Image Courtesy : https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDUzNY7Af1C3pTapDMZnx5i2wkMS6mj8DvRs_VVd9mlLGy2W4NOF8DYxtGLF7tGovhX-UqhNZQpuRoMT3YVBBGoLboHCWXv29c9tZmJ2lKurSbBaI36fsn7SGO8iwALHsaaoZm28mmb8A/s640/_thinking_of_past__by_tynaS.jpg
2013-07-28
සොඳුරුමැ මේ රුදුරු මුණිවත
Image Courtesy : https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDUzNY7Af1C3pTapDMZnx5i2wkMS6mj8DvRs_VVd9mlLGy2W4NOF8DYxtGLF7tGovhX-UqhNZQpuRoMT3YVBBGoLboHCWXv29c9tZmJ2lKurSbBaI36fsn7SGO8iwALHsaaoZm28mmb8A/s640/_thinking_of_past__by_tynaS.jpg
2013-02-27
අපිට පිස්සු ඕයි !!!
2012-05-23
හිතුවෙවත් නැති දවසක...
දිගු කලකට පසු ගම්පහ ගියෙමි. රාජකාරිය අවසන් කර බස් රථයක් කරා එන විට ගම්පහ අතිරේක පන්ති අවසන්ව ගැහැණු ලමෝ එක සීරුවට බස් නැවතුම කරා ඇදී එමින් සිටියහ. මමද යුහුසුලුව බස් රථයක් වෙත නැගගත්තේ අසුනක් ලබා ගන්නා අටියෙනි. අවාසනාවක මහත ඇන්ටි කෙනෙක් ප්‍රියකරු ගැහැනු ලමයෙකු ලඟන් ඉඳගත්තා පමණි. දැකුම් කලු යුවතියක් වූ ඈ ඇඳ සිටියේ දම් පැහැති සායක් සහ සුදු පැහැති කොටන් වලින් නිම කල බ්ලවුසයකි. එතනින් එහා ඇඳ සිටියේ කුමන වර්ගයේ ඒවාදැයි මා විනිශ්චය කරන්නට නොගියෙමි. තම බෑගය මදක් විවර කරගත් ඕ බෑගයේ තිබූ තම ජංගම දුරකථනය අතට ගන්නා ලදී.
තම දකුණු අතට ගත් HTC ඇන්ඩ්ඩ්‍රොයිඩ් වර්ගයේ දුරකනයේ උඩ තිබූ බොත්තමක් එබූ ඈ නැවත තම සියුමැලි ඇඟලි ටච් සක්‍රීනයේ පහල කෙලවර සිට උඩ කෙලවරට ගෙන යමින් එය අන්ලොක් කරගන්නා අයුරු මා දිටිමි. වේලාව බලා එය නැවත බෑගයට රුවාගත් ඈ යම් කිසි ශාරීරික පීඩාවකින් පෙලෙන බව මා හට නිශ්චය විය.
මුලින්ම තම එක් අතක් හිස මත තබා ඇස් පියාගැනීමේ අසාර්ථක ප්‍රයත්නයක යෙදුන ඈ ඉන් පසුව ඉදිරි අසුන වෙත නැමී ඔලුව තබාගන්නට සමත් විය. අර මහත ඇන්ටී දෙසට ඇදී ගිය ඈ දෙස ඒ නපුරු ඇන්ටී නපුරු බැල්මක් හෙලන අයුරු ඇය නොදුටුවද මම දිටිමි. පෙනුමෙන් ඉතාමත් අහිංසක වූ ඈ කෙරේ මාගේ අනුකම්පාව යොමු විය. මා ඒ අසුනේ සිටියානම් මාගේ උරහිස උවද දීමට මැලි නොවෙමි. නමුත් මේ සියල්ල මම බලා සිටියෙමි. කෙසේ හෝ බස් රථය අවසානය කරා ආ පසු මා වෙනත් බසයකට ගොඩ වීමි. කුමක් හෝ හේතුවකට ඇයද මා ගොඩ වූ බසයට නැගුනීය.
ඇය දෙස නෙතු යොමා සිටි මා හට හදිසියේ ඇස ගැටුනේ බස් රථයට ගමන් ගාස්තුව දීමට ඈ විවර කල ඇගේ මුදල් පසුම්බියයි. ඇයගේ පුද්ගල ජාතික හැඳුනුම්පත පැහැදිලිව එහි එක් කොනක තිබූ අතර එහි අංකය ලෙස 93 න් පටන් ගෙන තවත් අකුරු 7ක් සහ V අකුර සඳහන් විය. ඇත්තෙන්ම පැහැපත් සහ මනා රූමත් යුවතියක වූ ඈ උසස් පෙල කරනා තවත් දියණියක් බව මට ප්‍රත්‍යක්ෂ විය.මා බසයෙන් බසිනා විටද මා දෙස අහිංසක දෑසින් බලා සිටින අයුරු මා දුටුවේ අවසානයේදීය.
ඊයේ දින සිදුවූ සත්‍ය කතාවකි.
තාර පාරේ තිබූ තඩි කලු ගලකට වැරෙන් පහරක් එල්ල කරමින් දකුණ පමණක් බලමින් පාර මාරු වූ මං - තිශ්...
