2011-06-05

ආදරයක සුන්දරත්වය…

Romantic-love-hand-in-hand

කලින් කතාවෙන් ආදරය සුන්දර විදියට දිනාගත්තු හැටි කියවපු ඔයාලට අපේ ආදර කතාවෙ සුන්දර තැන් එකින් එක පෙලගස්සන්නයි මං මේ සුදානම් වෙන්නෙ…

ඔය වෙද්දී අපි අතේ Mobile Phone තිබුනේ නෑ.ඉතින් පණිවිඩයක් යවන්නත් හරිම අමාරුයි.ලියුම් තමයි ලිවුවේ..ඒ කාලේ අපිත් අපේ ඉස්කෝලේ එක්තරා ප්‍රථමාධාර සංගමේක ක්‍රියාකාරී සාමාජිකයෝ.ඉතින් ඕකෙ වැඩ වලට අහල පහල තියන සහෝදර ඉස්කෝල වලටත් යන්න ලැබෙනවා.එදා 2005 සැප්තැම්බර් මාසේ 13. ගම්පහ ප්‍රසිද්ද බාලිකා විද්‍යාලයට යන්න ඔන්න වාසනාවක් පෑදුනා.අනේ ඉතින් මායි අපේ සංගමේ හිටපු තව අයිය කෙනෙකුයි හොදට Kit එක එහෙම හදාගෙන ටයි එක අරන් නමල ත්‍රිකොනේ කෑල්ල විතරක් පේන්න උඩ සාක්කුවේ දාගෙන(ඔය කාලේ විතරක් නෙමෙයි දැනුත් සමහරු ඔහොම දාගෙන යනවා.ලස්සනකුත් තියනවනේ)ගියා කියමුකෝ ඉස්කෝලෙට.. මාත් ඉතින් ඔටුවා වගේ බලාගෙන යනවා 11 – D එක කොහෙද කියල.අනේ බලද්දී එදා තමයි 11 වසරේ Trip එක දවස.කවුද දන්නෙ ඔහොම එකක්.මං කිව්වේ ඒ කාලේ අපි දෙන්නට පරවියෙක්වත් හදාගන්න බැරි උනා මිස් කෝල් එකක්වත් යවන්න.අපරාදේ කට්ට කාගෙන පයින් ආව රාජකාරි ලියුමක් දීල යන්න.ඉතින් දැන් ඔය ලියුමත් අරන් අපි ගියා විදුහල්පතිතුමියව හම්බ වෙන්න.මං කිව්වනේ මේක ඇත්තම රාජකාරී වැඩක්.බොහොම ගරු සරු ඇතුව “මිස් අපිට මේ ලියුම දෙන්න ඕනේ ප්‍රථමාධාර අංශය භාරව ඉන්න කාට හරි" කියල කිව්ව. අනේ…… මෙන්න එයා කියපි, “මේ ලමයි දන්නෙ නැද්ද Principal කෙනෙක්ට කතා කරන හැටි.මිස් කියන්නේ නෑ මට,මැඩම් කියන්න”  අනේ ඉතින් ඔය ඔක්කොම අහගෙන හිස් අතින්ම ආපහු ඉස්කෝලෙට ආව අර ලස්සන ඇස් දෙක දකින්න නැතුවම.

මගෙ ජීවිතේ ගෑනු ළමයෙක්ගෙන් ලැබුන මුල්ම තෑග්ග ලැබුනෙත් ඔය Trip එක ගිහින් ආවට පස්සෙ තමයි.Plaster of Paris වලින් හදල පාට කරපු ලස්සන කුරුළු ජෝඩුවක්‌ ඉන්න පුංචි සමරුවක්.ලා කහ පාට.ඉතින් ඊළඟ සතියේ පන්තියට ඕක අරන් ඇවිත් බ්‍රව්න් පේපර් කවරෙක දාල මගෙ අතට දුන්න.මගෙ ජීවිතේට ඒ පුංචි සුරංගනාවී දුන්න මුල්ම තෑග්ග…

ඔය කාලේ හරි ආසයි ඉතින් ඒ පුංචි අතින් අල්ලන් යන්න.ඒත් ඉඩක් දෙන්නෙම නෑ.පොඩ්ඩක් අතින් ඇල්ලුවත් වට පිට බලල හිමීට අත අහකට ගන්නව.මොනවා කරන්නද ඉතින්.ඔය වෙලාවට තමයි ඉතින් දන්නා නැති බොරු සාත්තර මතක් වෙන්නෙ.කෝ බලන්න දෙන්නකෝ නංගි අත.මං අද සාත්තරයක් අහන ආව.ඔහොම කියල ඉතින් හොදට අතින් අල්ලගෙන ඉඳල මොකක් හරි බොරුවක් කියනව.වෙන මොනවා කරන්නද.අපි දන්නවයැ සාත්තර….

