2011-06-10

මටත් නංගියෙක් හිටියනම්…….

 

donnablog-0003

පොඩි කාලෙට වඩා දැන් මට දැනෙන දෙයක් ගැන පුංචි පොස්ට් එකක් ලියන්න හිතුන.පොඩි කාලේ ඉඳන්ම ජීවිතේ දැනුන හිස් කමක්.ගෙයක් ලස්සන වෙන්න සිරියාවන්ත කෙලි පොඩ්ඩක් ඉන්නම ඕනෙලුනේ.ඉතින් මට හිතෙන විදියට අපේ ගෙදර ඒ සිරියාව නෑ.රණ්ඩු වෙන්නවත්, යාලු වෙන්නවත් මට නංගියෙක් නෑ.මේ ඒ ගැන මට හිතෙන දේ ගැන ලියන්න ගත්තු පුංචි උත්සාහයක්….

ඇත්තටම මටත් පුංචි නංගියෙක් හිටියනම්,

අයිය ඉස්කෝලේ ගිහින් ගෙදර එනකල් දොර ලඟට වෙලා බලන් ඉඳියි එයාට තව ඉස්කෝලේ යන්න කල් තියන හින්ද.අයියත් ඉතින් ඉස්කෝලෙන් මොනවා හරි අරගෙන එයි නංගියට..කොහොම හරි අයියගේ ඉස්කෝලේ පොත් ටිකත් අරගෙන මොනවා හරි කුරුටු ගාල බැනුම් අහගනියි අම්මගෙන්..එහෙම උනොත් අයිය අරගන්නේ ඔයාගේ පැත්ත මගෙ චූටි නංගි පැටියෝ.

කාලයක් යද්දී ඔයත් ඉස්කෝලේ යන්න පටන් ගනියි.ලස්සන සුදු ගවුම් පොඩ්ඩත් ඇඳගෙන අයිය පිට කවර දාල, නම් ලියල දුන්න පොත් ටිකත් බෑග් එකට දාගෙන අයිය එක්කම ඉස්කෝලේ යන්න මගෙ නංගියත් එයි.හවසට ගෙදර ආවම අයියේ… මේක කියා දෙන්නකෝ කියල කිව්වම අපෝ මේ කෙල්ලගෙන් තියන කරදරේ කියලත් කියයි අයිය.ඒත් හැම දෙයක්ම කියා දෙයි..තාම අයියත් පුන්චියිනේ.කොහෙන් හරි හොයාගත්තු අඹ ගෙඩියක්,පේර ගෙඩියක් උස්සන් එයි අයියේ අපි මේක කමු කියල.අඹ කපන්න ගිහින් අයිය අත කපාගත්තම ඉක්මනට දුවගෙන ගිහින් අම්මට කියයි පුංචි ඇස් දෙකේ කඳුළු පුරෝගෙන.ඉස්කෝලෙන් ට්‍රිප් එකක් එක්ක ගියොත් අයියවත් මතක් වෙයි නංගියට.එහෙම වෙලාවට අයියටත් බූන්දි සීයක් හරි අරගෙන එයි ඔයා.කොයි තරම් වෙලාවක් හරි ඔයා එනකල් ඉස්කෝලේ ලඟට වෙලා අයිය බලාගෙන ඉඳියි.

කාලෙත් එක්ක අයිය වගේම ඔයත් ටිකෙන් ටික ලොකු වෙයි.දැන් අයියට ඉන්නේ ලස්සනම ලස්සන නංගි කෙනෙක්.ඒත් අම්ම බය වෙන එකක් නෑ.හොඳ අයියෙක් ඉන්නවනේ නංගව පරිස්සම් කරගන්න.වෙසක් එකට ගමේ යාළුවො ටිකත් එක්ක රවුම් ගහල අයිය ආවම නංගියාට දුක හිතෙයි.ඒ වෙලාවට අම්ම බැන්නම ඔයාවත් එක්කගෙන තොරණක් පෙන්නන්න හරි අයිය යයි.අයිය වෙසක් කුඩු හැදුවට අලවන්න කම්මැලිය.පුංචි අත් දෙකෙන් ලස්සනට රටා දාල වෙසක් කුඩු ටිකත් නංගිය හදල දෙයි..කොහේ ගියත් මේ මගෙ නංගි කියල ආඩම්බරෙන් කතා කරන්න අයියට පුළුවන් වෙයි..අයිය පිස්සු නැටුවට නංගිය හොඳට ඉගෙන ගනියි.ඕන කරන හැම දෙයක්ම අයිය ඔයා ලගට ගෙනත් දෙයි.