2011-09-22
සිහිනය නැවතත්...(දෙවැනි දිගහැරුම)
එපා වෙන්න දෙන්න එපා
මට නුඹව
හිනා වෙන්න ආසයි මම
නුඹ ලඟම
පොළව අකීකරු උනාම
අහස වෙලා වැහි ඉහින්න
එපා දැවෙන ඉර වාගේ
රැස් විහිදවන්න
රළ පෙල යලි යලි හැපුනට
තරහ යන්නෙ නෑ වෙරළට
වෙරළට නෑවිත් ඒ රළ කොයිබද යන්නේ
නුඹටම හැර කාටද මේ හිත පෙන්නන්නේ
කෝ මේ සිහිනයා, ලියපිය හොඳ හිතින් මේකේ අනිත් ටික කියල කියපු හැමෝටම ;
ඔන්න මම ලිව්වා.තවම ඉවර නෑ.තව ගොඩක් දේවල් තියනවා ලියන්න.හැම දෙයක්ම ටික ටික කියන්නම්.
2011-06-27
සිහිනයක්ම විය ඒ සොඳුරු දින..(පළමු කොටස)
උදේ ඉඳං බීරින් කරන් තිබුන කොළඹ අහස මහා අනෝරා වැස්සක් වෙලා කඩා වැටෙන්න ගත්ත.ඈත පේන අහස උසට නැගුන තට්ටු නිවාස පේලිය දිහා හිස් බැල්මෙන් බලාගෙන ඉන්න ඒ පුංචි සමනලිය බාගෙට වැහුන ජනේලෙන් එලියට පුංචි අත දාල වැටෙන වතුර බින්දු එකතු කරන්න අසාර්ථක උත්සාහෙක.අතට වැටෙන වතුර බිංදු සුදු මූනට විසි වෙද්දී ඒ මූනේ ඇඳෙන අහිංසක හිනාව දිහා බලාගෙන උන්න මට එයාට කරදර කරන්න හිතුනෙම නෑ.මං අද දවස ගැන, අද උදේ සිදුවීම් පෙළ කල්පනා කරන්න ගත්ත…
මගේ ලෝකෙට ආව පුංචි සුරංගනාවිය, ඔවු ඒ පුංචි ඇස් දෙක මගේම වෙලා අදට හරියටම අවුරුද්දක්.උදේ ඉඳන්ම පොද වැස්ස.. තනියම ගම්පහ ඉස්ටේෂම ඉස්සරහට තෙමීගෙන ආව මට ලා දම් පාට කුඩයක් ඉහලගෙන ඈතින් එන මගේ ඒ පුංචි කෙල්ලව අදුනගන්න ඒ හැටි අමාරු නෑ.කලින් දවසක කිව්ව වගේම මං ආසම ලා නිල් පාට මල් වැටුන ගවුමත් ඇඳගෙන කලින් දවසක DSI එකෙන් මං අරන් දුන්න ලස්සන සෙරෙප්පු දෙකත් දාගෙන මං ළඟටම ඇවිත් හිටහත්ත ඔයා…
“සුදු අයියේ… තෙමිලා නේද ඔයා… කිව්වට අහන්නේ නෑනේ කුඩයක් අරන් එන්න කියල.. ගොඩක් වෙලාද ඇවිත්..”
“ම්ම්හ්ම්… මේ දැන් ආවේ…”
බෑග් එකේ කුඩේ ගෙනාවට ඕක ඉහලන්න කම්මැලි කමට පොඩ්ඩක් තෙමුන කියල ඔයාට කිව්වොත් අද ලස්සන දවසේ උදේම ඔයාගේ හිත රිද්දන්න වෙනවා. ඒ හින්ද මං සද්ද නැතුව හිටිය..
“අදනම් මෙහෙම තෙමීගෙන සමාධිය ලඟට පයින් යන්න බෑ නේද…” ඔයා ඇහුවා…
වැස්ස මට වාසනාව ගෙනත්ද… පයින් තියා අදනම් බස් එකේවත් පංතිනම් යන්න බෑ…
“නංගි, අද අපි වෙන කොහෙ හරි යමු…මටනම් පංති යන්න බෑ..” හිතේ තිබුන අදහස මං කිව්වා… මං දන්නවා ඔයා බෑ කියන්නේ නෑ කියල..
“ම්ම්… කොහෙද අපි යන්නේ…” මගෙ ඇස් දෙකට එබුන ඔයා එහෙම ඇහුව..
හිතේ කිසිම අදහසක් තිබුනේ නෑ…
මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන සීග්‍රගාමී දුම්රිය තව ස්වල්ප වෙලාවකින් පළමු වේදිකාවට ලඟා වනු ඇත.
දුම්රිය ස්ථානයේ යකඩ කටින් කියවුන ඒ පණිවිඩේ එක්ක මගේ හිතට ගාලු මුවදොර සිහියට ආව.
