව.ගොතපු කතාවක් වගේ නේද?ඒත් මේක තමයි ඇත්ත.ආයේ කට්ටිය හම්බ උන වෙලාවක මේ ලියද්දි අමතක උන තැන් එක්කම කියන්නම්කො එහෙනම්. ජය ! ස්තූතියි නැන්දේ ඇවිත් ගියාට. (ඔයා ඉතින් දන්නවනේ මම කට පුරා නැන්ද කියල කියන හොඳ පුතා කියල)

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

කෝච්චයියා : එළ එළ.. ඉක්මනටම ලියනවා අයියේ.ඩිංගක් හිටුකෝ කෝච්චියේ ගිය සවාරියක් ලියන්න තියනවා.ඒකත් ඔය වගේම එකක්.තැන්කූ ඈ...

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

රහස් පරීක්ෂකයා : අලේ ස්තූතියි මහත්තයෝ මේ පැත්තට ආවට.ඔන්න උදෑහැනම මාත් ගියා ඔය පොලෝසිය පැත්තේ.අද කියවල බලන්නම්.අඩේ අපිව අල්ලයිද මන්ද පොලොසියට අපහාස කළා කියාලා.. මේ බොරු ඈ....

සිහින said...

හසී අක්කා : කියල වැඩක් නෑ අක්කණ්ඩි.අතරින් පතර හොඳ අය ඉන්නව ඇති.හැබැයි මටනම් මෙච්චර කාලෙකට එහෙම අය හම්බෙලා තියන්නේ එකම එක පාරයි.අනිත් උන් ඔක්කොම මනුස්සකම දන්නේ නැති, සල්ලි පස්සේ දුවන යක්කු.අලේ මාව හෙට සුදු වෑන් එකකින් අරන් ගියොත් පොඩ්ඩක් හොයල බලන්ට හොඳේ..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

නිල් අහස : බොහොම ස්තූතියි සහෝදරයා ඇවිත් ගියාට.කියවීමෙන් සතුටක් ලැබුවානම් ඒක තමයි මගේ සතුට.එක හුස්මට , ඔය වචනේ මුලින්ම මම අල්ලාගත්තේ වැපා ගෙන්.හී හී..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

වැපා : කොහෙද බොල මාස හතරක් ගියේ.තනිකර මාස තුනයි.හික්ස්.කෝම හරි ලිව්වනේ.ආවට තැන්කූ හලේ...

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ප්‍රාර්ථනා : ඔවු නංගි.ඔයා හිතුව ගොඩක් දුරට හරි.අන්තිම වෙනකල් රැඳිලා ඉන්නකෝ.මම ටිකින් ටික ලියන්නම්.මම උදේ දැක්ක බුකියේ දාපු ලින්ක් එකටත් කමෙන්ට් කරලා තිබුනා.මගෙන් නිතරම ආයෙ ලියන්නේ කවද්ද කියල අහපු අයගෙන් ඔයත් එක්කෙනෙක්.ඉතින් ගොඩක් සතුටුයි ඇවිත් ගියාට.දැනෙන හැඟීම් වචන වලට පෙරලන්න ගොඩාක් අමාරුයි තමයි නංගි.මම ඒක පිලිගන්නවා...

රවින් said...

සොරි වෙන්න ඕන මචන් පරක්කු වුනාට.. මම දැන් තමයි කියෙව්වේ.. පොලිස් මහත්තයා ගැන නම් පුදුම සතුටක් ඇති වෙනවා කතාව කියෙව්වම.. බොරු කියන්න ඕන නෑ බං.. මේක පට්ටයි.. ඊලඟ කොටසත් තව ටිකක් කල් අරන් හරි කමක් නෑ මේ වගේ ලස්සනට දානවා නම්..

රශ්මි said...

thix me kathawe oyata mona hari amathaka wechcha deyak thiyanawanam magen ahanna hode :-D he hee btw niyamy dear nice memories

සුපර් said...

දිගටම ලියන්න මල්ලී. කථාව අමතක වෙන්න දෙන්න එපා. උබ දන්නවනේ මගේ මොලේ හැටි. හරියට අමතක වෙනවා. ඒක හින්දා හොද කොළුවා වගේ දිගටම ගානට ලියාගෙන යන්න හොදේ ...........

ගිනි කුරුල්ලා said...

හ්ම් නියමෙටම ලියලා තියනවා බන්..

ඉතිරි ටිකත් ඉක්මනට ලිව්වෙ නැත්තම් මේ පාර තර්ජන නෑ, කෙලින්ම සුදු වෑන් එකක් එවනවා හරිය....