ඔන්න ඔහොම ඉතින් කාලේ ගෙවීගෙන යනව ගොඩක් ලස්සනට.ඔය තියන ඉංග්‍රීසි සාහිත්‍ය පන්තිය ඉවර වෙන්න කොහොමත් රෑ 7.45 විතර වෙනව.සර් කියන බොරු අහන්නත් තව මින්ත්තු 15 ක් අයින් කලාම 8.00 යි.ඉතින් ඉවර උනාම නංගිය එක්ක යන්න ගෙදරින් එනවා.මං දුප්පත් එකා නොවැ.අපිව එක්ක යන්න කව්රු එන්නද.කකුල් දෙකේ පිහිට තමයි.බයිසිකල් කට්ට පැදගෙන ගෙදරට එන්න විනාඩි 20 ක් විතර යනව.

කොහොම හරි කාලේ ගෙවීගෙන ගිහින් සාමාන්‍ය පෙළ විභාගෙත් ලං උනා.ඒ දෙසැම්බර් මාසේ.. නංගිගේ උපන් දිනෙත් ලං උනා.ගම්පහ ආශා එකෙන් (දන්නෝ දනිති) ලස්සන පුංචි අත් ඔරලෝසුවක් එක්ක Birthday Card එකක් අරන් දෙන්න මට පුළුවන් උනා.සමහර දවස් වලට රෑ වෙනකල් පාඩම් කරනවා.තව දවස් වලට රෑ වෙනකල් ලියුම් ලියනවා.ඒත් විභාගේ හරියට කරගන්න පුදුම විදියට උදව්‍ කලේ ඔය නංගිම තමයි.

සමහර දේවල් මතක් වෙද්දී මේ ලියන එක නවත්තල කල්පනා කරන්න ගන්නවා…ඒ ජීවිතේ ආයේ කවදාවත් එන්නේ නෑ නේද කියල හිතෙද්දි පුදුම දුකක් දැනෙනවා..විභාගෙන් පස්සෙ ඔය කෙල්ලව අනුරාධපුරේ නෑදෑ ගෙදරක නවත්තනවා.අසරණ තිශ් තනි වෙනවා කාලයක්.හරියටම දවස් 22 ක් වෙනකල් කිසිම තොරතුරක් පණිවිඩයක් නැතුව ජීවිතේ ගෙවිල යනව.ඔය කාලේ මාත් ගෙදර ඉන්න නිසා මං යනව පොඩි පොඩි වැඩ වලට.කොහොම හරි කීයක්‌ හරි එකතු කරගෙන ෆෝන් එකක් ගන්න තමයි ඒ දවස් වල දැඟලුවේ.හී හී..කොහොම හරි මං මගෙ ජීවිතේ පලවෙනි ෆෝන් එක ගන්නවා 2005 දෙසැම්බර් මාසේ 25 වෙනිදා.ඔය හැම දෙයක්ම මගෙ ඩයරියේ ලියවිලා තියන නිසා  මේ විදියට කියන්න පුළුවන්…

අද ගොඩක් දේවල් කිව්වනේ. හෙට උදේම ආයේ ඔෆිස් යන්නත් තියනවා.දැනටමත් රෑ 11.00 යි.ටිකක් නිදාගත්තේ නැත්තන් හෙට ඇස් පියවෙනවා.

තව කතාවේ කියන්න ගොඩක් දේවල් තියනව.මං දන්නව කවුරු කියෙව්වේ නැතත් ඔයා මේක කියවනව කියල.හැමදාමත් මගෙ කතාව කියවන්න ඇවිත් යන්න.මේ අතින් ලියන්න බැරි වෙන දවසක් එනකල් මං මගෙ කතාව කොහොම හරි කියනව…

එදත් ඔයාගේ පුංචි අත් දෙකෙන් අල්ලගෙන යන්න හීන දැකපු මම,
ආදරණීය තිශ්.

