ගවු ගණන් දුර ගෙවා
පැමිණි මගේ සිත
ආයෙමත් වරක් හුදකලා වෙලා......
සුන්දර මතකයන් තුල
අතරමං වූ මගේ සිත
තවමත් සොයන්නේ ඒ ලස්සන නෙතු යුගලයි
වැටහෙන්නේ නෑ ඒ කිමද කියා මට......
හිත රැඳී ඒ නෙත් යුග දැකීමට
මසිත මෙතරම් වෙහෙසෙන්නේ මන්දයැයි
මම නොදනිමි....
නමුදු,
රැඳුනු නෙත් යුග අතර
ඇඳුනු ඔබේ රුව
දැකීම එකම පැතුමයි මාගේ....
අදටත් හෙටටත් මතුවටත් .......
๑۩๑ මලී ๑۩๑
13 Comments:
ane oya ara katawa liyna kena dn oya gwa nadda??lassanata meka liyla tyenawa..
හංගගෙන ඔය පරණ ඇස් ..
කිමිදෙන්න අලුත් ඇස් දෙකක් හොයාගන්න [විහිළුවකි]
නොලැබුනත් මට ඔබ
අතරමන් වූ මගේ සිත
දකින තුරු ඔය නෙතු දෑල
පෙරුම පුරමි අද මෙන්ම හෙටටත්..........
සත්තමයි ඒ සිත බැදි හීනේ...
සෑබැ වන තුරැ පුරන්නම් පෙරැම්....
මේ ආත්මයේත්....
උපදින මතු ආත්ම වලත්....
හදවතේ ගඹුරුම තැනක තිබුන ඇත්තම ඇත්ත කතාව ලියල. එල එල
@ ඇනෝ,Bindi,සීනි,Lahiru : හැමෝම අදුනගන්න, මලී කියල Label එකෙන් ලස්සන පද ගලපන්නේ ඔය සීනිට පස්සේ Comment එක දාල තියන මලී ම තමයි.ඒ හින්ද හැම ස්තුතියක්ම යන්න ඕනේ මලී ඔයාට.... ගොඩක් ස්තුතියි ආදරණීය සිහින බ්ලොග් පිටුව පද වලින් සරසනවට...
තිශ් මලීට කියන්න පද ගැලපුම ලස්සනයි කියලා ..
මන් මගේ හොදම යාළුවයි කියන තිශ්ට ගොඩක් පින් දෙනවා. එයා නැත්නම් මන් මේ ලියන කිසි දෙයක් කාටවත් කියවන්න ලැබෙන්නේ නැ. තිශ් මගේ හොදම යාළුවා ඔයාට ගොඩක් පින්. මේක කියවලා ලස්සනයි කිව්ව නොකිව්ව හැම දෙනාටමත් ස්තුතියි.
වසර ගානක් හුදකලා වෙලා ඉඳල එකපාරට teek teek උනාම දැනෙන සතුට ගැන කාට හරි දැනෙනවද ?
Lassanai Ayya.............
ඇගේ නෙත් ඇයි මෙසේ
නිබඳ ඔහු සොයන්නේ...
අතීතයට අයත් නෙත් සොයමින් අප කොතරම් ඇවිදිනවද? ලස්සන නිර්මාණයක්.
@ Malinda Malshan : මට කෙසේවෙතත් ඒ සතුට උබටනම් දැනෙනවා ඇති මේ දවස් වල..
@ දනුෂි නංගි : ගොඩක් ස්තුතියි නංගි ඇවිත් කියවල විතරක් නෙමෙයි, වචනයක් හරි මෙහෙම ලියල යනවට..මේ ස්තුතිය මගෙන් විතරක් නෙමෙයි.පද පෙළ අකුරු කරපු මලී අක්කගෙනුත්...
@ නලිනි චන්දිමා : කාර්යබහුල ජීවිතයේ සිංහල බ්ලොග් අවකාශය වෙනුවෙන් වැඩි ඉඩක් වෙන කර තිබෙන ඔබ වැනි අයකුගේ මේ පුංචි Comment එකත් අපිට ගොඩක් වටිනවා.මේකට උත්තරේ දන්නේනම් මලී මැ තමයි.බොහොමත් ස්තුතියි මුරගල සොඳුරු බ්ලොග් පිටුවේ ඔබට.
මන් හිතන්නේ ඒ සංසාරගත හුරැ පුරැදු ආදරයට.....
ගව් ගනන් දුර ගෙව්වත් ඒ ආදරයම සොයන්නේ.
එහෙම නේද.... තිශ්
Post a Comment