ජීවිතේ මුහුණ දෙන්න වුනු ගොඩක් ප්‍රශ්න එක්ක මට ඔයා හිටියනම් පාළුවක් දැනෙන එකක් නෑ නංගි.අම්මට කියන්නේ නෑ කියල පොරොන්දු කරගෙන ඔයා එක්ක ඕනෙම ප්‍රශ්නයක් මට කියන්න තිබුන ඔයා එක්ක.අයිය අසරණ උන වෙලාවට අයිය වෙනුවෙන් කතා කරන්න ඔයා ඉදියි.මොන දුකක් ආවත් ඔය පුංචි අත් දෙකෙන් අල්ලාගෙන හිතේ තියන දුක කියද්දී ඔයා අහගෙන ඉඳියි..බය වෙන්න එපා අයියේ, හැම දෙයක්ම හොඳින් විසදෙයි.. ඔයා එහෙම කියයි මගෙ නංගි..

කොහොමත් අම්මගේ හෙවනැල්ල වගේ ඔයා ඉඳියි.අයිය ගෙදර නැති පාළුව අම්මට දැනෙන එකක් නෑ,දැවටී දැවටී ලගට වෙලා ඉන්න හුරතල් කෙල්ල ඉන්න නිසා.අයියේ,ගෙදර එන්න රෑ වෙනවද?මෙන්න අම්ම බය වෙලා.ඉක්මනට ගෙදර එන්න හොඳද…ඔයා එහෙම කියයි.ඒ වචනෙට පිටු පාන්න අයියට කවදාවත් බැරි වෙයි.අයියට හදිස්සියකට කීයක්‌ හරි ඕන උන වෙලාවක ඉල්ලුවොත් පොතක් අස්සෙන් හරි හොයල තියන ගානක් දෙයි.ඒත් කවදාවත් ආයේ ඒවා ඉල්ලන එකක් නෑ ඔයා.

අයියත් කාලයක් යද්දී ආදරේ කරන්න කෙනෙක් හොයාගනියි.එදාට මගෙ නංගිට ටිකක් දුක හිතෙයි.නෑ නංගි… ඔය මොන කෙල්ලටත් වඩා මං ඔයාට ආදරේ කරයි..කාලයක් යද්දී ඔයත් ජීවිතේට කාව හරි හොයාගනියි.අන්න එදාට අයිය ගොඩක් කලබල වෙයි.හොයන්න ගනියි…අර සඳරු වගේ වලි දාගන්නත් වෙයි නංගියව බේරගන්න.අම්මට අසනීපයක්‌ උන වෙලාවකට අපිට බඩගින්නේ ඉන්න වෙන එකක් නෑ.මොනවා හරි රසට හදල දෙයි.එහෙම හදන කිසිම දේක රහක් ගුනක්‌ අයිය හොයන එකක් නෑ…

කවද හරි ලස්සන මනමාලියෙක් වෙලා ඔයා අපේ ගෙදරින් යන දවසකුත් එයි..එදාට ඔයාටත් වඩා ඔයාගේ අයිය දුක් වෙයි නංගි.මනමාලය ඔයාව මෙච්චර කල් බලාගත්තට මට රත්තරන් මුද්දකුත් දෙයි එදාට.ඒ මුද්දට වඩා මට ඔයාව ගොඩක් වටිනව කියන්න මට බැරි වෙයි නංගි.

නංගිලා ඉන්න හැම අයියෙක්ම ලෝකෙට පෙන්නුවේ නැතත් මේ වගේම එයාලගේ නංගිලට ආදරෙයි.මට එහෙම ආදරේ කරන්න නංගියෙක් ලැබුනේ නෑ.දුකා අයිය, සඳරු, උඹල ගොඩක් වාසනාවන්තයි.උඹලගේ ජීවිත කවදාවත් හිස් නෑ.. ඔය ලින්ක් දෙකට ගිහින් කියවල බලන්න එයාල නංගිලා ගැන ලියල තියන ඒවා.මීට වඩා මට හිතින් ඔයා එක්ක තනි වෙන්න බෑ නංගි..දැන් මේක ලියල ඉවරයි.තව ටිකකින් ඔයා සිංහල බ්ලොග් අවකාශෙට ඉගිලෙනවා..පරිස්සමින් මගෙ නංගි….