20 Comments:

නලිනි චන්දිමා said...

අහිංසක ආදරයක සොඳුරු මතක සටහන්.

තිශ් said...

@ නලිනි චන්දිමා : බොහොමත් ස්තුතියි.... ඔබ කලින් දවසක කීවා වගේම මතකයන් එකින් එක පෙළගස්වමින් ලියන සුන්දර කතාවක්...

සුපර් said...

නියමයි මචං. දිගටම ලියන්න.

රවින් said...

ෆෝන් ඒකෙන් ෆේස් බුකියට ආවම මේක පබ්ලිෂ් කරලා තියෙනවා දැක්කේ බං.. එවෙලේම ආවා මේක බලන්න.. නියමයි හොඳේ..

නිම්ශා said...

ඉතින් ඊට පස්සේ...ඇත්තටම අහිංසක ආදරයක් වගේයි..

කිඩෝ said...

අඩේ තිශ් උබලෑ කාලෙ හදිස්සියකට කෙල්ලට මැසේජ් දුන්නේ කොහොමද බන් ලියුම ඊයක ගැටගහලා කෙල්ලගෙ ගෙදර ඇතුලට විද්දද බන් හික් හික්.....

Bindi said...

ඒ කාලේ එහෙම තමයි. පණිවුඩ හුවමාරුව දුෂ්කරයි .ඒත් කවුරුත් ආදරේ නොකර හිටියේ නැහැ . ක්ෂණික පණිවුඩ නැති එකේ හොඳකුත් තිබුනා. ඉඳ හිට හමුවුනාම ඇගේත් වැඩියි. අනික තරහක් තිබ්බත් ඔය ටික දවසක් යද්දී අකාමකා වෙලා යනවා මුණ ගැහෙන කලින්.
ඔයාගේ කතාවේ අපේ ජිවිතත් ටික ටික තියෙනවා වගේ. ලියාගෙන යන්න ...හරි ලස්සනයි.

කඩේ හාමිනේ said...

ඊලඟ එක ඉක්මණට දාන්නෝ...

sameerausa said...

ලස්සන කතාවක්

නචියා said...

ඉතුරු ටිකත් ලියපන් ඉක්මනට.... මොකද උනේ කියලා දැනගන්න ගොඩාක් ආසවෙන් බලන් ඉන්නවා....

Anonymous said...

ilagata mokada une???ikmanata liyandooo......... (nama nokiyanawata tharaha wenna epa)

මලී said...

හැම දේම ලැබුනු මගේ සිතට..... නොලැබුනු ඔබ,
එකම දුක විය.......
එහෙම නේද තිශ්

හිස් අහස said...

අපිත් මේ කතාව අහන්න බලාගෙනයි ඉන්නේ .මමත් මේවගේම කාලයක් ගතකලා කාලයකට කලින් දැන්නම් ඒවා සේරම අතීතයට එකතුවෙලා . මට වෙලාවකට මේ කතාව කියවන්න හිතෙන්නෙත් නෑ . මොකද එතකොට මට මං ගැනම එපා වෙනවා . මට මගේ ආදරේ පරිස්සම් කරගන්න බැරි වෙච්ච නිසා වෙන්න ඇති ..

කමක් නෑ මම එක ඇහැක් වහගෙන හරි බලනවා ...

හා පැටික්කි (MS) said...

අ‍ලේ ‍වේ‍ගේ වැඩියි ව‍ගේ තිශ්......... කතාව ඉක්මනින් කියලා ඉවර කරනවා ව‍ගේ.........

තිශ් said...

@ සුපර් : ඇවිත් වචනයක් හරි මේ විදියට ලියල යනවට ගොඩක් ස්තුතියි මචං...

@ රවින් : පාඩම් කරන අස්සෙත් කොහොම හරි මගෙ බ්ලොග් එක කියවන්න ඇවිත් යන එක ගැන තරහක් එක්ක සතුටක් ඇති වෙන්නෙ.

@ නිම්ශා : ඇත්තටම ගොඩාක් අහිංසක ආදරයක්.ඊලග පොස්ට් එකේදී ඒ අහිංසක ආදරේ තරම ඔයාලට ගොඩක් දැනෙයි...

