2011-05-26

කතරට දිය දෝතක් විය ඔබ

බස් එකත් දාගෙන මේල් ඉන්බොෂ් එක බලාගෙන ඉද්දි එක පාරටම මේල් එකක් ආවා..Sender ගෙ නම තිබුනේ හිස් අහස කියල.මාව උඩ ගියා.. කාලෙක ඉදන් මං සඳරු සෑර් ගෙ හිස් අහස කියවන්නේ.අනික තමන් ලියපු පොස්ට් එකක් ලංකාවේ ප්‍රසිද්ධ පත්තරේක පවා පල උන බ්ලොග් ප්‍රවීනයෙක් ඇවිත් වචනයක් හරි කියල ගියොත් හිතට දැනෙන සතුට ආයේ විස්තර කරන්න ඕනේ නෑනේ ..ඒ වගේමයි අද උදේ ඉඳං හසී, සිතුවිලි නිහඬයි වගේ බ්ලොග් අවකාශේ ප්‍රසිද්ධ අයත් ඇවිත් තිබුනා.මේ හැම දෙකටම හේතු උනේ අද මාරයා අයිය දාපු පොස්ට් එක. ඒකෙන් අපි වගේ හැංගිලා හිටපු බ්ලොග්කරුවන්ට ලොකු උදව්වක් උනා.ඉතින් ඔබට බෙහෙවින් පින් මාර අයියේ.

මාස හතරක්.....කිසිම වචනයක්වත් ලියන්නේ නැතුව නවත්තල තිබුන මගෙ බ්ලොග් කෙරුවාව ආයෙත් අද ඉදන් පණ ලබනවා.ලස්සන කතාවක් ගලපාගෙන ඇවිත් එක පාරටම නවත්තන්න උනේ මගෙ ජීවිතේ වෙච්ච හැල හැප්පීම් එක්ක නිදහසේ වචනයක්වත් ලියාගන්න හිත හදාගන්න බැරි උන නිසා.

මං මුලින්ම බ්ලොග් ලියන්න පටන් ගත්ත දවස් වල අපේ ඔෆීසියේ කව්රුත් බස් පැද්දේ වත් බ්ලොග් ලිව්වෙවත් නෑ. ඒත් දැන් මට පාලු නෑ.නචිය ඉන්න හින්ද. බස් ඒකට මාව දාල දීල කස්ටියට මාව අදුන්නලා දුන්න හින්ද මගෙ ගමන ආයේ පටන් ගන්න මේ මොහොතේ නචියවත් අමතක කරලා බෑ.

දුමී අයිය... මං මගෙ මුල්ම පොස්ට් එකෙන් කිව්වා වගේ මගෙ බ්ලොග් ලිවීමේ කලාවට පාර කිව්වේ දුමී අයියගේ කට කහන කතා බ්ලොග් එක.ඉතින් එයාගෙ 50 වැනි බ්ලොග් පොස්ට් එකට මං සුභ පතල Comment එකක් දැම්ම.මං දැනගෙන හිටිය කොයි වෙලේ හරි දුමී අයිය මේ හැම එකකටම Reply කරන බව.ඔන්න අද හවස වැඩේ පටන් ගත්ත.මාත් ඒ පිටුවටම වෙලා Refresh කර කර හිටිය මගෙ Comment එකට මොනවා කියයිද කියල.මං කවියක් දාල තිබුන නිසා දුමී අයියත් කවියෙන්ම උත්තරේ දීල තිබුන.ඒ ගැනත් ගොඩක් සතුටුයි.

ඔය හැම දෙයක්ම අතරේ මං ලියන එක නවත්තල තිබුන කාලේ මට වද දීපු තවත් චරිතයක් හිටිය.නිපුනි නංගි... ඔව් ඔයාවත් අමතක කලේ නෑ මං.ආයේ අලුත් එකක් ලියන්නේ කවද්ද, අර කතාවේ ඉතුරු ටික ලියන්නකෝ..කියා කියා ගුගල් සංවාද වලදී නිතරම මට කියපු අනුත්තරා නංගි..ඔන්න ආයෙත් තිශ් අයිය නවත්තපු තැනින් කතාව පටන් ගන්න යන්නේ...