childhood

පසුවදන :
මේ පුංචි සිතුවිල්ල මගෙ හිතට පහල වෙන්නේ මගෙ ඇස් දෙකින්ම දකින්න ලැබෙන පුංචි සිද්ධියක් මුලික කරගෙන.හැමදාම උදේට බයිසිකලෙන් වැඩට යද්දී පුංචි පැටවු දෙන්නෙක් හැමදාම මට හම්බ වෙනවා. අයියයි නංගියි.. අයිය 5 වසරේ වගේ.. චූටි නංගියනම් 3 වසරේ වගේ.දෙන්නම හැමදාම එකම වෙලාවට පාර දිගේ එනවා.නංගියාවත් අයින් කරගෙන අයිය තමයි එක්කගෙන එන්නේ.මං දැකපු විදියට මේ දෙන්නට කිලෝමීටර් 2 ක් විතර පයින් යන්න තියනවා එයාලගේ ඉස්කෝලෙට..පුංචි කෙල්ල ළඟ ළඟ අඩිය තිය තියා යද්දී අයියට වේගෙන් යන්නත් බෑ..ඉතින් හැමදාම මං ඔය දෙන්නට හෝන් එක ගහගෙන යනවා.මේ දවස් ටිකේ අපි ඉන්න පලාතට හොඳටම වැස්ස.ඉතින් ඔය පොඩි උන් දෙන්නව මට දකින්න ලැබුනේ නෑ දැන් සතියකින් විතර.ඔය ගැන හිත හිතා එද්දී තමයි මට මේ සිතුවිල්ල පහල උනේ.

පුංචි නංගියෙක් වෙනුවෙන් හැමදාමත් හීන මැවුව,
ආදරණීය තිශ්…

 

80 Comments:

රවින් said...

මාරයි බං.. ආදරණීය හීන කියන නමට උපරිමෙන්ම ගැලපෙනවා.. මේක කියවන ගමන් එක දිගටම මට චූටි හිනාවක්‌ ආව ඇත්තමයි. කින්ඩි හිනාවක් නෙවේ මචන්.පට්ට ජීවී බවක් තියෙන්නේ ලියාපු විදියේ.මාරම සුන්දරයි වගේ..මටත් මැවිලා පෙනුනා උඹයි නංගිවයි. මම අර සඳරු ගේ කතාව කලින් කියෙව්වා. අයියලා වුනාම වගකීම් ගොඩයි බං.. මාත් චූටි නංගි පැටියෙක් හිටියා නම් ගොඩාක් ආසයි..ඒත් අයියලා දෙන්නා හොඳටම ඇති කියලත් වෙලාවකට හිතෙනවා..

ItalyDilan said...

නංගියෙක්ගේ අගය මමත් හොදට තේරුම් අරගෙන ඉන්නේ බන්,,අපේ ගෙදරත් ඉන්න හින්දා

තිශ් said...

@ රවින් : මාත් මේක ලියද්දි මං වගේම ඒත් මට වඩා ලස්සන චූටි නංගියෙක්ව හිතේ තියාගෙන ලිවුවේ... එයාට පන දෙන්න මං ගත්ත උත්සාහේ සාර්ථකයි නේද?සමහර ලස්සන තැන් ලියද්දි මටත් හිනා...හැමදාමත් උඹ තමයි මට වැරද්දක් හරි පෙන්නලා දෙන්නේ.උඹගෙන් හොඳක් අහනවට වඩා මං ආස වැරද්දක් අහන්න බං.උඹ නියම විචාරකයෙක්.... ස්තුතියි...

තිශ් said...

@ ItalyDilan : නංගියෙක්ගේ අගය උඹලට තේරුම් ගන්න හරි පුළුවන් උනා මචං..ඇත්තටම කෙල්ලෙක් ගෙදරකට ඉන්නව කියන්නේ ඒ ගෙදර පාළුවක් නෑ නේද මචං..හදිස්සියකට ඇඳුමක් හරි Iron කරලා දෙනවනේ.. මාත් උඹගේ ඉතාලියේ සිට ලියමි.... බ්ලොග් එක පස්සෙ ටික දවසක ඉඳං පන්නනවා..ලස්සන වැඩක්.. ජය වේවා !!

amila said...

ane oyata nangiyek nohitiya eka hodai eka athakata,
mage 1ma nangige wedding eka heta(10-06-11) nedeyo hithawaththu okkoma ekathuwela ,, eth eyage ekama ayyiya eyalagen godak dura... ada udeth kathakarala eduwa..
mewage iwasannaberi duka, paluwa, thanikama, asaranakama nodennena nam oya wasanawanthai eka peththakin....