@ කිඩෝ : මොන ඊ තලද බං.2005 කියන්නේ ගල් යුගේ නෙමෙයි යකෝ.ලියුම් ලියල රාජපුරුෂයෝ අතේ යැව්වේ...

@ නෙලුම් විලේ Bindi : ඇත්තටම දැන් කාලේ ගොඩක් ආදරේ කරන අය පුංචි පුංචි අමනාපකම් ඇති කරගන්නේ ජංගමේ නිසා බින්දී.ඉස්සර එක ලියුමකින් තරහ ලියල ඉවර වෙද්දී ආයෙත් තව එකක් ලිය වෙනවා කලින් ලියුමට සමාව ඉල්ලලා.දැන් කාලේ ඕන වෙලාවක ඔන්ලයින් ඇවිත් මුණ බලාගන්න පුළුවන් උනාට ඒ කාලේ එහෙම බෑ.සතියක් උනත් ඉවසන්න ඕනේ... අපි හැමෝගෙම ජීවිත කතාවද මේ????

@ අක්ෂිලා නංගි : ඔයාට තියන හදිස්සියක්.. චැට් එකෙන් අහන්නෙත් ඔය ගැන.. ලියන්නේ නෑ... හී හී.. දිගටම කියවන්න...

@ sameerausa : ගොඩක් ස්තුතියි ඇවිත් ගියාට.නිකන්ම නෙමෙයි.. වචනයක් හරි ලියල ගිය එකට විශේෂයෙන්...

@ නචී : ඉක්මනටම ලියන්නම් නචී අයිය..මං දන්නව ඔය හැමෝම බලන් ඉන්නව කියල..

@ නම නොකියන Ano : ඊළඟට උන දේ බලන්න දිගටම මේ බ්ලොග් පිටුව එක්ක රැඳිල ඉන්න... තරහක් නෑ නම කීවේ නෑ කියල.

@ මලී : මගෙ හැම පොස්ට් එකක්ම ගොඩක් ආසාවෙන් කියවන මගේ බ්ලොග් සහායිකාව.... ගොඩක් ස්තුතියි ඇවිත් යනවට...ඔයා හරි මලී.. පහල ඉන්න සඳරු අයිය ඔයාගේ කවි ලස්සනයි කියන්න කිව්ව.. දැක්කද?

@ සඳරු : හැමදාමත් වගේ අදත් ඇවිත් මගෙ දුප්පත් කතාව කියවන්න.මගෙ බ්ලොග් ලෝකේ මං ගරු කරන රචකයා මගෙ බ්ලොග් එකත් කියවනවා කියන්නේ මං ලබපු ලොකු ජයග්‍රහණයක්‌...

@ හාවී : වේගේ වැඩි වෙන්නෙ කොහොමද හා පැටියෝ.තව යන්නේ 2005 නේ.. අවුරුදු කීයක දේවල් ලියන්න තියනවද....

Nushi said...

oya ge adara kathawa hari ma lassanai...

digatama liyanna mama balanawamai........

තාරක Dilsh@n said...

ඒ කියන්නේ මේක මෙගා...ද?? හොඳයි හොඳයි!!

Anonymous said...

kathawa lassanai...oyata liyanna honda talent ekak thiyenawa...all the very best :) -Malsha-

පවනි said...

ඔව්.... ගම්පහ නගරයම මටත් මහා මතක සැමරුම් වලින් පිරිච්ච නගරයක් සහෝ...
හොඳයි... ඔය අත්දැකීම මටත් ඔය විදියටම තියේ....
ආශා පොත් හල ද හොඳින් හදුනමි...
;)

ලස්සන කතාව සහෝ..... නියමයි...

හැබැයි මමත් ඔය වගේ අසල්වැසි බාලිකා පාසල් වලට ඔය වගේ වැඩ වලට ගිහින් තියෙනව.... ඒත් ඔහොම දෙයක් මට වුනා නම්.. ඒ මැඩම්ට සහ පසු දින මටත් සොරි ඩොට් කොම් ය...

gayani said...

ගම්පහ නම් අමතක වෙන්නේ නැහැ කවදාවත් .
ආදරය ඉගෙන ගත්තෙත් ආදරය වින්දෙත් ආදරය විදෙව්වෙත් ගම්පහම තමයි එත් අයේ එ තැන් බලන්න නම් බැහැ

Post a Comment