වර්ථමානයේ සිට මම අතීතය සිතින් ස්පර්ශ කරමි. සොඳුරුතම සේම ඉතා කටුක අමිහිරි මතක සටහන් අතර සෙනෙහසේ සුවඳ, මතකය පුරා නුඹ නමින් එහි හමුවේ. එය සත්තකි. ජීවිතයේ සොඳුරු බැදීමක් සේ යෞවනයේ ආලින්දයේ සිතට තුරුළු වූ නුඹ, නුඹ මෙන්ම නුඹේ සෙනෙහසද, ගිලිහෙනා යොවුන් පැතුම් අතරේ මතකයේ තිතක් පමණි. සෙනෙහසට සීමා මායිම් නැතැයි නුඹම අරුත් දුන්නද අද මේ සියලු වැට මායිම් ඉදි වී ඇත්තේ නුඹගේ ලෝකය තුළමය. සිතුවිලි පෙරගමන් ගියද නිහඬවම හිඳිනු විනා වරද නිවැරද පසිඳලන්නට වෑයම් කරන්නට අද මට නොසිතේ. මන්ද ගිලිහී ගිය අතීතයට, නුඹට සේම මේ මුණිවතටද මා පෙම් කරනා නිසාවෙනි. එහෙත් හෙට යනු ඊයේ හෝ අද නොවන වග මට හැඟේ. සිත පුරා ලැගුම් ගෙන සිටිනා මේ සිහින සමුදාය, මේ ඡණ්ඩ මාරුතය හමුවේ රැක ගැනීම කෙතරම් දුශ්කරදැයි නුඹට පහදා දෙන්නට මට අවැසි නැත. නියම් ගිණි ඇවිලී ඉරිතලා ගිය පොළොවේ ඈත කොනක් දක්වා රිංගා ගොස් එකම දළුවක් හෝ රැකගන්නට තථනනා මුලක් සේ මේ සිහින කන්ද රැකගැනීම මගේ ජීවිතයේ පැවැත්මයැයි මට හැගේ.
ප්‍රේමයෙන් දරදඩුව සිතෙහි වූ සිහින ජීවත් කරවන්නට මේ දරනා වෙහෙස හඳුනාගන්නට නුඹ සමත් නොවනා වගට සැකයක් මසිතේ නොවේ. නමුත් එය මා නවතාලන්නට තරම් නොවනා වගද නුඹට කිව යුතුමය.
ප්‍රේමය තුල ප්‍රේමය ලබන්නටත්, ප්‍රේමය වෙනුවෙන් ප්‍රේමය පුදන්නටත් සිත හුරු පුරුදු වූයේ ජීවිතයේ මේ වේදනා සමුදාය විඳගැනීම උරුමයක් වූ නිසා විය හැකිය. එහෙත් බැඳීමක පවත්නා මේ සදාතන යථාර්ථය හඳුනාගන්නට එදා සිත සවිමත් නොවූයේ මන්දැයි අදද වටහාගත හැකි නොවේ. අතීතය සිහිනයක් නොවේයැයි අද මා සිතන්නේ ජීවිතය ගැන බොහෝ පාඩම් එකී අතීතය ඉගැන්වූ නිසාවෙනි.
ඉතා පුංචි සිදුවීමක් පවා මහා මෙරක් සේ සිතමින් හඬාවැටෙන්නට හුරුව තිබූ සිත මෙපමණකට සවිමත් කරවූයේ නුඹයි.
ජීවිතයේ සතුට මෙන්ම දුකද අපේක්ෂාවෙන් විඳ දරා ගන්නට, උවමනාවටත් වඩා ඉවසන්නට අවැසි ශක්තිය ගිලීහී ගිය අතීතය සිතට දායාද නොකලේනම් දිවියේ ගමන් මග අද කෙසේ වෙනස් විය හැකිව තිබුනේද යන්න වටහාගනු පවා අසීරුය.