පංති යන්න බැරුව ඉෂ්ටේශමට වෙලා හිටපු තව යාළුවො තුන් දෙනෙක් එක්ක කොළඹ කොටුව බලා යන සීග්‍රගාමී දුම්රියට ගොඩ වෙලා දැන් පැයකට කිට්ටුයි.ඔයා තවමත් ඈත බලාගෙන මොනවදෝ හිතනව.පංතියක් මග ඇරලා ගම්පහින් පිටට යන පලවෙනි වතාව.අපිත් එක්ක ආව යාළුවො තුන් දෙනාටනම් ගානක් නෑ වගේ.මං හිමීට ඒ සීතල අතින් අල්ලගත්ත.නොවැරදීම අද මට පුංචි අකුරින් ලස්සනට ලියපු ලියුමක් හම්බ වෙනවා කියල මං දන්නවා.ඔය ලියුම කියවන්න මං ගොඩක් ආසාවෙන් ඉන්නේ.හතරට නවපු හාෆ් ශීට් එකක ලියපු ඒ පුංචි ලියුම මං මගේ බෑග් එකේ දාගත්තේ නිදහසේ තනියම කියවන්න ඕනේ කියල හිතාගෙන.මට කලින් ඒ ලියුම මං වෙන කෙනෙක් කියවයි කියල ඒ මොහොතේ මට හීනෙකින්වත් හිතුනේ නෑ…………
කොටුවෙන් බැහැපු අපි කෙලින්ම ගාලු මුවදොර බලා යන්න පිටත් උනා.ටිකක් අඩු වෙලා තිබුනත් වැස්ස නැවතිලා තිබුනේ නෑ.මගේ බෑග් එකේ තිබුන කුඩේ යාළුවො තුන් දෙනාට දීල අපි දෙන්න අර ලා දම්පාට කුඩේ යටින් යන්න ගත්ත.ලේක්හවුස් එක පාරේ ඇවිත් පරණ පාර්ලිමේන්තුව ඉස්සරහින් පාර පැනල ගාලු මුවදොරට සේන්දු වෙද්දීම පොද වැස්ස මහා වරුසාවක් වෙලා කඩාගෙන වැටුන.පුංචි කුඩේ අපි දෙන්නට ඉඩ මදි..ඉක්මනට හෙවනක් හොයාගන්න වෙයි..මුහුදට මුහුණලා තිබුන කන්ටේනර් පෙට්ටියක් අයිනට ගිය අපි දෙන්න ඈත දියඹෙන් තද සුළඟත් එක්ක එන වැහි පොදට මුවා උනා.ඒ පුංචි ඇස් දෙක දිහා බලාගෙන විනාඩියක් ඉන්න ඇති………..
ෆී………..
තද කොළ පාට වැහි කබායකින් සැරසුන පොලිස් නිලධාරියෙක් ඈත මුර පොලේ ඉඳං අපි දෙන්නට කතා කළා.හිමින් හිමින් අපි දෙන්න ඒ පැත්තට ගියා.පොලිස් මුර පොලක් කිව්වට කන්ටේනර් පෙට්ටියක් ඇතුලේ මේසයක්, පුටුවක් තියල තාවකාලිකව හදපු තැනක්.මුහුදු හුළඟට දිරපු නිසාද කොහෙද බාගෙට වැහුන ජනේලෙන් එන කිරි කිරි සද්දේ විතරක් මට ඇහෙන්න වුනා.මගෙ පුංචි සුරන්ගනාවිගේ ඇස් දෙකේම කඳුලු පිරිලා..
“තමුසෙලා කොහෙද? , මෙහෙ ගන්නවල දෙන්නගෙම බෑග්.. මං බලාගෙන හිටියේ දැන් ටිකක් වෙලා ඉඳං..කෝ අයිඩින්ටි…ගන්නව ගන්නවා.”
ඒ වෙද්දී මං මගේ හැදුනුම්පත හදාගෙන තිබුනත් මගේ පුංචි නංගියට එහෙම එකක් තිබුනේ නෑ.මේ 2006 අවුරුද්ද.මට යන්තං අවුරුදු 17 උනා විතරයි.මට වඩා මාස 9 ක් ම බාල උන නංගිට අවුරුදු 16 යි.මේක අහපු පොලිස් නිලධාරී තුමාට හොඳටම තරහ ගියා.අතේ තිබුන කුඩා ගුවන් විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රයෙන් ඔහු කාට හෝ ඇමතුවා.
“කොටුව ජංගම පොලිස් රථය අමතන්න.. දෙන්නෙක් ඉන්නවා හැකි ඉක්මනින් මුරපොළ වෙත වාර්තා කරන්න.ඕවර්”
මං දැන් තමුසෙලා දෙන්නව පොලිසියට යවනවා.ගෙවල් වලට කෝල් කරලා අම්මල තාත්තල ගෙන්වල භාර දෙයි හරිද.කෝ තමුසෙලා එක්ක ආව අනිත් උන් ටික.එක්ක එනවා උන්වත් තමුසේ ගිහින්.”
මං දිහාවට හැරුන ඔහු ගෝරනාඩු කළා.මොන තත්වයක් උනත් ඒ පාලු මුරපොල ඇතුලේ මගේ පුංචි සමනලීව තනි කරලා යන්න මට බෑ.ඕනෑ දෙයක් කියපු දෙන්.මං යන්නේ නෑ සුදු නංගිව තනියම මෙතන තියල.මං අර සීතල අතින් ආයෙමත් අල්ලගත්ත.යන්නේ නෑ කියල පෙන්නන්න..
“හ්ම්ම්… තමුසෙට යන්න බෑ නේද… එහෙනම් තමා.. යනවා.. ගිහින් උන් ටික එක්ක එනවා.”
කවදාවත් කොළඹට තනියම පය නොගහපු ඒ පුංචි හිත ගැස්සෙන්න ඇති.ඒත් වෙන විකල්පයක් තිබුනේ නෑ.ජීවිතේ කවදාවත් නැති තරමට මාව අසරණ උනා.කමක් නෑ.ඔයා මෙතන තනියම තියල යනවට වඩා ඔයා ගිහින් ඒ අයව එක්ක එන එක හොඳයි නංගි.. මං හිතන්න උනා..