තවත් කෙනෙක් අමතක නොකර බෑ.. වැපා.. ඊයේ පෙරේද දවසක උබ කව්ද බං කියල අහල මාව අදුරගෙන මාව ගොඩක් දිරිමත් කළා ආයෙමත් ලියපන් මචං.අපි බස් එකෙත් පොඩි පබ්ලිසිටි පාරක් දෙමුයි කියල.ඉතින් වැප් නිශාන්ත අයියවත් මේ මොහොතේ මතක් වෙනවා.

හරි එහෙනම් , ජීවිතේ මහා පුදුමාකාරයි....මගෙ කතාව ඊටත් වඩා පුදුමාකාරයි... ආයෙමත් මාව කම්මැලි වෙන එකක් නෑ ආදරණීය සිහින බ්ලොග් එක ඇතුලෙ.පුළුවන් තරම් ඉක්මනට කියන්න ගිය කතාව ටිකෙන් ටික කියන්නම්.ඊට පස්සේ මං හිතාගෙන ඉන්නේ මගෙ ජීවිතේ මට මුණ ගැසුන අපූරු චරිත ගැන වෙන වෙනම ලියන්න. දැන් මං දන්නවා මං මේ ලියන වචන කව්රු කියෙව්වේ නැතත් ඔයා කියවනවා කියල.මට ඒ ටික ඇති.එහෙනම් මගෙ කතාව හෙට ඉදන් ආයෙත් ආදරණීය සිහින බ්ලොග් එක ඔස්සේ අරන් එන්නම්.

අර ඉස්සර හීන මවපු පුංචි කොලු පැටිය තාමත් ඉන්නවා..,
ආදරණීය තිශ්.

35 Comments:

වැප් said...

දැන් ඉ ති න් ලි ය න් න යි ති යෙ න් නේ ....

RanDil said...

වැප්ගේ ගූගල් ස්ටේටස් එක හරහා මේ පැත්තේ ආවා. අපිත් ඉන්නවා කියවන්න. ලියමු එහෙනං................

නචියා said...

එළ... දිගටම ලියපන් මචන්... ඊයේ ඉදලා පොස්ට් එක බලන්න හිටියට දැන් තමයි ෆ්‍රී උනේ......

"දැන් මං දන්නවා මං මේ ලියන වචන කව්රු කියෙව්වේ නැතත් ඔයා කියවනවා කියල.මට ඒ ටික ඇති"

මේ කවුද බන්.... ඒ ගැනත් ලියපන්.....

තිශ් said...

@ වැප් : උඹල වගේ හිත හොඳ උන් ඉන්නකල් සිංහල බ්ලොග් ලියන්න තව දාහක්‌ දෙනා එකතු වෙයි මචං. කරපු උදව් වලට සදා ණයගැතියි..

@ RanDil : ඔය වචන ටිකම ඇති තව පිටු ගානක් ලියන්න උනත්..

@ නචියා : ආව එක ගැන සතුටුයි.. මට තවම මතකයි මං ලියපු පොස්ට් මුලින්ම කියෙව්වේ උඹ, උදිතය,මලික් අයිය..හැමදාමත් අපි ලියමු..

Pathum Herath said...

හිතට එන ඕනේ දෙයක් ලියල දාන්න තියෙන හොඳම තැන නේ මේක... ඔහේ ලියන්නයි තියෙන්නෙ... දිගටම ලියන්න...

සිතුවිලි නිහඬයි said...

අනේ තිෂ්......".ඒ වගේමයි අද උදේ ඉඳං හසී, සිතුවිලි නිහඬයි වගේ බ්ලොග් අවකාශේ ප්‍රසිද්ධ අයත් ඇවිත් තිබුනා" මෙහෙම කීවට ගොඩක් තැන්ක්ස්....මන් දන්නෙත් නැ මන් ප්‍රසිද්ධයි කියල...මන් තාම හැබැයි ආගන්තුකයි.....ආයේ ලියන්න පටන්ගත්ත එකනම් ගොඩක් හොදයි...ඔයාගේ කතාව කියවන්න බලන් ඉන්නවා.....සුබ පැතුම් හදවතින්ම........මාත් ආවේ වැප් නිශාන්ත අයියගේ ගුගල් ස්ටේටස් දැකල..............