හිස් අහස said...

දැන් අනික් ටික ලිපන් මචං ලබන ආත්මේ !!

මදුශාන් said...

මගේ.සිංහයාගේ අලුතාගේ සහ කුදු මහත් සමස්ථ බස් ප්‍රජාවේම බල කිරීමේ ප්‍රතිඵල අවසානයේ :D.එල ඈ පස්ටයි...(දැකලා දවස් දෙකක් තුනක් උනත්,ගෙදර එනකං කමෙන්ට් කරන්න බැරි උනා සොරි ඈ..:/)

Observer said...

පුතා, බ්ලොග් එකට ගොඩ වුනා විතරය් කියෙව්වේ නැහැ, හෙමීට වෙලාව අරන් කියෝලම කොමෙන්ට් කරන්නන්. ෆේස් බුක් එකේ දැකල ආවේ

සඳ සාවි said...

මල්ලිට ලස්සනට ලියන්න පුළුවන් කියල අදනේ දන්නේ. හොඳට ලියල තියනවනේ මල්ලි....:D

තාරක Dilsh@n said...

අද දැක්කේ බන්...
ඊලඟ එකත් පුලුවන් තරම් ඉක්මනකට ලස්සනට ලියල දාපන්...
ජය!

Anonymous said...

Adai mama meka kiyewuwe..... attatama duka hitenawa machan.. e wagema mata mage ateete matak wenawa,, digatama liyana... jaya.........

දුකා said...

කෙල්ලෙකුයි කොල්ලෙකුයි කතා කර කර ඉන්න එක උන්ගේ අයිඩී කාර්ඩ්ස් තියාගෙන උන්ගෙන් කප්පම් ගන්න තරම් වරදක් නෙමෙයි මම දන්න තරමින්.

අනාචාරයේ හැසිරුනා නෙමෙයිනේ . .

අහිංසකව ආදරය කරන දරුවො දෙන්නෙක්ගේ සහ මිතුරන්ගේ හිත් මේ විදිහට භීතියකින් පුරවන්න පොලිසියට ඇත්තෙන්ම බලයක් තියෙනවද . .

මට හිතෙන්නේ හරි නම් මේ වගේ දේවල් ගැන අඩු තරමින් බ්ලොග් එකකින් වත් දැනුවත් කරන්න ඕන . .

කරලා වැරදි කරන පොලිස් කාරයයින්ට මානව හිමිකම් කවුන්සලය හරහා හරි නඩු දාලා කෙලවන්න ඕන . .

Beetle said...

රළ පෙල යලි යලි හැපුනට
තරහ යන්නෙ නෑ වෙරළට
වෙරළට නෑවිත් ඒ රළ කොයිබද යන්නේ
නුඹටම හැර කාටද මේ හිත පෙන්නන්නේ


මේ කෑල්ල මරු නේ..? මම පට්ට ලයික්...

Warsha said...

ආදරේ කොච්චර ලස්සන වුණත් ඒක තේරුම් ගන්නෙ නැත්තෙ තේරුම් ගන්න ඕනම එක්කෙනා..

පවනි said...

අහ්.... ලස්සනයි කොල්ලො....
මමත් එක පාරක් ඔය වගෙ ගමනක් ගිහින් තියේ...
හැබැයි ඔය වගේ ප්‍රශ්නයක් නම් උනේ නෑ....
:)

නිසපුගේ ලෝකය.... said...

දුකයි සෑහෙන්න......

රවින් said...

උඹ කම්මැලි වෙලා බං

රවින් said...

උඹ මේකේ ඉතුරු ටික ලියන්න බයයි නේ?? හූ හූ...

ප්‍රාර්ථනා said...

කෝ කථාවේ ඉතිරිය...ඒක එන්නේ තව මාස හයකින්දෝ

chiranka said...

යාළුවා ඔයාට වගේම මටත් ඔය දේම වුනා.එත් ඒ කොළඹ නෙමෙයි.මාතරට අයිති පැත්තක.මමත් මගේ පුංචි සමනලී එක්ක දවසක් පාරේ කතා කර කර හිටිය.අඩුම තරමේ අතින්වත් අල්ලාගෙන නෙමෙයි.

පොලිස් ජීප් එකක් අවා මගෙන් විස්තර ඇහුව.මොනවා කරන්නද?එතකොට මට වයස 19 එයාට 17.අඩුම තරමේ එයට ID එකවත් නැ.අපි දෙන්නව ජීප් එකේ දාගෙන පොලිසියට එක්ක ගියා.මටනම් දෙකක් විතර ගෙහුවා.එත් මගේ නංගියාට අතක් තියන්නනම් මම දුන් නැ.