කෙතරම් රුදුරු සිදුවීමක් වුව පසු කාලීනව සිතට යම් මතකයක් ශේෂ කර පලා යන්නේ, එහි යම් පමණකට හෝ සොඳුරු බවක් සිහි කරවමිනි. ඒ නිසාවෙන් මේ රුදුරු මුණිවත තුල මා විඳින සිහින් මිහිරියාව සැබවින්ම සුවයකි. මිරිඟුවක් බඳු බලාපොරොත්තුවකට වඩා ඒ සැනසුම සිතට සිසිලසක් වන්නේය.
තිශ්
Image Courtesy : https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDUzNY7Af1C3pTapDMZnx5i2wkMS6mj8DvRs_VVd9mlLGy2W4NOF8DYxtGLF7tGovhX-UqhNZQpuRoMT3YVBBGoLboHCWXv29c9tZmJ2lKurSbBaI36fsn7SGO8iwALHsaaoZm28mmb8A/s640/_thinking_of_past__by_tynaS.jpg
Image Courtesy : https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDUzNY7Af1C3pTapDMZnx5i2wkMS6mj8DvRs_VVd9mlLGy2W4NOF8DYxtGLF7tGovhX-UqhNZQpuRoMT3YVBBGoLboHCWXv29c9tZmJ2lKurSbBaI36fsn7SGO8iwALHsaaoZm28mmb8A/s640/_thinking_of_past__by_tynaS.jpg
10 Comments:
සිහිනයකි ඔබ නිහඬ මැදියම් රැ නිදන නෙත් යුග සනසනා ......
ඒ කියන්නේ පලවෙනි ලවෙන් බැට කාලා දෙවෙනි ලවෙන් හිත හදපු ඇත්තී ගැන නේද?
අතීතය මත සිරවී වර්තමානය හඬාවැටෙන සඳ,, ප්‍රේමය තුල වසුල ඒ මතක පිණිකැට වල සිසිල තවමත් සුව නොදෙන වග සපථ කල හැක්කේ කාටද?
--
ප්‍රේමය කිමැයි කියාදුන්
නුඹ මැයි
ප්‍රේමය නිසාම මා
අතරමං කලේ..!!
nice writeup thumbs up!!
//ජීවිතයේ සතුට මෙන්ම දුකද අපේක්ෂාවෙන් විඳ දරා ගන්නට, උවමනාවටත් වඩා ඉවසන්නට අවැසි ශක්තිය ගිලීහී ගිය අතීතය සිතට දායාද නොකලේනම් දිවියේ ගමන් මග අද කෙසේ වෙනස් විය හැකිව තිබුනේද යන්න වටහාගනු පවා අසීරුය.//
ඔන්න ඔය හැකියාව ගොඩක් එවුවන්ට නැති එක තමයි බං අවුල
හ්ම්ම්... අනේ මන්දා. ඉඳලා ඉඳලා දානවා පෝස්ට් එකක්, ඒ දැම්මත් දානව හිතේ ඇතුලටම ඇනෙන්න... කථාවට පාදක වුන අතීතය මම දන්නවා කියලා හිතන නිසා මුකුත් නොකියා ඉන්නම් ඉතින්...
ඇයි සිහිනයො ඉඳලා ඉඳලා.. මේම ඒවා ලියන්නෙ... මම නිකමට ආවෙ... නිකමට දැක්කෙ.. මේක හරිම ලස්සනයි.. හැබැයි. හැම තැනම මොකක්දෝ හිස් කමක් තිබුණා
ඒ ප්‍රේමයේ හැටි ය. මම කුරුටු ගෑ ගී පොතේ දිලිනි
පුලුවන් නම් මගේ බ්ලොග් එකට ගිහින් පොඩි කමෙන්ට් පාරක් දාපල්ලාකෝ..........
http://sincinemacritics.blogspot.com/
ruduru sidiweem kesenam soduru wanneda
මොකද සිහින ලියන්නෙ නැත්තෙ දැන්..
Post a Comment