කස්ස said...

බොහොම සවේදී විදියට ලියල තියනව මචන්.මටත් නoගියෙක් ඉන්නව තාමත් ඉකෝලෙ යනව.කතාව කියවගෙන යද්දි ඒ හැඟීම හොඳටම දැනුන.

නචියා said...

සිරාවටම මචං මටත් නංගියෙක් හරි අක්කෙක් හරි හිටියානම් කරන දේවල් වෙන දේවල් ගැන මමත් අනන්තවත් හිතලා තියනවා.. මොනවා කරන්නද බන් අපිට ඒ වාසනාව නෑ...

Anonymous said...

මමත් හෙන කාලයක් බලාගෙන හිටියා බං නංගියෙක් හම්බුවෙනකං. අපේ මල්ලි හම්බුන දවසෙත් මං හෙනට ඈඬුවලු නංගියෙක්ම ඕනෙ කියලා...

කොහෙද ඉතිං ඒ වාසනාව නැහැනේ...

Anonymous said...

ටිකක් බොලද ගතිය අඩු කරන්න මල්ලි. මට නං වෙලාවකට සුජීව ප්‍රසන්නාරච්චිගේ Novel එකක් කියවනවා වගේ :P

Bindi said...

අපේ ගෙදර ළමයි 4 දෙනයි . අය්යයි..අක්කයි මමයි ..මල්ලියි.. ගෙදරින් යනකම්ම පොඩි දේවලට කොච්චර රණ්ඩු වුනාද . සමහර වෙලාවට මේ මොන කරදරයක්ද කියලත් හිතුනා. එත් අද ...අපි හතරක් වෙච්ච ඒක කොච්චර හොඳද . දැන් හතර අටක් වෙලා . පොඩි වුන් 7 කුත් ඉන්නවා . ඒ ගැන මාර සතුටුයි... අපේ ලොක්කිත් නංගිට පුදුම ආදරෙයි . රණ්ඩු ඉවරයක් නැහැ,. ඒත් නංගි හිටියේ නැත්නම් හොඳයි කියලා කවදාවත් කියන්නේ නැහැ.

Dilanka Madhawa said...

මචං උඹත් මගේ බෝට්ටුවේ බං....මටත් නංගෙක් නැ බං...අපට ඒ අඩුව දැනෙන්නෙ එහෙම කෙනෙක් නැති නිසා වෙන්න ඇති නේද බං....
උඹේ ඔය වගේ කල්පනාවකට වැටිච්ච වෙලේ මම ලිව්වේ මේක- http://www.kopikade.net/2011/03/blog-post_2509.හ්ට්ම්ල්
ලබන ආත්මෙකවත් පුංචිම පුංචි හුරතල් නංගියෙක්ව ලබන්න කියල ප්‍රාර්ථනා කරමු...

දඩබ්බරී said...

ගොඩක් හිතට දැනෙන්න ලියල තියෙනවා... මට නම් නංගියෙකුයි මල්ලියෙකුයි ඉන්නවා.සහෝදර සහෝදරියෝ ලබන්න පින් කරලා තියෙන්න ඕනිලු ..මම වද වෙන්නෙ මට අක්කා කෙනෙක් නැති එකටයි...

කිඩෝ said...

සික් ඉන්න මට නොහිටියනං හොදයි කියලා හිතෙනවා... නැති උබලා හිටියනං හොදයි කියලා කියනවා... පොඩි කාලෙනං ඉන්න එක හොදයි කියලා හිතුවා ඒත් ලොකු වෙනකොට.....

රත්ගමයා said...

දුකා අයියගේ පෝස්ට් එක කියෙව්වම ඉතින් ඕන කෙනෙක්ට නංගියෙක් ඕන වෙනවා,,
අපේ ගෙදරත් කොල්ලෝ තුන් දෙනයි...
ඒත් කෙල්ලෙක් නැති අඩුවක් නම් නෑ...කොල්ලෝ පිස්සු කෙල කෙල ඉන්නවා...අඩුවක් දැනෙන්නේ නෑ...
ගෙදරට එන අය වුනත් කියන්නේ කොල්ලෝ නිසා හොදයි කියලා...
ඉතින් අපිට නංගියෙක් නැති අඩුවක් දැනෙන්නේ නැත...
හිටිය නම් මට තමා කොල්ලොන්ගේ පරිස්සම් කොරන්න වෙන්නේ...