නිශ් said...

ලියමු ලියමු අපි කියවන්නම්

පබලු said...

ආයෙම ලියන්න පටන් ගත්ත එක නියමයි...දිගටම ලියන්න.අපි එනවා කියවන්න

෴ හසියා ෴ said...

අර රන් අක්කා කිව්වා සේ මාත් පැමිණියෙමි....

දිගටම ලියන්න හදවතින්ම සුභ පැතුම්......

තිශ් said...

@ පැතුම් : ගොඩක් වටිනවා ඔය අදහස් මට.හිතේ තියන හැම දෙයක්ම බය නැතුව ලියන්න පුළුවන් එකම තැන වගේම ඒ අදහස් ලෙන්ගතුව බෙදාගන්න ගොඩක් අය බලන් ඉන්න තැන.

@ සි නි : පත්තර වල ලියන අය මොනවද ලියන්නේ කියල හිතෙනවා සීනි අක්ක ඔයා ලියන ඒවා දැක්කම.බොරු නෙමෙයි හදවතින්ම මේ කියන්නේ.මගේ ලෝකෙට ඔයාල දැවැන්ත බ්ලොග් කරුවෝ.එහෙව් එකේ මේ පැත්තට ඇවිත් යන එක මට ලෝකයක් වටිනවා.

@ නිශ් : හැමදාම කස්ටිය බස් එකේ කෑ ගහනවා අපි දෙන්නව පැටලෙනවා කියල.ආයේ එහෙම වෙන එකක් නෑ නේද.අර බුල්ටෝවට අඟල අඩියට ලොකු කරලා බලන්න ඕනෙලුනේ. හික්ස්.

@ පබලු : ඔයාල බ්ලොග් ලියන්න ගන්නකොට අපි බ්ලොග් ගැන දන්නෙවත් නෑ අක්ක.ඉතින් මට වඩා හොද බ්ලොග් ඔයාල දැකල ඇති.ඒ අතරෙත් මං වෙනුවෙන් වචනයක් හරි ලියපු එක ගැන මට ගොඩක් සතුටුයි අක්කේ.

හා පැටික්කි (MS) said...

අප්පා කට්ටියම මෙතනනේ. මාත් මේ කොයින්ද මංදා ආවා. ඇත්තම කියන්න ආපු විදිය මතක නෑ.
පුලුපුලුවන් වෙලාවට එන්නම්කෝ අයියා...... ආයෙමත් දිගටම ලියන්නකෝ........

සිතුවිලි නිහඬයි said...

තිෂ් ඔයා මන් ගැන කියපුවට ගොඩක් ස්තුතියි...ඇත්තටම එක මට ගොඩක් ලොකු ශක්තියක්..........

ශානි said...

අපෙනුත් සුභ පැතුම් එහෙනම් ලියන්නකෝ දිගටම අයියද මල්ලඉද කියලනම් දන්නේ නෑ

Anonymous said...

ලියමු ලියමු මාත් එන්නම්කෝ කියවන්න.. :)
ඔබට ජය..

said...

බස් එකෙන් නැගලා බ්ලොග් එකෙන් බැස්ස එහෙනම් ආයි දිගටම ලියාගෙන යන්නකෝ බලන්න

Kavindya said...

ඔහොම යාං ඔහොම යා.. හේනං.... ජය වේවා. කිව්වා ඔං

මාරයාගේ හෝරාව said...

