2012-05-23

හිතුවෙවත් නැති දවසක...


දිගු කලකට පසු ගම්පහ ගියෙමි. රාජකාරිය අවසන් කර බස් රථයක් කරා එන විට ගම්පහ අතිරේක පන්ති අවසන්ව ගැහැණු ලමෝ එක සීරුවට බස් නැවතුම කරා ඇදී එමින් සිටියහ. මමද යුහුසුලුව බස් රථයක් වෙත නැගගත්තේ අසුනක් ලබා ගන්නා අටියෙනි. අවාසනාවක මහත ඇන්ටි කෙනෙක් ප්‍රියකරු ගැහැනු ලමයෙකු ලඟන් ඉඳගත්තා පමණි. දැකුම් කලු යුවතියක් වූ ඈ ඇඳ සිටියේ දම් පැහැති සායක් සහ සුදු පැහැති කොටන් වලින් නිම කල බ්ලවුසයකි. එතනින් එහා ඇඳ සිටියේ කුමන වර්ගයේ ඒවාදැයි මා විනිශ්චය කරන්නට නොගියෙමි. තම බෑගය මදක් විවර කරගත් ඕ බෑගයේ තිබූ තම ජංගම දුරකථනය අතට ගන්නා ලදී.




 තම දකුණු අතට ගත් HTC ඇන්ඩ්ඩ්‍රොයිඩ් වර්ගයේ දුරකනයේ උඩ තිබූ බොත්තමක් එබූ ඈ නැවත තම සියුමැලි ඇඟලි ටච් සක්‍රීනයේ පහල කෙලවර සිට උඩ කෙලවරට ගෙන යමින් එය අන්ලොක් කරගන්නා අයුරු මා දිටිමි. වේලාව බලා එය නැවත බෑගයට රුවාගත් ඈ යම් කිසි ශාරීරික පීඩාවකින් පෙලෙන බව මා හට නිශ්චය විය.


මුලින්ම තම එක් අතක් හිස මත තබා ඇස් පියාගැනීමේ අසාර්ථක ප්‍රයත්නයක යෙදුන ඈ ඉන් පසුව ඉදිරි අසුන වෙත නැමී ඔලුව තබාගන්නට සමත් විය. අර මහත ඇන්ටී දෙසට ඇදී ගිය ඈ දෙස ඒ නපුරු ඇන්ටී නපුරු බැල්මක් හෙලන අයුරු ඇය නොදුටුවද මම දිටිමි. පෙනුමෙන් ඉතාමත් අහිංසක වූ ඈ කෙරේ මාගේ අනුකම්පාව යොමු විය. මා ඒ අසුනේ සිටියානම් මාගේ උරහිස උවද දීමට මැලි නොවෙමි. නමුත් මේ සියල්ල මම බලා සිටියෙමි. කෙසේ හෝ බස් රථය අවසානය කරා ආ පසු මා වෙනත් බසයකට ගොඩ වීමි. කුමක් හෝ හේතුවකට ඇයද මා ගොඩ වූ බසයට නැගුනීය.


ඇය දෙස නෙතු යොමා සිටි මා හට හදිසියේ ඇස ගැටුනේ බස් රථයට ගමන් ගාස්තුව දීමට ඈ විවර කල ඇගේ මුදල් පසුම්බියයි. ඇයගේ පුද්ගල ජාතික හැඳුනුම්පත පැහැදිලිව එහි එක් කොනක තිබූ අතර එහි අංකය ලෙස 93 න් පටන් ගෙන තවත් අකුරු 7ක් සහ V අකුර සඳහන් විය. ඇත්තෙන්ම පැහැපත් සහ මනා රූමත් යුවතියක වූ ඈ උසස් පෙල කරනා තවත් දියණියක් බව මට ප්‍රත්‍යක්ෂ විය.මා බසයෙන් බසිනා විටද මා දෙස අහිංසක දෑසින් බලා සිටින අයුරු මා දුටුවේ අවසානයේදීය.


ඊයේ දින සිදුවූ සත්‍ය කතාවකි.


තාර පාරේ තිබූ තඩි කලු ගලකට වැරෙන් පහරක් එල්ල කරමින් දකුණ පමණක් බලමින් පාර මාරු වූ මං - තිශ්...

29 Comments:

Lishan Puwakowita said...