අනූ said...

මං ආසයි මට අයියෙක් ඉන්නව නම්.ඒත් මොනා කරන්නද කවුරුවත්ම නෑ නෙ මටත්.

නෙරංජි සුලක්ඛනා said...

මටත් ආසයි අයියා කෙනෙක් හිටියා නම්....එහෙමනම් ෂෝයි...මේ ගෙදර කවුරුත් නැහැ....ළගදී අම්මා මගෙ කේන්දරේ බලවන්න ගිය වෙලාවෙ කියලා තියෙනවා..කේන්දර බලවත් අයට සහෝදරයො හට ගන්නෙ නැහැ කියලා....අනේ අපරාදෙ...ඒන කරුමයක්...මම ඊළග පාර නම් අයියෙක් ඉන්න පවුලක ඉපදෙනවා

නදී said...

මටත් අය්ය කෙනෙක් හිටියනම්...

නෙතුපිය said...

මටත් මං විතරයි ඉන්නෙ ......
ඒ පාලුව පාඩුව වචනෙන් විස්තර කරන්න බැහැ ...
සංවේදී ලිපියක් ..........

Anonymous said...

මටත් අනන්තවත් හිතිලා තියෙනවා මටත් අය්යෙක් හිටිය කියල. අඩුම තරමේ මට නෑ කමටවත් අය්යෙක් නෑ.
නුවනි

Anonymous said...

අපේ ගෙදරත් කෙල්ලොම තුනක්. මමත් අම්මට නOගී හම්බවෙන ඉන්නකොට මල්ලියෙක් ලැබෙයි කියලා බලාන උන්නා. මම අම්මට නOගි ලැබුනාම හුගාක් අඩුවා. ටික කාලයක් යනකම් නOගි දිහ බැලුවෙත් නැහැ. අනේ මටත් අයියෙක් හරි මල්ලියෙක් හරි හිටියනම් සිතෙනවා අනන්ත්වත්. හැමෝම ඔහොම තමා. නැති දේ ඉල්ලනවා.

Anonymous said...

හප්පො නැති එකමඉ හොද
හිටියයි කියල මෙ ලිපියෙ තියනවගෙ ඩෙවල් නම් වෙන්නෙ නැ
එහෙම ඩෙවල් බලපොරොත්තු වෙන්නත් බැ
මෙකෙ තිියනව දෙවල් වල අනික් පැත්ත තමඉ බොහො විට වෙන්නෙ

සිතුවිලි නිහඬයි said...

මගේ බ්ලොග් එකේ මන් ලියපු දෙවන පොස්ට් එක ඔයාගේ එකට නියමෙට ගැලපෙනවා තිෂ්.....මන් හැමදාම ප්‍රර්ථනා කලේ ඔයා ඔය කියල තියන විදියේ අයියා කෙනෙක් හිටියනම් කියල.....බලද්දී අපි හැමෝටම නොලැබුන, කවදාවත් ඉටු නොවන දෙයක් ගැන අහිංසක බලාපොරොත්තුවක් , ප්‍රාර්ථනයක් හිත ඇතුලේ හැංගිලා තියෙනවා......

හසී said...

4 වෙනි ඇනෝ ඔයා එහෙම කිව්වාට එහෙම දේවල් වෙනවා.. ඒක නොවිදපු නිසා ඔයා එක නොදන්නවා ඇති...

මේ ලිපිය හරිම සංවේදී... මට මැවිලා පෙනුනේ අපේ අයියාවයි මාවයි..කොච්චර රණ්ඩු උනත්, ගහ ගත්තත් අපි හැමදාම හොදම යාළුවො දෙන්නෙක් වගේ.. :)

තාරක Dilsh@n said...

math ubema bottuwe bun, issara idan godak asai nangi kenekta.
samahara vta api godak asa nathi dewalata hinda wenna athi mehema danenne.
Dukaa aiyage post 1 kiyewwahamanam aduna.

mona de kalath kama wala rasa hoyana ekanam nokara inna ekak na, godak nangila chater kanne oka hinda kiyala mama ahala thiyenawa..

sry 4 using singlish machan, this computer doesn't have unicode...
- Tharaka Dilshan

මලී said...