මගේ පුංචි කුමාරි හෙමින් හෙමින් යන්න ගියා… මහා හයියෙන් වැටුන වැස්සත් එක්ක පුංචි කුඩේ නොපෙනී ගියා….
ඔයා ආපහු එනකල් ඇස් දෙක රිදෙනකල් ඒ ජනේලෙන් ඈත බලාගෙන හිටපු ආදරණීය තිශ් …
පසුවදන : මට ඉතාමත් සංවේදී උන මේ කතාව එක පාරටම ලියල ඉවර කරන්න මට හිත දෙන්නේ නෑ.පුංචි පුංචි දේවල් මග ඇරෙයි කියල මට බයයි.ඒ හින්ද මගේ යාළුවො තරහ නැතුව මට තව එක දවසක් දෙන්න.මං කතාවේ ඉතුරු ටික ලියනවා…. විශේෂයෙන්ම මං ආදරෙන් ඉල්ලන්නේ මාව පෞද්ගලිකව දන්න මේ බ්ලොග් එක කියවන අයගෙන්… ජීවිතේ ලස්සන කාලයක් ගැන ලිව්වට මේ හැම දෙයක්ම හැම කෙනෙක්ම දන්නේ නෑ.විශේෂයෙන් එයා… ඒ හින්ද සිංහල බ්ලොග් අවකාශේ තියන සුන්දරත්වය,ඒ තියන බැඳීම,විශ්වාසය පලුදු වෙන කිසිම දෙයක් කරන්න එපා.කාට හරි හිතෙනවනම් මූ පිස්සෙක්,ආදරයක් මාකට් කරන්න හදනවා කියල කරුණාකරල ආයේ මං ලියන අකුරක්වත් කියවන්න එපා.. දුකයි තමයි මෙහෙම කියන්න.ඒත් මට වෙන කරන්න දෙයක් නෑ.
විශේෂ ස්තුතියක් කරන්න ඕනේ ජනේලයෙන් එහා ලියන කිඩෝ මලයට වෝකි ටෝකි එකට කියන සිංහල නම හොයා දුන්නට. ඒ වගේම දාන්න නමක් හිතාගන්න බැරුව අසරණ වෙලා ඉද්දි උදව්වට ආව හසීගේ සිතුවිලි ලියන අපේ හසී අක්කට.
2011-06-19
හිතුවක්කාර පෙම්බරයාණෙනි
2011-06-10
මටත් නංගියෙක් හිටියනම්…….
පොඩි කාලෙට වඩා දැන් මට දැනෙන දෙයක් ගැන පුංචි පොස්ට් එකක් ලියන්න හිතුන.පොඩි කාලේ ඉඳන්ම ජීවිතේ දැනුන හිස් කමක්.ගෙයක් ලස්සන වෙන්න සිරියාවන්ත කෙලි පොඩ්ඩක් ඉන්නම ඕනෙලුනේ.ඉතින් මට හිතෙන විදියට අපේ ගෙදර ඒ සිරියාව නෑ.රණ්ඩු වෙන්නවත්, යාලු වෙන්නවත් මට නංගියෙක් නෑ.මේ ඒ ගැන මට හිතෙන දේ ගැන ලියන්න ගත්තු පුංචි උත්සාහයක්….
ඇත්තටම මටත් පුංචි නංගියෙක් හිටියනම්,
අයිය ඉස්කෝලේ ගිහින් ගෙදර එනකල් දොර ලඟට වෙලා බලන් ඉඳියි එයාට තව ඉස්කෝලේ යන්න කල් තියන හින්ද.අයියත් ඉතින් ඉස්කෝලෙන් මොනවා හරි අරගෙන එයි නංගියට..කොහොම හරි අයියගේ ඉස්කෝලේ පොත් ටිකත් අරගෙන මොනවා හරි කුරුටු ගාල බැනුම් අහගනියි අම්මගෙන්..එහෙම උනොත් අයිය අරගන්නේ ඔයාගේ පැත්ත මගෙ චූටි නංගි පැටියෝ.
කාලයක් යද්දී ඔයත් ඉස්කෝලේ යන්න පටන් ගනියි.ලස්සන සුදු ගවුම් පොඩ්ඩත් ඇඳගෙන අයිය පිට කවර දාල, නම් ලියල දුන්න පොත් ටිකත් බෑග් එකට දාගෙන අයිය එක්කම ඉස්කෝලේ යන්න මගෙ නංගියත් එයි.හවසට ගෙදර ආවම අයියේ… මේක කියා දෙන්නකෝ කියල කිව්වම අපෝ මේ කෙල්ලගෙන් තියන කරදරේ කියලත් කියයි අයිය.ඒත් හැම දෙයක්ම කියා දෙයි..තාම අයියත් පුන්චියිනේ.කොහෙන් හරි හොයාගත්තු අඹ ගෙඩියක්,පේර ගෙඩියක් උස්සන් එයි අයියේ අපි මේක කමු කියල.අඹ කපන්න ගිහින් අයිය අත කපාගත්තම ඉක්මනට දුවගෙන ගිහින් අම්මට කියයි පුංචි ඇස් දෙකේ කඳුළු පුරෝගෙන.ඉස්කෝලෙන් ට්‍රිප් එකක් එක්ක ගියොත් අයියවත් මතක් වෙයි නංගියට.එහෙම වෙලාවට අයියටත් බූන්දි සීයක් හරි අරගෙන එයි ඔයා.කොයි තරම් වෙලාවක් හරි ඔයා එනකල් ඉස්කෝලේ ලඟට වෙලා අයිය බලාගෙන ඉඳියි.
