අද හවස මං මුණුපොතේ යාලුවෙක් එක්ක සංවාදයක් දාගෙන ඉද්දි මතු උන දෙයක් ගැන තමයි මං අද ලියන්න හිතන් ඉන්නේ.ඇත්තටම කියනවනම් මීට කලින් කිසිම දවසක මට මේ දේ හිතුනේ නෑ.
අපේ ජීවිතෙන් තුනෙන් එකක් දැන් ගෙවිල ඉවරයි නේද?දැන් මට වයස අවුරුදු විසි දෙකයි.මේ අවුරුදු විසි දෙකට අපි කරපු දේවල් මොනවද?
මං ටිකක් මහන්සි වෙලා හොයාගත්ත තොරතුරු ටිකක් මේ..



1824 දී Louis Braille විසින් ලෝකෙට බ්රේල් අක්ෂර ක්රමය හඳුන්වා දෙනවා.ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 15 යි.
ඉතින් මේ වගේ දේවල් දැක්කම අපිට හිතන්න කොච්චර දේවල් ඉතුරු වෙනවද? ඇයි අපිට බැරි..අපේ ජීවිතෙන් තව ඉතුරු වෙලා තියන්නේ 2/3 ක වගේ කාලයක් නේද?ඒකෙනුත් අන්තිම අවුරුදු 20 ගැන අපිට අමතක කරන්න වෙනවා නේද?එතකොට මේ ලෝකෙට දෙයක් කරන්න අපිට තව ඉතුරු වෙලා තියන්නේ අවුරුදු 20 ක් වගේ පොඩි කාලයක් නේද? ඉතින් මගේ යාලුවනේ මේ ලෝකේ දියුණු කලෙත් අපි වගේම මිනිස්සු නේද?
ඔය චාල්ස් ඩාවින් මහත්තය කියල තියනවා මේ වගේ කියමනක්. “A man who dares to waste one hour of time has not discovered the value of life”. ජීවිතේ අපිට ලැබිල තියන කාලය ගොඩක් වැදගත්.ඒ ජීවිත කාලයෙන් පැයක් අපතේ යවන්න කැමති කෙනෙක් කවදාවත් ජීවිතේ වටිනාකම තේරුම් ගන්නේ නෑ.ඒ කියන්නේ ජීවිතේ වටිනාකම දන්න මනුස්සයට අර පැය උනත් ගොඩක් වටිනවා.මතක තියාගන්න අපිට ලැබිල තියන්නේ පුංචි කාලයයි.හැබැයි මේ පුංචි කාලයෙන් අපි ගොඩක් දේවල් කරන්න ඕනේ..මට පහු ගිය දිනක ජාතික තරුණ සේවා සභාවේ යෞවන සමාජ බලමණ්ඩලයේ නායකත්ව පුහුණු කඳවුරකට සම්භන්ධ වෙන්න අවස්ථාව ලැබුන.ජීවිතය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න, දැනගන්න, විඳගන්න එහිදී මට අවස්ථාව ලැබුනා.එකේදී මං ඉගෙන ගත්ත දෙයක් තමයි අපි හැම කෙනෙක් තුලම හොද නායකයෙන් ඉන්නවා කියන එක.ඕනෑම තැනකදී නායකත්වය ගන්න, බය නැතුව ඕනෑම දෙකට මුහුණ දෙන්න පුළුවන් චරිතයක් අපි තුලත් ඉන්නවා.අපි එක අඳුනගන්න ඕනේ.දෙයක් ලෝකෙට අලුතෙන් දෙද්දී මුළු ලෝකෙම අපිට හිනා වෙන්න පුළුවන්.ඒ ඕනෑම දෙකට මුහුණ දෙන්න ශක්තියක් හොද නායකයෙක් ලග තියෙන්න ඕනේ.මතක තියාගන්න, ගැලිලියෝ ගැලීලි ලෝකේ සුර්යා වටා චක්රාකාරව ගමන කරනවා කිව්වම ලෝකෙම ඔහුට හිනා උනා.ඒත් ඒක අහන අපි දැන් හිනා වෙනවා කව්ද එදා ගැලීලියෝට හිනා උන මෝඩ මිනිස්සු ටික කියල.ලෝකේ එහෙමයි මගෙ යාලුවනේ.අපි දෙයක් හරි කිව්වොත් ඒක වැරදියි කියන්න දාහක් දෙනා බලාගෙන ඉන්නවා.මෙතැනදී මගෙ Blog එකේ නමට පටහැනි දෙයක් මේ post එකට එකතු කරන්න වෙනවා.හැමදාමත් හීන මවල හරියන්නේ නෑ.ඒ හීන සැබෑ කරගන්න,බලාපොරොත්තු ඉටු කරගන්න කැප වෙලා වැඩ කරන්න ඕනේ.මේ ලෝකේ දියුණු උනේ එහෙම වැඩ කරපු මිනිස්සු නිසා.එකෙක් උඩට නගිනකොට ඌව කකුලෙන් බිමට අදින ජාතියේ උන් තමයි ගොඩක් මේ ලෝකේ ඉන්නේ.එහෙම උන්ට ඒ කකුලෙන්ම දෙකක් ඇනල අපිට උඩට යන්න පුළුවන්නම් ඒක තමයි වෙන්න ඕනේ.එතකොටයි අපිට හම්බවෙලා තියන මේ වැදගත් මනුස්ස ජීවිතයෙන් ලෝකෙට වැඩක් කරන්න පුළුවන් වෙන්නේ.
හැමදාමත් හීන දකින්න එපා..හැබැයි හීන මවන්න..හීන හැබෑ කරගන්න බය නැතුව වැඩ කරන්න.
5 Comments:
meka na aiya prashne...lankawe lamain ta nm oya siddiyata baninna ba...mkada itn apita kohenda deyak diha tarkanukulawa balanna tya harila balannawt welawk?????????
api jvte mul 20yrz ma studyz walta marenepai..
apita nidahas adyapane unata adyapane nidahasak na na aiya....
deyak hoyaganna ko apita athdakeem...hikz
uba me magulak katha karanawa..ape unta kohenda heena dakinna welawak.loke gana heena dakinna, loke lassana thanak karanna kalin api monawa hari igena gena inna epai..oka karaganna kochchara kalyak marenna oneda.. 1st try karaddi kollata 19i.eka kelaunoth thawa awuruddak.ethkota 20i..ekath anagaththoth thwa ekak.21i.. kohomahari campus giya kiyamuko.thawa awurudu 5k wath thapinna epai.. eliyata eddi itin uge ganna sansarayk na..kohomada itn eka loke wenas karanne....
I can say one thing about you...Step by step, you are becoming a scholar blogger...
simply nice post and love it malli... keep it up!
maru post eka.....niyamai :)
Post a Comment