හිතේ තිබුනු ලස්සන දෙයක් තවත් ලස්සන කරලා ලියලා තියනවා. ජිවිතේ මෙහෙමයි කියා දෙන්න ඔයාට නංගියෙක් නැති වුනාට ඔයා හොදට ජිවිතේ තේරැම් අරන් තියනවා.
තිශ් නොලැබුනු දේවල් ගැන හිතලා දුක් වෙන්න විතරයි අපි දන්නේ. දුක් වෙන්න එපා තිශ්.......

sha baba said...

ඒ උනාට අපේ අයියා මට නම් චුට්ටක් වත් ආදරේ නෑ. එකට හේතුව නම් මන් දන්නේ නෑ. අම්ම කියන්නේ එය ආදරේ පෙන්වන්නේ නෑලු. එත් මං අහන්නේ පෙන්වන්නේ නැති ආදරෙන් වැඩක් තියෙනවද?

නලිනි චන්දිමා said...

මෙහෙම දේවල් වෙන්නෙ නැත කියලා සමහරු හිතුවට, මම හිතන්නෙ ඔය කියපුවයින් වැඩි හරියක් එහෙම තමයි. (එහෙම නැති පවුලුත් ඇති- ඒක එක එක්කෙනාගෙ හැටියටනෙ.)
මම පොඩි කාලෙ නිදාගන්නෙ අය්යගෙ අතින් අල්ලගෙන. මේ හිවලා මට නින්ද යනකම් ඉඳලා කොට්ටෙ මුල්ලක් ගුලි කරලා අතට දීලා මාරු වෙනවා. මම දැන ගත්තෙ පස්සෙ.
මගෙ පොත්වලටත් හැමදාම කවර දාලා දුන්නෙ අය්යා. හොඳ වෙලාවට අය්යා බැඳලා යන කාලෙ වෙනකොට මල්ලි හිටියා ඒ වැඩේ කරලා දෙන්න. වෙසක් කූඩුවලට කොළ ඇලවිල්ලනම් එයාම තමයි කරේ. මට තිබුණෙ 'අරක අරං එන්ඩ, මේක අරං එන්ඩ' ජාතියෙ වැඩ.
අඹ කපන්ඩ ගිහින් අත කපා නොගත්තට, සැරයක් උණ බම්බුවක් අස්සට වෙඩි බෙහෙත් දාලා ඒක පත්තු කරන්ඩ ගිහින්, උණ බම්බුව අස්සෙ අය්යා අත හිර ගත්තා. අම්මලා බනියි කියන බයට කුස්සියෙන් හොරෙන් පොල්තෙල් ගේන්ඩ නංගිලා හිටිය හින්දා... අම්මලා ඇවිත් බේර ගත්තා. :D
අය්යට යාලුවො දුන්නු සමරු පොත්වල විකාර ලියලා, එයා ඒක අම්මට පෙන්නලා මට බැණුම් ඇස්සෙව්වා. :(
එයා මුළින්ම රස්සාවට යනකොට, මම එහෙන් මෙහෙන් සල්ලි හොයලා එයාගෙ මේසෙ උඩ තිබුණු මාගරින් පෙට්ටියට දාලා තියනවා එයාගෙ වියදමට. එයා තවමත් දන්නෙ නෑ කවුද ඒ වැඩේ කරේ කියලා.
මේ වගේ තව කියන්ඩනම් පුළුවන්. ඒත් එතකොට මේක කමෙන්ට් එකක් නෙවෙයි, පෝස්ට් එකක් වෙනවා.

Saweera said...

සහෝදර බැම්ම කොතනත් එකයි..මගෙ නංගියත් ඔය කිව්ව වගේම තමයි විශේෂයෙන්ම චන්දිමා කිව්ව වගෙම තමයි.හැබැයි මං තව ආසයි අක්කෙකුත් හිටියන්ම්.(නගා නම් ඉන්නවනෙ One and Only)එක හුස්මට සේරම කියෙව්ව..එකින් එකට කොමන්ට් කරන්න වෙලාව නැති එක ගැන සමාවෙන්ට ඕනෙ...මං බ්ලොග් ලිවිල්ලට අලුත් ටිකක් ඒ පැත්තෙත් ඇවිත් අදහසක් දෙන්න.
http://photoshopapethaleta.blogspot.com/
http://sanhithawa.blogspot.com/

හා පැටික්කි (MS) said...