කාලෙත් එක්ක අයිය වගේම ඔයත් ටිකෙන් ටික ලොකු වෙයි.දැන් අයියට ඉන්නේ ලස්සනම ලස්සන නංගි කෙනෙක්.ඒත් අම්ම බය වෙන එකක් නෑ.හොඳ අයියෙක් ඉන්නවනේ නංගව පරිස්සම් කරගන්න.වෙසක් එකට ගමේ යාළුවො ටිකත් එක්ක රවුම් ගහල අයිය ආවම නංගියාට දුක හිතෙයි.ඒ වෙලාවට අම්ම බැන්නම ඔයාවත් එක්කගෙන තොරණක් පෙන්නන්න හරි අයිය යයි.අයිය වෙසක් කුඩු හැදුවට අලවන්න කම්මැලිය.පුංචි අත් දෙකෙන් ලස්සනට රටා දාල වෙසක් කුඩු ටිකත් නංගිය හදල දෙයි..කොහේ ගියත් මේ මගෙ නංගි කියල ආඩම්බරෙන් කතා කරන්න අයියට පුළුවන් වෙයි..අයිය පිස්සු නැටුවට නංගිය හොඳට ඉගෙන ගනියි.ඕන කරන හැම දෙයක්ම අයිය ඔයා ලගට ගෙනත් දෙයි.
ජීවිතේ මුහුණ දෙන්න වුනු ගොඩක් ප්‍රශ්න එක්ක මට ඔයා හිටියනම් පාළුවක් දැනෙන එකක් නෑ නංගි.අම්මට කියන්නේ නෑ කියල පොරොන්දු කරගෙන ඔයා එක්ක ඕනෙම ප්‍රශ්නයක් මට කියන්න තිබුන ඔයා එක්ක.අයිය අසරණ උන වෙලාවට අයිය වෙනුවෙන් කතා කරන්න ඔයා ඉදියි.මොන දුකක් ආවත් ඔය පුංචි අත් දෙකෙන් අල්ලාගෙන හිතේ තියන දුක කියද්දී ඔයා අහගෙන ඉඳියි..බය වෙන්න එපා අයියේ, හැම දෙයක්ම හොඳින් විසදෙයි.. ඔයා එහෙම කියයි මගෙ නංගි..
කොහොමත් අම්මගේ හෙවනැල්ල වගේ ඔයා ඉඳියි.අයිය ගෙදර නැති පාළුව අම්මට දැනෙන එකක් නෑ,දැවටී දැවටී ලගට වෙලා ඉන්න හුරතල් කෙල්ල ඉන්න නිසා.අයියේ,ගෙදර එන්න රෑ වෙනවද?මෙන්න අම්ම බය වෙලා.ඉක්මනට ගෙදර එන්න හොඳද…ඔයා එහෙම කියයි.ඒ වචනෙට පිටු පාන්න අයියට කවදාවත් බැරි වෙයි.අයියට හදිස්සියකට කීයක් හරි ඕන උන වෙලාවක ඉල්ලුවොත් පොතක් අස්සෙන් හරි හොයල තියන ගානක් දෙයි.ඒත් කවදාවත් ආයේ ඒවා ඉල්ලන එකක් නෑ ඔයා.
අයියත් කාලයක් යද්දී ආදරේ කරන්න කෙනෙක් හොයාගනියි.එදාට මගෙ නංගිට ටිකක් දුක හිතෙයි.නෑ නංගි… ඔය මොන කෙල්ලටත් වඩා මං ඔයාට ආදරේ කරයි..කාලයක් යද්දී ඔයත් ජීවිතේට කාව හරි හොයාගනියි.අන්න එදාට අයිය ගොඩක් කලබල වෙයි.හොයන්න ගනියි…අර සඳරු වගේ වලි දාගන්නත් වෙයි නංගියව බේරගන්න.අම්මට අසනීපයක් උන වෙලාවකට අපිට බඩගින්නේ ඉන්න වෙන එකක් නෑ.මොනවා හරි රසට හදල දෙයි.එහෙම හදන කිසිම දේක රහක් ගුනක් අයිය හොයන එකක් නෑ…
කවද හරි ලස්සන මනමාලියෙක් වෙලා ඔයා අපේ ගෙදරින් යන දවසකුත් එයි..එදාට ඔයාටත් වඩා ඔයාගේ අයිය දුක් වෙයි නංගි.මනමාලය ඔයාව මෙච්චර කල් බලාගත්තට මට රත්තරන් මුද්දකුත් දෙයි එදාට.ඒ මුද්දට වඩා මට ඔයාව ගොඩක් වටිනව කියන්න මට බැරි වෙයි නංගි.
නංගිලා ඉන්න හැම අයියෙක්ම ලෝකෙට පෙන්නුවේ නැතත් මේ වගේම එයාලගේ නංගිලට ආදරෙයි.මට එහෙම ආදරේ කරන්න නංගියෙක් ලැබුනේ නෑ.දුකා අයිය, සඳරු, උඹල ගොඩක් වාසනාවන්තයි.උඹලගේ ජීවිත කවදාවත් හිස් නෑ.. ඔය ලින්ක් දෙකට ගිහින් කියවල බලන්න එයාල නංගිලා ගැන ලියල තියන ඒවා.මීට වඩා මට හිතින් ඔයා එක්ක තනි වෙන්න බෑ නංගි..දැන් මේක ලියල ඉවරයි.තව ටිකකින් ඔයා සිංහල බ්ලොග් අවකාශෙට ඉගිලෙනවා..පරිස්සමින් මගෙ නංගි….
