මටත් පිස්සු ඕයි
බොරැල්ල කනත්ත ගාවින් බස් එකක නැගල
දියවන්නාවෙ කෙහෙල්කොලේ ගාවින් බහිමු ඕයි
ශෛල පෙන්නගෙන පොශ් කෙල්ලො පාර දිගේ වෝක් දානව ඕයි
උන්ට අපි හොම්බ දිග කැමරා අරන් මානමු ඕයි
අපිට පිස්සු ඕයි හොඳටම පිස්සු ඕයි
බේරෙ වැවේ කොල පාට වතුර අරගෙන
දියවන්නාව පුරෝමු ඕයි
ඔඩෙල් එකට පයින් ගිහින් බූන්දි මුලක් අරන් කමුද ඕයි
ඇත්තටම අපිට පිස්සු ඕයි
WTC එක උඩට කඹයක් අරන් ගිහින්
පහලට බංගී ජම්ප් එකක් දාමු ඕයි
පිස්සු කොර ඕයි
ඩච් හොස්පිටල් එකේ අරලිය ගහක් උඩට නැගල
i පෝන් එකක් කනේ ගහන් මල් කඩමු ඕයි
සත්තු වත්තෙන් ජිරාපෙක්ව පන්නගෙන ඇවිත්
කොළඹ හතේ තාප්ප උඩින් පනිමු ඕයි
ලස්සන කෙල්ලො ඇති ඕයි
මතක් වෙද්දිත් ඇඩෙනව ඕයි
ඇත්තටම අපිට පිස්සු ඕයි
මරදානෙ රවුන්දබවුඩ් එකේ මැද හිලෙන් පහලට පනිමු ඕයි
කෝච්චියක් උඩට වැටෙයි ඕයි
එන්ජිම ඇතුලට රින්ගල ගාඩ්ගෙ රතු කොඩිය උස්සන් ගිහින්
පාරෙ ඉන්න හරක්ව බය කරමු ඕයි
පිස්සු නේ ඕයි.. හරක් අපි පස්සෙන් පන්නයි ඕයි
හරක් අරන් අංගොඩ යං ඕයි
උන්ගෙ අං කපල කෑලි ගානට විකුනමු ඕයි
වැඩේ ගොඩ යයි ඕයි
ඇත්තටම අපිට පිස්සුද ඕයි
මට පිස්සු වගේ ඕයි . .
වගේ නෙමේ ඕයි . .
හොදටම පිස්සු ඕයි !!!
15 Comments:
පිස්සුද ඔයි තමුසෙට :-D
දැන් මොකද්ද මේකෙ තේරුම??????
මේවා කියවන අපිට පිස්සු ඔයි!
WTC වැඩෙයි සත්තු වත්තෙ වැඩෙයි නම් කොර!
අනේ මේවා කියවද්දි පිස්සු හැදෙනවා ඕයි....මොකද්ද මේකේ තේරුම් ඕයි...
ඒකත් ගොඩ... හි හි
මෙලෝ රහක් නෑ ඕයි....
ඒත් කමක් නෑ ඕයි....
අපිට පිස්සු ඕයි.....
පිස්සු ගුරානෙ ඕයි!! මට පිස්සු කියලා උඹ දන්න තරමටම මමත් උඹට පිස්සු කියලා දන්නවා ඕයි!!! නැත්තම් මං මේක කියවයිද ඕයි.. මමත් එකක් ලියයිද ඕයි!!
සා මරු දිගටම ලියන්න අයියා ...
සුබ පැතුම්
හුටා වැටුනා නේද මගේ නමින් හෆුයි
අපි තරගෙට බලමුද ශෛල???????
මේක දිගටම යන පිස්සුවක් වගේ ...නරකම නෑ
ඇත්තටම අපිට පිස්සු ඕයි..!!!
මෙන්න තවත් පිස්සෙක්.... නරකම නෑ..... :)
ha....ha...niyamai
ha....ha...niyamai
Post a Comment