මුකුත් නොකියමි. අයියලා හැමෝම එක වගේ නෑනේ ඉතින්............

මාරයියා මෙය නොදකීවා.........!!!!

sha baba said...

තිෂ් අයියා මං අර වැරැද්ද හැදුවා. තරහ නැතුව බලන්න එක හරිද කියල. ගොඩක් ස්තුතියි.. ගොඩක්ම ස්තුතියි... ඔයාට නංගියෙක් නැති උනාට ඔයා හොදම හොද අයියා කෙනෙක්. එක මට අදම තේරුණා. ගොඩක් ස්තුතියි.

pandukabaya said...

නංගි හැමදාම පොඩියට ඉන්නවා නම් හොඳයි. හැබැයි ලොකු වෙනකොට නංගිට බැල්ම දාන රස්තියාදුකාර කොල්ලන්ගේ ඇටකටු කුඩු කරන්න නම් හරිම අමාරුවෙයි

හිස් අහස said...

පන්ඩුකාභය කියනවා වගේ .. නංගියෙක් හිටියානම් මචං ඉතින් අයියට ඉන්න වෙනවා නිකම් වැනෙන එකෙක් නොවී තනි කෙලින් ..කොල්ලෙක් කෙල්ලෙකුට බැල්ම දාන එක සාමාන්‍ය දෙයක් කියලා හිතමු ..ඒත් චාටර් ඩයල් එකක් නගාට ලයින් දාන්න ගත්තොත් ඌට නෙල්ලන්නම ඕන..උන්ට ඉතින් ආයේ තේරුම් බේරුම් කරනවා බොරු .. නගා කෙනෙක් උන්නය කියන්නේ වගකීම් නම් කෝටියක් .!

තව දෙයක්! තමන්ගේ යාළුවන්ව ගෙදරට ගෙන ඒම සීමා කරන්න වෙනවා නංගියෙක් ඉන්නකොට ..

කිඩෝ said...

pandukabaya, සදරු: මචං ඔය දේමතමයි මට වෙලා තියෙන්නෙ + අපේ නංගි ඊට හපන් + මට මුකුත් කරන්නත් බෑ (කරන්න පුලුවන් එකම දේ මොලේ සුද්ද වෙන්න හොදවයින් දෙකක් ඇදලා අරින එක) අම්මයි තාත්තයි ඒ පාර ගන්නේ එයාගෙ පැත්ත.

මට මුකුත්ම කරන්න බෑ මොකද මම මොකක් හරි කරලා එයත් ඒක කරොත් කෙලින්ම ඇගිල්ල දික්වෙන්නෙ අයියගෙ පැත්තටනෙ... අර pandukabaya කියනවා වගේ නංගි කෙනෙක් ඉන්නඑක හොදයි එයා හැමදාටම පොඩියමෙ ඉන්නවනං... අත්දැකීමෙන් කියන්නේ...

තිශ් said...

@ amila : Comment එකට Reply කරන්න මං ගොඩක් පරක්කු ඇති අමිල..උඹේ එකම නංගිය අද ලස්සනම ලස්සන මනමාලියක් වෙන්න ඇති.උඹ නැති අඩුව දැනෙන්න ඇති ඒ කෙල්ලට.ඒත් උඹ ඔහේ ඉඳං හරි උඹේ යුතුකම් ටික කරන්න ඇති.ඒ ගැන සතුටු වෙයන් මචං..නංගියාට ලස්සන අනාගතයක් මාත් ප්‍රාර්ථනා කරනව.... අපි හැමෝම......

@ කස්සා : ගොඩක් ස්තුතියි මචං.. උබේ පොඩි නංගියව ආදරෙන් බලාගනින් හැමදාම..උඹලට දැනුනානම් මට ඒ ඇති මචං.

@ නචී : අනෙ මන්ද නචී, මං හැමදාම කියනවා වගේ අපිට මේ ලෝකේ දෙයක් ලැබෙන්නේ නැත්තන් ලැබෙන්නෙම නෑ..නෑමයි...

@ prasanna86k : මාත් ඉස්සර අම්මගෙන් නංගියෙක් ඉල්ලුව මතකයි.. ඒ මතකේ ආයෙත් අලුත් උනා.... වචනයක් හරි ලියල ගිය එක හිතට මාර හයියක්...