පසුවදන :
මේ පුංචි සිතුවිල්ල මගෙ හිතට පහල වෙන්නේ මගෙ ඇස් දෙකින්ම දකින්න ලැබෙන පුංචි සිද්ධියක් මුලික කරගෙන.හැමදාම උදේට බයිසිකලෙන් වැඩට යද්දී පුංචි පැටවු දෙන්නෙක් හැමදාම මට හම්බ වෙනවා. අයියයි නංගියි.. අයිය 5 වසරේ වගේ.. චූටි නංගියනම් 3 වසරේ වගේ.දෙන්නම හැමදාම එකම වෙලාවට පාර දිගේ එනවා.නංගියාවත් අයින් කරගෙන අයිය තමයි එක්කගෙන එන්නේ.මං දැකපු විදියට මේ දෙන්නට කිලෝමීටර් 2 ක් විතර පයින් යන්න තියනවා එයාලගේ ඉස්කෝලෙට..පුංචි කෙල්ල ළඟ ළඟ අඩිය තිය තියා යද්දී අයියට වේගෙන් යන්නත් බෑ..ඉතින් හැමදාම මං ඔය දෙන්නට හෝන් එක ගහගෙන යනවා.මේ දවස් ටිකේ අපි ඉන්න පලාතට හොඳටම වැස්ස.ඉතින් ඔය පොඩි උන් දෙන්නව මට දකින්න ලැබුනේ නෑ දැන් සතියකින් විතර.ඔය ගැන හිත හිතා එද්දී තමයි මට මේ සිතුවිල්ල පහල උනේ.
පුංචි නංගියෙක් වෙනුවෙන් හැමදාමත් හීන මැවුව,
ආදරණීය තිශ්…
2011-06-07
ආදරණීය තාත්තාට……
2011-06-05
ආදරයක සුන්දරත්වය…
කලින් කතාවෙන් ආදරය සුන්දර විදියට දිනාගත්තු හැටි කියවපු ඔයාලට අපේ ආදර කතාවෙ සුන්දර තැන් එකින් එක පෙලගස්සන්නයි මං මේ සුදානම් වෙන්නෙ…
ඔය වෙද්දී අපි අතේ Mobile Phone තිබුනේ නෑ.ඉතින් පණිවිඩයක් යවන්නත් හරිම අමාරුයි.ලියුම් තමයි ලිවුවේ..ඒ කාලේ අපිත් අපේ ඉස්කෝලේ එක්තරා ප්‍රථමාධාර සංගමේක ක්‍රියාකාරී සාමාජිකයෝ.ඉතින් ඕකෙ වැඩ වලට අහල පහල තියන සහෝදර ඉස්කෝල වලටත් යන්න ලැබෙනවා.එදා 2005 සැප්තැම්බර් මාසේ 13. ගම්පහ ප්‍රසිද්ද බාලිකා විද්‍යාලයට යන්න ඔන්න වාසනාවක් පෑදුනා.අනේ ඉතින් මායි අපේ සංගමේ හිටපු තව අයිය කෙනෙකුයි හොදට Kit එක එහෙම හදාගෙන ටයි එක අරන් නමල ත්‍රිකොනේ කෑල්ල විතරක් පේන්න උඩ සාක්කුවේ දාගෙන(ඔය කාලේ විතරක් නෙමෙයි දැනුත් සමහරු ඔහොම දාගෙන යනවා.ලස්සනකුත් තියනවනේ)ගියා කියමුකෝ ඉස්කෝලෙට.. මාත් ඉතින් ඔටුවා වගේ බලාගෙන යනවා 11 – D එක කොහෙද කියල.අනේ බලද්දී එදා තමයි 11 වසරේ Trip එක දවස.කවුද දන්නෙ ඔහොම එකක්.මං කිව්වේ ඒ කාලේ අපි දෙන්නට පරවියෙක්වත් හදාගන්න බැරි උනා මිස් කෝල් එකක්වත් යවන්න.අපරාදේ කට්ට කාගෙන පයින් ආව රාජකාරි ලියුමක් දීල යන්න.ඉතින් දැන් ඔය ලියුමත් අරන් අපි ගියා විදුහල්පතිතුමියව හම්බ වෙන්න.මං කිව්වනේ මේක ඇත්තම රාජකාරී වැඩක්.බොහොම ගරු සරු ඇතුව “මිස් අපිට මේ ලියුම දෙන්න ඕනේ ප්‍රථමාධාර අංශය භාරව ඉන්න කාට හරි" කියල කිව්ව. අනේ…… මෙන්න එයා කියපි, “මේ ලමයි දන්නෙ නැද්ද Principal කෙනෙක්ට කතා කරන හැටි.මිස් කියන්නේ නෑ මට,මැඩම් කියන්න” අනේ ඉතින් ඔය ඔක්කොම අහගෙන හිස් අතින්ම ආපහු ඉස්කෝලෙට ආව අර ලස්සන ඇස් දෙක දකින්න නැතුවම.
