2011-01-05

අද එතැන් සිට....

අද එතැන් සිට කියල Post එකට නම දැම්මට ගොඩක් දිග කතාවක් ලියන්න වෙන එකක් නෑ මගේ යාළුවනේ.ඇයි දන්නවද.දැනටමත් වෙලාව රෑ එකොළහයි.අද Office එකෙන් එනකොටත් දහයත් පහු වෙලා මයෙ හිතේ.උදේ ඉඳං වැඩ ගොඩක් තිබුන.ඒ අස්සේ අද අපේ Attendance Sheet එක බෙදුවා.ඔන්න ඉතින් මේ පාරනම් යන්තම් ඕල් ටයිං(Over Time,ශුද්ධ සිංහලෙන්නම් OT) ටිකක් කොරල තියනවා.ඇති යාන්තම්.උදේ හෙන කික් එකේ ගිහින් අද රෑට ලියන පොස්ට් එකට කටු සටහනකුත් ගැහුවා හීනෙන් වගේ මතකයි.ඒත්ගෙදර එන වෙලාවට ඕව මතක වෙන්නේ නෑ.අද කොහොම හරි දවසේ කතාව අපේ උදිත අයියට උන දෙයක්.මෙහෙමයි කතාව.

ඔය උදිතය ඊයේ රෑද කොහෙද ආයෙත් පාරක් මාම කෙනෙක් වෙලා.ඉතින් මෑන්ස් අද පාන්දරම කුකුලටත් වැඳගෙන රාගම මහ ඉස්පිරිතාලෙට  ගිහින් තියනවා මස්සිනා අයියත් එක්ක.ඉතින් කොහොම හරි ගියා කියමුකෝ.ඔය ඉස්පිරිතාලෙට මන්නම් මතක ඇති කාලෙක ගිහින් නෑ.හැබැයි ගියොත් ආපහු එන්න පාර හොයාගන්න අමාරුයි කියල තමයි අපේ චින්ති අයිය කිව්වේ.ඉතින් අපේ උදිතයටත් වෙලා තියන්නේ ඔය සංතෑසියම තමයි ඕං.ඉතින් ඊට පස්සේ මෙයා වටේ කරකෙද්දී Trainee Nurse ල සෙට් එකක් යනවල කොරිඩෝ එක දිගේ.අපේ කතානායකත් පහු කරන ගිය සෙට් එක දිහා ඔලුවවත් උස්සල බැලුවේ නෑලු ඕං.ඉතින් ටිකකින් මෙයට ඇහෙනවලු ශ්....ශ්...සූ සූ.. සද්දයක්.බැලින්නම් අර ගිය පොඩි Nurse පැටව් ටික අපේ උදිත මල්ලිට සද්දේ දාල.ඉතින් අපේ අසරණ උදිතව වෙව්ලනවලු.දැන් ලගට ඇවිත් වට කරගනි...දැන් එයි කියල.මොනවා උනත් අපේ උදිත කියන්නේ ලැජ්ජා බය ඇතිව හැදුන කොල්ලනේ.බයටම මෙයාට හීනෙන් වගේ පාර පෙනිලා තියනවා ඒ අස්සේ.නැත්තං ලොවෙත් නෑ..ලොවි ගහෙත් නෑ..ගාල්ලෙත් නෑ..ගාලු පොලෙත් නෑ වගේ තමයි.කොහොමද ඔය සෙට් එකට උදිතව පාලු...අඳුරු..කොරිඩෝ එකක් මුල්ලකදී හම්බ උනානම්..අම්මෝ...හෙට උදේ පත්තරේ News එක තියෙයි අපුරුවට.ඔන්න බලාගන්න දැන් කාලේ හැදෙන කෙල්ලන්ගේ හැටි.මේක අපේ රක්ෂ්මියයි, සිතූ අක්කයි බැලුවොත් මට ඉන්න වෙන එකක් නෑ.රක්ශ්මිය, රාක්ෂ මිය වෙයි.සිතූ අක්ක නොසිතූ වෙලාවක මට ප්‍රහාරය එල්ල කරයි.අනේ ඉතින් කොහොම හරි ඔය කරදර ඔක්කොගෙන්ම බේරිලා අපේ උදිත මල්ලි උදේ 8.00 වෙද්දී Office එකටත් ඇවිත් හිටිය ඕං..

ඉතින් අපි සේරම එකතු වෙලා අදින් ඇරඹුණු උදිතගේ අලුත් මාම ජීවිතේට සුබපතමු..මාමේ බාල සමාගමෝ..!!

කොහොම හරි සුන්දර සිහින මගේ Blog පිටුව තේමාවෙන් ඔබ්බට යනවා වගේ කියල ඔයාලට හිතෙයි.අනේ ඉතින් දැන්මම එහෙම හිතන්න එපා.මොකද අද ගොඩක් නිදිමත හින්ද මං මගේ කතාව ලිව්වේ නැත්තේ.දැන් වෙලාවත් 12.30 යි.මගේ යාළුවො සේරම දැන් ලස්සන හීන දකිනවත් ඇති.ඉතින් තවත් හීන ගැන මොකට කතාද.එකයි හෙට ටිකක් හිනා වෙන්න පුළුවන් කතාවක් ලිව්වේ.
මටත් දැන් ඇහෙනවා හීන මට කතා කරනවා වගේ.ඉතින් අදවත් ටිකක් කලින් ගෙදර ඇවිත් අර ඊයේ නවත්තපු තැනින් පටන් අරන් ලියන්න බලාපොරොත්තුවෙන් මං පැය 24 ක පුංචි විවේකයක් ගන්නම්.

හීන මවන මම

3 Comments:

Uditha said...

අනේ මන්ද දැන් නම් අපේ "කලබලයට" මොකුත් කියන්න බැරි වෙයි වගේ.....

Chinthaka said...

Beginning of new legend ....

තිශ් said...

@ Uditha ඒකනම් මම දන්නේ නෑ ඕං.හැබැයි මං කතාව මැද්දේ Ad දාන එකනම් නැවැත්තුවා.

@ Chinthaka අනේ ඔච්චර ලොකු එකක් මං පටාං ගත්තේ නෑ තවම.පොඩි උත්සාහයක් විතරයි.

Post a Comment