2011-01-06

ආවර්ජනා.....

අපි එදා කොතනින්ද නැවැත්තුවේ..........නෑ නෑ..විසිකරපු ගල ආපහු එන කතාව නෙමෙයි.මදැයි ශාස්ත්‍රීයලිපියක් ලියන්න ගිහින් මං අහගත්තුව.ඔයඅපේ J.R.සහෝදරයා තමයි වැඩිපුරම මේකට වගකියන්න ඕනේ.හරි,කොහොම උනත් ආයෙත් මං ශාස්ත්‍රීය ලිපි ලියන්නේ නෑ කියල හිතාගත්ත.මොකද ඔය පැංචා මට දවසක් කිව්වා මෙහෙම කතාවක්. ‘‘මචන්,මේ ලෝකේ මිනිස්සුන්ට පුළුවන් දේවලුත් තියනවා,බැරි දේවලුත් තියනවා...’’ඕක ඉතින් මට ඊයේ මතක් උනේ නෑ නොවැ.මොනවා කරන්නද..

එදා ඉතින් මං අර ඉංග්‍රීසි සාහිත්‍ය පන්තිය ඉවර වෙලා ගෙදර ගියා කියල කිව්වා නේද?ගෙදර යන එකත් ලේසි වැඩක් නෙමේ අප්පා ඒ දවස් වල.මහා රෑ 8.00 ට කොහෙන්ද දෙයියනේ අපේ ගාලු පාරේ බස්.කෝ බලන්න අපේ 268 මිනුවන්ගොඩ-බඩල්ගම ධාවන මාර්ගයේ ගමන් ගත් අය ඉන්නවනම් අත උස්සන්න..ආ... මේ ඉන්නේ මගේ හොඳ බ්ලොග් රසිකාවියක්.මිසිස්‌ ජපන් ජබර.(JJBR)..කොහොමද අපේ පාර..බස් එක යන මධ්‍යක වේගය පැයට කිලෝමීතර 18 යි නේද?.(18 km/h) හී හී..මාලයි නේද..සමහර වෙලාවට බක්කි කරත්ත,බර කරත්ත වගේ ඒවා අපිව ඉස්සර කරගෙන යනවා.මං හරි නේද මිසිස්‌ ජපන් ජබර්.ඉතින් රෑ 6.00 න් පස්සේ ඔය ජාතියෙවත් බස් එකක් හොයාගන්න නෑ ඉස්සර.ඉතින් 8.00 ට Classඑක ඉවර වෙලා බලාගෙන ඉන්නවා.ඉන්නවා..ඉන්නවා...මොන..බස් එකක් තියා Double Decker එකක්වත් නෑ.ඔය කාලේ මට පුෂ් බයිතිකලයක්වත් නැති කාලේ.ඉතින් පාර පුරා ගෙදර වගේ කියල හිතාගෙන ගෙදර යන්නේ පැයකට විතර පස්සේ.පොඩ්ඩක් ඉන්න බලන්න මං මුලින්ම ඔය කට්ට කාපු දවස හොයල බලනකල්..............

හරි හරි යාලුවනේ..පොත් ගොඩ පෙරලලා හොයාගත්ත.කොහොමත් මං ඔය පොත් ටික ආයෙත් හොයාගන්න තමයි උන්නේ.මං මුලින්ම ඔය Class එකට හිගින් තියන්නේ 2004-02-18 බදාදා දවසක්.වැඩේ හරියන්නේ නෑ වගේ.මේක ලියන එක පැත්තක තියල මෙන්න මේ යකා Notes කියවනවා.අනේ මන්ද ඉතින්..කියන්නනම් කොච්චර දේවල් තියනවද..ඔය Class එක තියන තැන අයිති උනේ Aunty කෙනෙකුට.අම්මෝ...එයාට බබාල ගොඩාක් ඉන්නවා..හී හී..ඇත්තමයි..බොරුනම් දහම්ගෙන් අහන්න.ඉතින් එයා එනවා හැමදාම Class එක පටන් ගන්න කලින් නම ලකුණු කරන්න,සල්ලි අරගන්න.ඒ Class එකේ ඔය Card මාර්ක් කරන දේ තිබුනේ නෑ.ඉතින් එය ඇවිත් හැමෝගෙම නම හයියෙන් කියවනවා.ඔය වැඩේ ඉතින් අපිට හෙන ආතල්.. හී හී...ඉතින් කොහොම හරි කාලයත් එක්ක පන්තියේ වැඩියෙන්ම කියවෙන නම් අතරට මගේ නමත් එකතු උනා.ඉතින් ඊට පස්සේ සෑර් කිව්වා *** පුතා ඔයා මේ පන්තියේ මොනිටර් වෙන්න කියල.අනේ ඉතින් පිස්සු නට නට හිටපු මේ අසරණයව මොනිටර් පට්ටමකට හිර කරා ඕං..දුක තමයි..පන්තියේ හුණු කුරක් ඉවර උනත් ඉතින් දුවන්න ඕනේ ඒක අරන් එන්න.පන්තිය පටං ගන්න කලින් ලයිට් සෙට් කරන්නත් ඕනේ.අම්මෝ මොනිටෝර්ට තිබුන වැඩ ගොඩ.ඔහොම කාලේ ගෙවිල ගියා ඉතින්.