නිහඬව හිටපු එක හොඳයි කියන්නේ නෑ.., ඒත් සිද්ධියේ හැටියට වෙන උඹට කරන්න දේකුත් ඉතුරුවෙලා තිබිලා නෑ නේද මලයා??

මාරයාගේ හෝරාව said...

මෙම කතාව ඇසින් දුටුවකුගේ සාක්ෂිය...

"ඔයාලට කියන්න මෙයාලා එහෙම පැණියෙක්නං මං දැකලම නැහැ..‍‍දිව දොට්ට..මෙන්න දිව පොළවේ ගෑවෙනවා... සෙම සෙවල කට දෙකොනින් මේම මේම ගලනවා... අර කෙල්ල තක්බීර් වෙලා මේකා දිහා බලං ඉන්නවා..ඒකි කරන්නේ මොකක්ද මේකා ඒකට එබෙනවා ‍කැත නැතිව... ඒ මදිවට බ්ලව්ස් එකත් අල්ලලා බැළුවනේ මේ යකා ඒක කොට්න්ද කියලා අහන ගමන්..මට මෙව්වා ඔක්කෝම කියන්න බැහැ..මටම ලැජ්ජයි..සිහ් මෙහෙමත් එවුන්"

:D:D:D

පූසා said...

"තාර පාරේ තිබූ තඩි කලු ගලකට වැරෙන් පහරක් එල්ල කරමින්"
අප්පටසිරි! උඹ ජිම් පප්පද? :D

රවින් said...

යකෝ, පැණියා වුනාට කමක් නෑ, උඹ මුළු ලෝකෙටම ඒක කියන එක තමයි හොඳ නැත්තේ.. හික්ස්..
උඹේ අර කතාව අතෑරලා ශේප් වෙන්න නේද දැන් හදන්නේ..

Sabith said...

ඇල්වින් සිහින නොහොත් ද පැණියා! උබට අහන්න තිබ්බනේ බං මං අරින් එකක් ගෙනත් දෙන්නද කියලා :D

සිහින said...

ලිශාන් අයියා : වෙන කරන් කිසිම දෙයක් ඉතුරු වෙලා තිබ්බෙ නෑනෙ. සද්ද නැතුව බලං උන්නා..
ර්‍
මාර්ස් : බ්ලවුස් එක අල්ලල බැලුවෙ නෑ බොල.. ඇස් දෙකට දැක්ක රෙද්ද ටිකක් තූනී කියල.ගෑවීගෙන යද්දි අමුතු සනීපයක් එන්නෙ කොටන් වල විතරයි මයෙ හිතේ.සික් මේකා දැක්කා වාගේ කියනා හැටි

පූවා : ඇයි උඹට පාරෙ යද්දි ගලක් දැක්කොත් පයින් පාරක් දෙන්න හිතෙන්නෙ නැද්ද ??

රවින් : කවුද බො ලෝකෙටම කිව්වෙ. මේකත් හොරෙන් පෝස්ට් කලේ. කාටවත් නොපෙනෙන්න.ඒ කතාව බාගෙට ලියපු එකක් තියනව. ඉවරයාක් කරාල දාන්නත් ඕනේ..

සිහින said...

සබිත් : කොයිං එකක්ද බං.. ‍

Sabith said...

අයියෝ! ඒකත් කියල දෙන්න ඕනද උඹට! අර විශ්වාසයෙන් පෙරට යන එක බං!අර වතුර ග්ලාස් 10ක් වත් කලත් උරා ගන්න එක! :D

Dinesh said...

බස් එකේ ගිය ටිකට කෙල්ල ගැන හොයන්න ඔන හැම දේම හොයලා.. අයිඩින්ටි කාඩ් එකේ නම්බනරේ මතක හිටින්නම බැළුවා කියන්නේ ඉතින්.. :)

Weni said...

මල්ලි බස් වල යන්න එපා.. බයික් එකක් ගන්න..

Sarath Chandrasiri said...

මොනාද යාලුවා මේ හාදයෝ කියන්නේ. මම නම් ඒම කියන්නෑ ඕං ගමේ මනුස්සයෙක් නේ ඒනිසා. ජය..!

බිම්සර said...

අඩේ මටත් පැණි හලන්න කියා ‍දියංකෝ... :D

ජිංජිබිරිස් said...

හලේ මන්දා මේකා මොනවා කරනවාද කියලා මේ ඇබිත්තන් ගැටිස්සියෝ එක්ක
අනික ඒ ගැටිස්සි ආවේ මේකා එක්ක නේ අහිංසක දෑසින් නෙමෙවි කනට ගහන්න හිතෙනවා වගේ ලුක් එකක් දාන්න ඇත්තේ

DDT said...