එදා වෙද්දී අපේ සම්බන්දෙ ගෙවල් වලින් දැන ගත්තට ප්‍රශ්නයක් තිබුනේ නැ.අපේ ගෙවල් වලින් ගෙන්නුවා.අපි දෙන්න පොලිසි වල රස්තියාදු කෙරෙව්වා.අපිව විහිළුවක් කළා.

මට මේක කියා ගන්න බැ.තේරෙන් නැ.අපි හරි අහිංසක විදියට අදරේ කරපු දෙන්නෙක්.එදා ඉදන් අපිට නොසැහෙන්න ප්‍රශ්න අවා.අදටත් එහෙමයි.එත් ඒ අපු එක ප්‍රශ්නෙකටවත් එන එක ප්‍රශ්නෙකටවත් අපි දෙන්නව වෙන් වුනෙත් නැ වෙන් කරන්නත් බැ.ඒ අපු ප්‍රශ්න අපි දෙන්නගේ ආදරේ තවත් ශක්තිමත් කළා.

පොලිසි වල ඉන්නවා හොද අය වගේම බල්ලොත්.උනුත් ලව් කරලම බැඳපු උන් තමයි.එත් උන් අපි දෙන්නගේ අනාගතේට ලොකු බාදාවක් කළා.මට ඔය ප්‍රශ්නේ එනකොට මට උසස් පෙළ විභාගෙට දවස් 5 යි.හැමදේම කඩාගෙන වැටුන.එයාටත් ගෙදරින් කොහේටවත් යන්න දුන් නැ.එයාගෙත් හැමදේම නැවතුන.

අපි හීන මවපු ලස්සන ලෝකෙට ලේසියෙන්ම එන්න තිබුන අවස්ථාව නෙති කළා.එත් අමාරුවෙන් හරි දෙන අපි ගොගක් දුර එවිත් ඉන්නවා.අපි දෙන්නට කරපු දේටනම් ඇ පොලිසියේ අයට අතම ගණක ගෙවලාවත් ඉවරකරන්න බැරි වෙයි.මොකද වෙරෙද්දක් කරලා එහෙම වුන නෙමයි.

වෙච්ච දේවල් හොදක් විදියට ගනින් මචන්.මොනවා කරන්නද කාලකන්නි පොලිස් කාරයෝ ඉන්නවනේ.

ප්‍රාර්ථනා said...

හයියූ.. මේ කථාවේ ඉතිරිය බලන්න වෙන්නේ මම හැරමිටියෙන් යන දවසක වගේ..

පොඩ්ඩා said...

අදමයි මේ පැත්තේ ආවේ..!! ඔක්කම ටික කියවන්න ඕනේ... එල ආ
ජය වේවා

තාරා said...

මමත් අද තමයි මෙහෙ ආවෙ... එක හුස්මට කතා 2ම කියෙව්වා. හරිම ලස්සනයි..

සිහින said...

කාලෙකට පස්සෙ මේ පැත්තට ඔලුව දාන්න හිතුන. කමෙන්ට් කරපු ගොඩක් අය ඉන්නවනෙ. වල් වැදිච්ච බ්ලොග් එකක් මේක යාලුවනේ.

රවින් උඹ කියනව ඇත්ත. මං බයයි. ලියන්න බැහැ.රශ්මි, බුල්ට, ගිනි කුරුලු මලේ,සඳරුව,මඩසාන්,ඔබාමා මා, අනූ අක්ක , තාරක,ඇනෝ, දුකා අයියා, බීටලේ,වර්ශ,පවනි මචං,නිසපු,පාත්තියා සමාවෙයල්ල උඹලට රිප්ලයි එකක් දාන්න මෙච්චර කල් ගියාට..

චිරංක, උඹත් මං වගේම දුක් විඳපු එකෙක් වගේ.එහෙම විඳපු දුක් තමයි මචං කවද හරි දවසක මතක් කර කර තනියම හරි හිනා වෙන්න හරි පුලුවන්. ලේසියෙන් ලැබෙන දේවල් ඉක්මනට අමතක වෙනව. අමාරුවෙන් ලබාගන්න දේවල් හැමදාමත් හිතේ තියනව.

පොඩ්ඩා, ස්තූතියි ඇවිල්ල ගියාට.

තාරා, ස්තූතියි ඇවිත් ගියාට. කියවන්න තරම් මහ ලොකු කතා ගොඩක් මම ලියල නැහැ. ඕව ඔය හිතේ දුකට ලියපුව.

………ගමක් ගැන යමක්……… said...

Elama thama

Post a Comment