සුන්දර දේවල් ගොඩක් තිබුන ඔය අතරේ.සමහර දවස වලට ලයිට් යනවා.කියන්න ඕනේ නෑනේ ලයිට් ගියාම අපි කරන ඒවා.මුලින්ම හොල්මන් සද්දේ දානවා.එතකොට ඉස්සරහ පේලියේ ගෑනු ළමයි බය වෙනවා.ඊට පස්සේ කාගේ ලග හරි තියන ජංගමයකින් ලයිට් එක පත්තු කරලා එහෙට මෙහෙට වනනවා.ඔන්න ඉතින් ඊළගට අර ඇන්ටිය ඉටිපන්දම් ටිකකුත් උස්සගෙන දුවගෙන එනවා.ලමායි...මේවා පත්තු කරගන්න..ඔන්න ඉතින් සෑර් මුලින්ම එකක් පත්තු කරල පන්තිය වටේ යවනවා..අපි කරන්නේ අපිට හම්බ වෙන ඉටිපන්දම මොන ගේමක් හරි දීල නිමාගන්න එක.ඕකට ඉතින් මහා ලොකු ගේම් දෙන්න ඕනේ නෑනේ.එක පාරක් ෆු ෆු.. කියල පිම්බම ඉවරයිනේ..ඇයි දන්නවද,එතකොට ඉස්සරහ පේලියේ හිටපු ගෑනු ළමයි තුන් දෙනාගෙන් ඉටිපන්දම ඉල්ලගන්න පුළුවන්නේ.ඒ ගෑනු ළමයි තුන් දෙනා ගැන මං ඉස්සරහට ලියනවා.එතකල් මේ කියන ටික අහගෙන ඉන්නකෝ හරිද....


ආ.... තව දෙයක් අමතක උනා කියන්න..ඔය පන්තිය ලග තමයි අර ඇන්ටිගේ හරක් දෙන්නව බඳින්නේ.නෑ නෑ.... ළමයි දෙන්න නෙමෙයි......කකුල් හතරේ ඇත්තම වහු නාම්බෝ දෙන්නෙක්.ඉතින් මුන් සැරින් සැරේට එක එක සද්ද දානවා..උම්බෑ.....කියනවා.වමාරා කනවා..විකා ගිලිනවා..හී හී..හරක්නේ ඉතින්.

ඔය අස්සේ කාගේ හරි සෙරෙප්පු දෙකක් එහෙම කකුලෙන් ගැලවිලා තිබුනොත් සොරිම තමයි.කෙලින්ම සෙරෙප්පු කුට්ටම ගිහින් නවතින්නේ අර ගොන් වස්සාගේ කකුල් දෙක යට.මං දන්නේ නෑනේ ඔය සීන් එක.(මුලදී)අනේ ඉතින් ගොදුරු උනා.පස්සේ සේ මාත් ඇරියේ නෑ.ඔය පන්තියේ කොල්ලෙක්ගේ ගොනා ලගට ගියේ නැති සෙරෙප්පු දෙකක් තිබුනනං ඒ අපේ සෑර්ගේ සෙරෙප්පු දෙක තමයි.හී හී..

ඉතින් ඔන්න ඔහොම කාලේ ගෙවිල ගියා මාස දෙකක් විතර...ඔය අතරේදී තමයි මං අර මුලදී කියපු ලෙන්ගතු චරිතය මගේ ඇස් දෙකට මුණ ගැහෙන්නේ.ඒකත් ලස්සන කතාවක්.ඒ කතාව මං හෙටට කියන්න ඉතුරු කරගන්නම්.මගේ යාළුවො තරහ වෙන්නේ නෑ නේද?අදවත් ටිකක් කලින් සයනාරූඩ වෙන්න ඕනේ ලස්සන හීනයක්වත් දකින්න..
එතෙක් මට මගේ හදවතට පුංචි විවේකයක් දෙන්න..

හැමදාමත් ඔයාගැන හීන මවන මම

2 Comments:

nipuni said...

aiyage postz walin mama kiyawapu lassanama eka...
rly lv diz 1...
issara ewwata wada dan liyana ewa godk lassanai..addz tikak adu wunot tawat lassanai..hikz..
keep it up..gudluck!

Anonymous said...

ada thamai kiyewwe. liyanna panthiye wisatara.

mage palaweni aadarayath patan gaththe oya wagema panthiyakin thamai. :)

Post a Comment