තල්ලු දීලා නිකං ඉන්න නෙවෙයි හිතං හිටියේ මගේ ලිපියේ යටින් කොමෙන්ට් කරන හැම කෙනාගේම බ්ලොග් වලට ගිහින් එක කමෙන්ට් එක ගානේ හරි දාගෙන යන්න ඕන කියලයි..ඒත් ඒ පෝස්ට් එක දැම්මට පස්සේ මට මෙහේ වැඩ ටිකක් වැඩි උනා..දැනටත් මේ කේන්දර අස්සෙන් ඔළුව දාලා මේකට කොමෙන්ට් කරලා යන්න ආවේ..මම පස්සේ වෙලාවක ආයෙමත් ඇවිල්ලා යඤ්ඤ එඤ්ඤං..එතකං සමා වෙන්ට ඕන පරණ ලිපි ටික දැන්ම කියවලා බලන්න බැරි උනාට...

රංග said...

දිගටම ලියපං

Buddhi said...

නිෂ් මගේ බ්ලොග් එකට නම් නිතර දෙවේලේ එනවා මං හිතන්නෙ. දිගමට ලියන්න මමත් කියවන්නයි හිතාගෙන ඉන්නෙ.

වැපාගේ ස්ටේටස් මැසේජ් එකෙන් තමයි දැනුත් ආවේ.

ඒ උනාට මොකද්ද අර උඔ කියලා තියෙන්නෙ වැප් ගැන. "උඹල වගේ හිත හොඳ උන් ඉන්නකල් සිංහල බ්ලොග් ලියන්න තව දාහක්‌ දෙනා එකතු වෙයි මචං. කරපු උදව් වලට සදා ණයගැතියි.." කියලා.

ඔය මනුස්සයට මමත් අවුරුද්දකට කලින් ඔහොම කියලා කටුස්සගෙ කරේ රං බැන්දා වගේ උනා. බොරුනං වැපාගෙංම අහලා බලහංකො.

හැබැයි ඌ නං නෑ ම කියයි.....!

Shaminda Ekanayaka said...

දිගටම ලියන්න යාළු. අපි එනවා බලන්න. හැබැයි පුතෝ ඔය වැපානිස් එක්ක ගනු දෙනු නිකන් හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ. මගේ අතින් වචනයක් දෙකක් කියන්න ගිහින් තාම ම‍ගේ මේල් එකවුන්ට් එක හරියට වැඩ නෑ. :D:D:D:D:D

හසී said...

අනේ මම හිච්චි එකී හරිය.. කොහොමින් හැරි දැන් ඉතින් පැල් බැදගෙන ලියන්නයි තියෙන්නේ.... :)

තිශ් said...

@ ෴ හසියා ෴ : සාඩම්බර හසී පවුල මං කාලෙක ඉඳං දන්නවා.ඉතින් ගොඩාක් සතුටුයි ඔයාල වගේ හැමෝම දන්න අයත් මගෙ මේ දුප්පත් බ්ලොග් එක පැත්තේ ඇවිත් වචනයක් හරි ලියා යන එකට.

@ හා පැටික්කි : ඔයාගේ බ්ලොග් එකත් මං ආසාවෙන් කියවන බ්ලොග් එකක් හාවී.ඒත් තවම Comment එකක්වත් දාල නැතුව ඇති.ඒකට මේ ගැත්තාට අනුකම්පා කරනවා නේද...ගොඩාක් ස්තුතියි ලියල ගිය වචන ටිකට.

@ සි නි අක්ක : ඔයාට මං මේ ලියන දෙවැනි ස්තුතිය...

@ shanu : බොහොමත් ස්තුතියි ඔයාගේ වටිනා කාලයෙන් බිඳක් හරි මගෙ බ්ලොග් එක කියවන්න වැය කලාට.මං හිතන්නේ මං මල්ලි.මොකද මං තවම පොඩි එකා නොවැ.මං 89 කලබල කලේ ඉපදුන එකෙක් මචං.

@ හිම කුමාරි : ඔයා වගේම මාත් අලුත් බ්ලොග් වලට.කොහොම හරි වැඩේ ඇදගෙන යමු අක්ක.මං ඔයාගේ පලවෙනි පොස්ට් එක කියෙව්වා.දිගටම කියවනවා හොඳේ අද ඉඳං.