මගෙ ජීවිතේ ගෑනු ළමයෙක්ගෙන් ලැබුන මුල්ම තෑග්ග ලැබුනෙත් ඔය Trip එක ගිහින් ආවට පස්සෙ තමයි.Plaster of Paris වලින් හදල පාට කරපු ලස්සන කුරුළු ජෝඩුවක් ඉන්න පුංචි සමරුවක්.ලා කහ පාට.ඉතින් ඊළඟ සතියේ පන්තියට ඕක අරන් ඇවිත් බ්‍රව්න් පේපර් කවරෙක දාල මගෙ අතට දුන්න.මගෙ ජීවිතේට ඒ පුංචි සුරංගනාවී දුන්න මුල්ම තෑග්ග…
ඔය කාලේ හරි ආසයි ඉතින් ඒ පුංචි අතින් අල්ලන් යන්න.ඒත් ඉඩක් දෙන්නෙම නෑ.පොඩ්ඩක් අතින් ඇල්ලුවත් වට පිට බලල හිමීට අත අහකට ගන්නව.මොනවා කරන්නද ඉතින්.ඔය වෙලාවට තමයි ඉතින් දන්නා නැති බොරු සාත්තර මතක් වෙන්නෙ.කෝ බලන්න දෙන්නකෝ නංගි අත.මං අද සාත්තරයක් අහන ආව.ඔහොම කියල ඉතින් හොදට අතින් අල්ලගෙන ඉඳල මොකක් හරි බොරුවක් කියනව.වෙන මොනවා කරන්නද.අපි දන්නවයැ සාත්තර….
ඔන්න ඔහොම ඉතින් කාලේ ගෙවීගෙන යනව ගොඩක් ලස්සනට.ඔය තියන ඉංග්‍රීසි සාහිත්‍ය පන්තිය ඉවර වෙන්න කොහොමත් රෑ 7.45 විතර වෙනව.සර් කියන බොරු අහන්නත් තව මින්ත්තු 15 ක් අයින් කලාම 8.00 යි.ඉතින් ඉවර උනාම නංගිය එක්ක යන්න ගෙදරින් එනවා.මං දුප්පත් එකා නොවැ.අපිව එක්ක යන්න කව්රු එන්නද.කකුල් දෙකේ පිහිට තමයි.බයිසිකල් කට්ට පැදගෙන ගෙදරට එන්න විනාඩි 20 ක් විතර යනව.
කොහොම හරි කාලේ ගෙවීගෙන ගිහින් සාමාන්‍ය පෙළ විභාගෙත් ලං උනා.ඒ දෙසැම්බර් මාසේ.. නංගිගේ උපන් දිනෙත් ලං උනා.ගම්පහ ආශා එකෙන් (දන්නෝ දනිති) ලස්සන පුංචි අත් ඔරලෝසුවක් එක්ක Birthday Card එකක් අරන් දෙන්න මට පුළුවන් උනා.සමහර දවස් වලට රෑ වෙනකල් පාඩම් කරනවා.තව දවස් වලට රෑ වෙනකල් ලියුම් ලියනවා.ඒත් විභාගේ හරියට කරගන්න පුදුම විදියට උදව් කලේ ඔය නංගිම තමයි.
සමහර දේවල් මතක් වෙද්දී මේ ලියන එක නවත්තල කල්පනා කරන්න ගන්නවා…ඒ ජීවිතේ ආයේ කවදාවත් එන්නේ නෑ නේද කියල හිතෙද්දි පුදුම දුකක් දැනෙනවා..විභාගෙන් පස්සෙ ඔය කෙල්ලව අනුරාධපුරේ නෑදෑ ගෙදරක නවත්තනවා.අසරණ තිශ් තනි වෙනවා කාලයක්.හරියටම දවස් 22 ක් වෙනකල් කිසිම තොරතුරක් පණිවිඩයක් නැතුව ජීවිතේ ගෙවිල යනව.ඔය කාලේ මාත් ගෙදර ඉන්න නිසා මං යනව පොඩි පොඩි වැඩ වලට.කොහොම හරි කීයක් හරි එකතු කරගෙන ෆෝන් එකක් ගන්න තමයි ඒ දවස් වල දැඟලුවේ.හී හී..කොහොම හරි මං මගෙ ජීවිතේ පලවෙනි ෆෝන් එක ගන්නවා 2005 දෙසැම්බර් මාසේ 25 වෙනිදා.ඔය හැම දෙයක්ම මගෙ ඩයරියේ ලියවිලා තියන නිසා මේ විදියට කියන්න පුළුවන්…
අද ගොඩක් දේවල් කිව්වනේ. හෙට උදේම ආයේ ඔෆිස් යන්නත් තියනවා.දැනටමත් රෑ 11.00 යි.ටිකක් නිදාගත්තේ නැත්තන් හෙට ඇස් පියවෙනවා.
තව කතාවේ කියන්න ගොඩක් දේවල් තියනව.මං දන්නව කවුරු කියෙව්වේ නැතත් ඔයා මේක කියවනව කියල.හැමදාමත් මගෙ කතාව කියවන්න ඇවිත් යන්න.මේ අතින් ලියන්න බැරි වෙන දවසක් එනකල් මං මගෙ කතාව කොහොම හරි කියනව…
එදත් ඔයාගේ පුංචි අත් දෙකෙන් අල්ලගෙන යන්න හීන දැකපු මම,
ආදරණීය තිශ්.
2011-05-31
රැඳුනු නෙත් යුග අතර ඔබේ රුව ඇඳුනාවේ
පැමිණි මගේ සිත
ආයෙමත් වරක් හුදකලා වෙලා......
සුන්දර මතකයන් තුල
අතරමං වූ මගේ සිත
තවමත් සොයන්නේ ඒ ලස්සන නෙතු යුගලයි
වැටහෙන්නේ නෑ ඒ කිමද කියා මට......
