2013-02-27

අපිට පිස්සු ඕයි !!!




මටත් පිස්සු ඕයි
බොරැල්ල කනත්ත ගාවින් බස් එකක නැගල
දියවන්නාවෙ කෙහෙල්කොලේ ගාවින් බහිමු ඕයි
ශෛල පෙන්නගෙන පොශ් කෙල්ලො පාර දිගේ වෝක් දානව ඕයි
උන්ට අපි හොම්බ දිග කැමරා අරන් මානමු ඕයි

අපිට පිස්සු ඕයි හොඳටම පිස්සු ඕයි
බේරෙ වැවේ කොල පාට වතුර අරගෙන
දියවන්නාව පුරෝමු ඕයි
ඔඩෙල් එකට පයින් ගිහින් බූන්දි මුලක් අරන් කමුද ඕයි
ඇත්තටම අපිට පිස්සු ඕයි

WTC එක උඩට කඹයක් අරන් ගිහින්
පහලට බංගී ජම්ප් එකක් දාමු ඕයි
පිස්සු කොර ඕයි
ඩච් හොස්පිටල් එකේ අරලිය ගහක් උඩට නැගල
i පෝන් එකක් කනේ ගහන් මල් කඩමු ඕයි

සත්තු වත්තෙන් ජිරාපෙක්ව පන්නගෙන ඇවිත්
කොළඹ හතේ තාප්ප උඩින් පනිමු ඕයි
ලස්සන කෙල්ලො ඇති ඕයි
මතක් වෙද්දිත් ඇඩෙනව ඕයි

ඇත්තටම අපිට පිස්සු ඕයි
මරදානෙ රවුන්දබවුඩ් එකේ මැද හිලෙන් පහලට පනිමු ඕයි
කෝච්චියක් උඩට වැටෙයි ඕයි
එන්ජිම ඇතුලට රින්ගල ගාඩ්ගෙ රතු කොඩිය උස්සන් ගිහින්
පාරෙ ඉන්න හරක්ව බය කරමු ඕයි
පිස්සු නේ ඕයි.. හරක් අපි පස්සෙන් පන්නයි ඕයි

හරක් අරන් අංගොඩ යං ඕයි
උන්ගෙ අං කපල කෑලි ගානට විකුනමු ඕයි
වැඩේ ගොඩ යයි ඕයි
ඇත්තටම අපිට පිස්සුද ඕයි
මට පිස්සු වගේ ඕයි . . 
වගේ නෙමේ ඕයි . . 
හොදටම පිස්සු ඕයි !!!


මාත් එක්කම ඇඩ්මිට් වුනා : ඕනයා | අවංක පැට්ටා | ආගන්තුකයා | STRANGER | රනා | පසන් | බුල්ටෝ |සෝඩා ගුණේ | සුදු පූසා | නචී | ජීවිතේ මල් | ලිෂාන් පුවක්ඕවිට | සංජු | පිස්සා | අශාන් | හිතුවක්කාර කෙල්ල | හසී |මුචලින්ද අමිල චතුරංග | බීට්ල්

15 Comments:

Randika Sedara said...

පිස්සුද ඔයි තමුසෙට :-D

Anonymous said...

දැන් මොකද්ද මේකෙ තේරුම??????

Bunny said...

මේවා කියවන අපිට පිස්සු ඔයි!

තිස්ස දොඩන්ගොඩ said...

WTC වැඩෙයි සත්තු වත්තෙ වැඩෙයි නම් කොර!

හිමා ... said...

අනේ මේවා කියවද්දි පිස්සු හැදෙනවා ඕයි....මොකද්ද මේකේ තේරුම් ඕයි...

හිරු said...

ඒකත් ගොඩ... හි හි

මකුළුවා..... said...

මෙලෝ රහක් නෑ ඕයි....

ඒත් කමක් නෑ ඕයි....

අපිට පිස්සු ඕයි.....

Unknown said...

පිස්සු ගුරානෙ ඕයි!! මට පිස්සු කියලා උඹ දන්න තරමටම මමත් උඹට පිස්සු කියලා දන්නවා ඕයි!!! නැත්තම් මං මේක කියවයිද ඕයි.. මමත් එකක් ලියයිද ඕයි!!

වැප් said...

සා මරු දිගටම ලියන්න අයියා ...

සුබ පැතුම්

හුටා වැටුනා නේද මගේ නමින් හෆුයි

තරියා said...

අපි තරගෙට බලමුද ශෛල???????

෴ ආවර්ජනා෴ said...

මේක දිගටම යන පිස්සුවක් වගේ ...නරකම නෑ

Anonymous said...

ඇත්තටම අපිට පිස්සු ඕයි..!!!

සමනළී said...

මෙන්න තවත් පිස්සෙක්.... නරකම නෑ..... :)

DGM AQUARIUM said...

ha....ha...niyamai

DGM AQUARIUM said...

ha....ha...niyamai

Post a Comment