@ ම : දැන් ඉතින් දිගටම ලියනවා මචන්.මේ Comment යාය දකිද්දී කාටද පුළුවන් සද්ද නැතුව පැත්තකට වෙලා ඉන්න.

@ සුදු හංසි : ඔයාල ඉන්නකල් අපි සැමදා ගමනේ...

@ මාරයා : ගම්පහට කෆීර් වැටුන දවසේ තමයි ඔයාගේ වැඩ කිඩ දැක්කේ.පත්තරෙත් හිටියනේ කොනක හරි.එදා ඉඳං මාර පොස්ට් RSS Feed එකේ දාගෙන දිගටම කියෙව්වා.මං අහල තියන විදියට අපේ කාලයේ බ්ලොග් කලාවේ පුරෝගාමිය ඔබ.ලංකාවේ දිගම Comment එක දාල(දුමී වෙනුවෙන්)ඉතිහාසගත වෙලා ඉන්න මේ මොහොතේ අපි වෙනුවෙනුත් කාලය බිඳක් හරි වෙන් කරපු එක ගැන දැනෙන්නේ පුදුම සතුටක්.මොනවා උනත් අද මං වෙනුවෙන් මේ තරම් Comment ගොඩාක් එකතු වෙලා තියන්නේ මාරයියගේ පොස්ට් එක හින්දයි, වැපා අයියගේ Status එක නිසයි.අලුතෙන් එන අයට අත දෙන ඔයාල වගේ අය ඉන්නකල් අපි කවදාවත් පස්සට යන එකක් නෑ.

@ රංග : උඹල කියවනකල් අපි ලියනවා මචන්.ස්තුතියි දිරිමත් කලාට.

@ බුද්ධි : තවම අර කතාව වැපාගෙන් අහන්නනම් බැරි උනා මචං.මොනවා උනත් ඌ හොඳ එකා.ඔවු මං ඔයාගේ බ්ලොග් එකට නිතර එනවා.Comment කලේනම් නෑ.ඒ ගැන තරහක් නෑ නේද?දිගටම ලියන්නම්.දිගටම කියවනවා නේද?

@ ශාමින්ද : අනිවාර්යෙන් දිගටම ලියන්නම්. මං දන්නවා සිංහල බ්ලොග් අවකාශේ ඉන්නේ ඇත්ත කතා කරන අවංක මිනිස්සු කියල.බුකියේ උන්ට වඩා මං බස් එකේ යාළුවො ටිකට ආදරෙයි.

@ හසී : පැල් බැඳගෙන ගිනිමැල පත්තු කරගෙන දිගටම ලියන්නම් හසී. හිච්චි එකී කියලනම් දන්නව.හී හී..ඔයා ප්‍රසිද්ධයි කියල කිව්වේ විහිලුවට නෙමෙයි හරිද.හසී කිව්වම අපේ ඔෆීසියේ උන් හිටන් දන්නව.
බොරුනම් නචියගෙන් අහල බලන්න.


කාවවත් මග හැරුනේ නෑ නේද...

හසී said...

විනාසයි හැබෑද? හෆොයි

හිස් අහස said...

නිතර නිතරම අලුත් පෝස්ට් දාන්න මමනම් වැඩ ඇරිලා එන්නේ හැන්දෑවේ හය පැන්නම තමයි ඒවෙලාවට මගෙනුත් අදහසක් බලා පොරොත්තුවෙන් ඉන්න සහෝදරයා ..

අනිකබං උඹ හිතන තරම් මම ඩයල් එකක් නෙවේ ..අපිව කියවන අය නැත්තං මට මුලින්ම කමෙන්ට් දාපු අය නැත්තම් අද මමත් කපෝති ...

තව තව අයගේ බ්ලොග් වල අදහස් දක්වන්න ..එතකොට ඒ කෙමෙන්ට් එක කියවන තව උදවිය ඔයා හොයාගෙන ඒවි ..නිකං එවුවා නෙවේ බොකු බඩවැල් කඩාන යන පට්ට කමෙන්ට් දාන්න . එතකොට තමයි කමෙන්ට් බලන්න ආව අයත් ඔයාව හොයාගෙන එන්නේ ..