අප්පට සිරි ... ෂර්ලොක් හෝම්ස්ටවත් ඔයතරම් නිරීක්‍ෂණය කිරීමේ හැකියාවක් නෑනේ බං. මෙතන නොලිව්ව ඉතුරු ටිකත් දැම්මනම් බලන්න. :D

අසරණයා said...

අනේ ඉතිං එදා රෑ හොඳට නින්ද ගියාද?

දුමී said...

ඔන්න බලපල්ලකෝ ලංකාවෙ තරම. අපි කොච්චර වයසට ගිහිල්ලද කියලා තේරෙන්නෙ මේ වගේ වෙලාවට තමයි. ඉස්සර විදුසරේ විද්‍යා ප්‍රභන්ධ වලදි විතරක් කියපු කතාත් දැන් ඇත්ත වේගෙන එනවා....!

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්, එහාපැත්තෙන් කතා කරන එක්කෙනාගේ මූණ පේන ගැජට්, ඇඟිල්ලෙන් එහාට මෙහාට කරන්න පුළුවන් ටී.වී ස්ක්‍රීන්, සුදු පාට කොටන් ඇඳන් යන ගෑනු ළමයි ඒ අස්සෙ පාරේ තියෙන කළුගල්වලට පයින් ගහලා මුකුත් නොවුනා වගේ ගෙදර යන අංකල්ලා.....!

දුමී said...

තිශ් මල්ලි, මොකෑ දුක හිතුනේ, කෙල්ල ගොඩක් බාල නිසාද නැතිනම් උඹ ගොඩ වයස නිසාද ?

රැඩියා said...

අපරාදේ.. වියපත් බබරා !

කෙෂාන් විදුරංග said...

අයිඩෙන්ටියෙ තියෙන්නෙ අංක 7 බං? හික් ඒ මම උබට පැණිය කිව්වෙ නෑ හොදේ... ඒ මේ 100%ක් කොට්න් ද බං?

අග්නි ධාරා... said...

ආයෙ එයාව දකින්න ලැබෙන්නම කිය ප්‍රාර්ථනා කරනව....:)))

දුකා said...

මූ මාර මුවෙක්නේ යකෝ . . . කෙල්ලගේ බෑග් එක ඇතුලේ තිබ්බ අයිඩෙන්ඩියේ විස්තර ටිකත් දැනගෙන ලඟ හිටිටපු ටිකට . .

හිරු කිරණ said...

හැදුනුම්පතේ ඔක්කොම අංක ටික දැක්කනම් උපන්දිනයත් හොයාගන්න පුළුවන්නේ. කතාවේ ඉතුරු ටිකත් දැනගන්න ඉවසිල්ලක් නැතුව ඉන්නේ...

ඉන්ද්‍රජිත් said...

මරු බුවෙක්නෙ..

දිනෙල්ක said...

ලත්තැනම ලොප් වෙයිද ? නැත්තං තවත් කොටසක් තියේවිද !!!!!

අළුත් මල්ලි said...

අන්තිම ටික ලියද්දි කරන්ට් ගිහින් ඔටෝ සේව් වුණාද???

කෝරලේ මහත්තයා said...

යන්නේ කොහෙටද කියලවත් බැලුවේ නැද්ද? අපරාදේ

PM said...

මේකේ ඔය නිකමට හිතෙන දෙයක්වත් ලිව්වොත් නරකද සිහින. දැන් මාස ගාණක් තිස්සේ ලිපියක් ලියලා නෑ.. එහෙම අත්හරලා දාන්න එපා.. මේ බ්ලොග් එකේ ලියන එක.

කැමීලියා said...

හිතක් අතීතයේ අතරමං වෙන්න බොහොම පුංචි සිදුවීමකුත් ඇති මල්ලි. අපි වර්තමානයට වඩා මහ පුදුමාකාර විදියට අතීතයට බැ‍ඳෙනවා. ඇයිද මන්දා ඒ....

සිහින said...

කැමීලියා : බොහොම ස්තූතියි කමෙන්ට් එකට.. කමෙන්ට් එක දැක්කයින් පස්සෙ.. මමත් කාලෙකට පස්සෙ මගෙ බ්ලොග් එකට ආවෙ.. :)

Post a Comment