හිත රැඳී ඒ නෙත් යුග දැකීමට
මසිත මෙතරම් වෙහෙසෙන්නේ මන්දයැයි
මම නොදනිමි....
නමුදු,
රැඳුනු නෙත් යුග අතර
ඇඳුනු ඔබේ රුව
දැකීම එකම පැතුමයි මාගේ....
අදටත් හෙටටත් මතුවටත් .......
๑۩๑ මලී ๑۩๑
දෙහදක පැතුම් : හීනයක ඇරඹුම 2
හීනයක ඇරඹුම 1 මෙතනින්මගේ ගෙවුන ජීවිතේ දිගම සතියත් ටිකෙන් ටික ගෙවිල ගිහින් හිත ආසාවෙන් බලාගෙන හිටපු සිකුරාදා උදා උනා..හරියටම දවස 2005.09.09.එදත් ඉස්කෝලේ දවසක්.ඉක්මනට 1.30 වෙන්නෙත් නෑ.කොහොමෙන් කොහොමෙන් හරි ඉස්කෝලෙත් ඇරුනා.මං පයින්ම ඉස්කෝලේ ඉඳං ගම්පහ පරණ ගාඩර් එක ළඟටම ආව.මොකද්දෝ හේතුවකට මං එතන බිම එලාගෙන ලේන්සු විකුනපු කෙනෙක්ගෙන් ලා තැඹිලි පාට ලේන්සුවක් ගත්ත රුපියල් 20 ක් දීල.(ඔය ලේන්සුව 2008 අවුරුද්ද වෙනකල් මගේ ළඟ තිබුන)
2011-05-28
සිත අද්දර ඉකි බිඳුම
සිකුරු තරුවක් වෙලාවත් ඔයා කවදාවත්ම
පායන්නෑ කියා මම හොඳින් දන්නවා....
ඒත් මම මගෙ සිත තාමත් රවට්ටනවා
ඔයා කවදාහරි මගේ සිතට නැවත ඒවි කියා......
ඒ සුන්දර මතකය තුල මගේ සිත අතරමං වෙලා
තාමත් ඔබේ සුවඳ සොයනවා........
සඳ සෙවනේ තරු ගැනලා, ඒ තරු ගානට පැතුමන් පුරලා
ඔබ මෙලෙස මා අතහැර දමයි කියා මම නොසිතුවෙමි.....
මගේ ලඟ සිටි අහිංසක තරුව හිටි හැටියේම අඳුරෙන්
වැසී ගියා වගේ ලෝකයෙන් දුරස් වුනේ මන්ද
කියා මම තවමත් නොදනිමි.......
යලි කෙදිනකවත් වෙනදා ලෙස දකින්න නැති
නුඹෙන් හිස් වුනු මගේ ලෝකය
හරියට තරු නොමැති පාළු අහස වගෙයි......
රැල්ල කොතෙකුත් පැමිණ වෙරල සිප හැර දමා ගියත්
වෙරල හැමදාමත් රැල්ලට ආදරෙයි.....
ඔබ නැවතත් මගේ ජීවිතයට රැල්ලක් නොවන ලෙස ඉල්ලමි මම
නුඹ නොමැති සොවින් හඬන මගේ සිත සඟවාගෙන ජීවත් වීම
මගේ එකම ප්‍රාර්ථනාව වේවි කියා කවදාවත් සිතුවේ නෑ මම....
එනමුදු සැමදා සියලු පැතුම් වල ජීවත් වූ නුඹ
අදටත් මගේ ප්‍රාර්ථනය ඔබය....
මගේ ජීවිතයට එදා මෙන් අදත්
උදා වූ රළ නුඹය....
හද සැලුනා නෙතු හඳුනා........
ඔබ ගැන දැනගත් විට මා සිතුවිලි හැඬුවා.......
නැවුම් බලාපොරොත්තුවක් : හීනයක ඇරඹුම 1
ඔය වෙනකොට 2005 අවුරුද්දේ අන්තිම කාලේ. O/L විභාගෙත් ලඟ ලඟ එනවා.කාලයක් හිතේ තද කරන් හිටිය ආදරේ එන්න එන්නම වැඩි වෙනවා.ඒ පුංචි සුරංගනාවී මගේ හිතට පුදුම වදයක්...හවස 3.00 වෙද්දී මං කොහොම හරි බස් ස්ටෑන්ඩ් එකට ආව.තාත්ත එක්ක බස් ඒක ලඟට ආව ඒ පුංචි සුරංගනාවී හිමීට බස් එකට ගොඩ උනා.අන්තිම සීට් එකට ඉස්සරහ සීට් එකේ අයිනට වෙලා ඉඳගෙන ඉද්දි මාත් එතනින් ගිහින් වාඩි උනා.එයා School Van එකේ ගෙදර එන නිසා කලින් එනව.කොහොම හරි එදා නාල.
තෙත කෙස් අගින් දිය බින්දු බේරෙනවා.මිහිරි ඔඩික්ලෝන් සුවදක් ඇවිත් මාව වට කරගෙන.මම සෙල්ලම් කරපු ඉස්කෝලේ ඇඳුම පිටින්.
හිමීට මං මාවම ඉඹල බැලුව.අව්ලක් නෑ වගේ...
දැන් මොනවද කියන්න තියන්නේ.. නංගි කටහඬ අවදි කළා..