නිතරම ලියන්න ..

මගෙන් සුබ පැතුම් ...

Anonymous said...

ලියමු ලියමු... අපි කියවන්නම්... :)

සිත් අහස said...

සුබ පැතුම් තිශ්, :D

Yasantha Hennayake said...

මමත් ඔන්න ආවා මේ පැත්තට ගොඩ වෙලා යන්න. හැබැයි පලවෙනි වතාවට.. මාත් උබත් එක්ක සහො.. දිගටම ලියපන්.. උබට සීයා කෙනෙක් වෙනකන් බ්ලොග් කෙරුවාව කොරන්න හැකියාව ලැබේවා. ඔන්න මං හදවතින්ම සුබ පැතුවා

තිශ් said...

@ සඳරු සෑර් : මාත් හැමදාම වැඩ ඉවර වෙලා එද්දී 7.00 වත් වෙනවා.ඉතින් ඒ ඇවිත් තමයි මේ ලියන්නේ අම්මගෙන් බැනුම් අහගෙන.අම්ම හිතන්නේ මං ඉස්සර වගේ බුකියේ චැට් කියල.මේවා පෙන්නන්න ලැජ්ජයි සඳරු.කිව්වා උපදේසේ ඒ විදියටම කරගෙන යනවා.දන්නා නොදන්නා හැම එකෙක්ගේම බ්ලොග් වලට රිංගල Comment දානවා.පන්නනවා...පට්ට නැතත් පුළුවන් තරම් හොඳට මොනවා හරි ලියල එනවා.ඒවල ප්‍රතිපල මට දැන් පේනව.හැමදාමත් ලියන්නම්..ගොඩක් පිං උපදෙස් වලට...

@ indik : කියවන අය ඉන්නකල් ලියන එකෙක්ට පුදුම හයියක් මචං... ස්තුතියි..

@ ප්‍රාර්ථනා : ඔයාගේ බ්ලොග් එකත් මං ආසාවෙන් බලනවා.ඔන්න අදත් ඇවිත් ගියා.ස්තුතියි...!!

@ යසන්ත මල්ලි : උඹ මට මල්ලි මං හිතන්නේ.කොහොම හරි මේ පැත්තට ආවනේ.සතුටුයි ගොඩක්.මම සීය කෙනෙක් කෙසේ වෙතත් උඹ තාත්ත කෙනෙක් වෙනකල් හරි මං ලියන්නම් පුතේ.ඔන්න මං කොම්පීටර් ජෝස් එක පැත්තෙත් ආව හරිය....

සිත් අහස said...

දැක්කා දැක්කා සහෝ.. ඒකටත් ගොඩාක් ස්තුතියි... දිගටම ලියන්න.. අපි ඉන්නවා කියවන්න..

සාබිත් said...

මරු මචො.......මාත් අලුත්,,,
www.sabithl.blogspot.com

සාබිත් said...

එල එල..මාත් අලුත්..සප් එකක් දෙන්න

තිශ් said...

@ සාබිත් : මං ආව මචෝ උඹේ බ්ලොගේ පැත්තේ. වැඩේ නියමයි.දිගටම ලියපන්.අපි ඉන්නවනේ කියවන්න.

තාරක Dilsh@n said...

ලියපන් මචං, අපි කියවනවා..

තිශ් said...

@ තාරක Dilsh@n
වචනෙම ඇති මචන්.. හැමදාම් බ්ලොග් කියවන එකේ අදහසක් නැද්ද බ්ලොග් එකක් පටන් ගන්න.

තාරක Dilsh@n said...

ඔන්න කොස්සක්..
පටන් ගත්තට ලියන්න දෙවල් නෑ බන්. ඊට වඩා මේ ඉන්න විදිය හොඳයි වගේ.
කොල්ල ගම්පහ කිව්වේ, මමත් ඔය පැත්තෙම වගේ තමයි හිටියෙ..කි.මී 20ක් ඇතුලත වාගේ

Post a Comment