@ Ano 1 : මේක බොළඳ වෙන්න පුළුවන්..ඒත් ඔයාගේ ඔය Comment එක දැකපු අය මට කිව්වේ මේක Heart Touching කියල.Heart Touching වචනෙයි බොළඳ වචනෙයි තේරුම එකක්නම් මං පිළිගන්නම්....

මන්තරකාරි said...

ඇස් දෙකට කඳුළු පිරුණා. මං මොන තරම් වාසනාවන්තද කියලා හිතුනා රණ්ඩු වෙලා තරහ වෙන්නත් ආදරේ වෙන්නත් අයියා කෙනෙක් ඉන්න නිසා.

නංගියා ලස්සන සුදු ගවුම් පොඩිත්තක් ඇදලා ඉස්කෝලේ යයි. ඒත් නංගියා ආස අයියා වගේ අදින්න, බයිසිකල් පදින්න, සෙල්ලම් කරන්න...
මොන ප්‍රශ්නෙ ආවත් නංගියා මොනවත් නොකියා හිනා වෙලා ඉදීවි, හිතේ හයියට නෙවි, අයියා රණ්ඩුවට යයි කියලා බයට. මොකද නංගියා දන්නවා අයියා නංගිට කොච්චර ආදරේද කියලා...
කවදාක හරි නංගියා ආදරේ කරන්න පටන් ගනිවි. ඒත් එක සැරයක් හරි අයියට මොනවා හරි කිව්වොත් එයාට නංගිය කියයි වැඩියෙන් වටින්නෙ අයියා කියලා. අන්තිමට අහයි 'ඔයාට මගේ අයියාට ඔයාගෙම අයියාට වගේ සලකන්න පුලුවන්ද' කියලා.නංගිය එයාට කැමති වෙන්නෙ එයා ඔයාටයි අම්මටයි තත්තටයිත් ආදරේනම් විතරයි අයියෙ....

තිශ් said...

@ නෙලුම් විලේ Bindi : හැමදාමත් ඇවිත් කියවල යනවා නේද?ඔයාල හැමෝම මට ලොකු ශක්තියක්..එතකොට ගෙදර හිටපු චූටි නංගි තමයි බින්දි.. හැමෝම ගොඩක් ආදරේ කරන්න ඇති පුංචි නංගියාට නේද...තාම ඒ වගේම ආදරේ ඇති..

@ කුරුං ගුරුං : දෙයක් ළඟ තියනවට වඩා ලග නැතුවම දැනෙනව වැඩියි මලේ..මොනවා කරන්නද.උඹත් මාත් කලින් ආත්මේ පිං කරලා නැතුව ඇති සමහර විට.ලබන ආත්මෙදිනම් මට නංගියෙක් ඕනෙමයි කියල අම්මට කියන්න ඕනේ..

@ Pavithra : ඔයා ගොඩක් පිං කරලා ඇති පවිත්‍රා..නංගිවයි මල්ලිවයි හැමදාමත් ආදරෙන් බලාගන්න.ශක්තියක් වචන ටික...

@ කිඩෝ : මචං දුකා අයියගේ පොස්ට් එක උඹ කියෙව්වෙ නැද්ද? එක කියවල බලපන්..නංගි ගෙදරින් ගියාට පස්සේ තමයි තේරෙන්නෙ උඹ ඒ කෙල්ලට කොච්චර ආදරේද කියල.

@ රත්ගමයා : උඹටනම් මොකට නංගිලද..ඉන්න බ්ලොග් සහෝදරියෝ ටික හොඳටෝම ඇති... නේද........

තිශ් said...

@ කඩේ හාමිනේ : මාත් ආසයි නංගියෙක් හිටියනම් ටිමොන්..ඒත් මොනවා කරන්නද.. ජීවිතේ ලැබුන දේවල් ටිකයි..

@ නෙරංජි සුලක්ඛනා : තනියම ජීවත් වෙන්න උනාම ජීවිතේම හිස් නෙරන්ජි.ඒ දුක මං දන්නව..මාත් ඊළඟ වතාවෙනම් නංගික් ඉන්න පවුලක තමයි ඉපදෙන්නේ.ආ... මං ඉපදුනාට පස්සෙනේ නංගි...

@ නදී : ඔය ටික අයියෙක් නැති හැම නංගියෙක්ම කියනවද නදී?හරියට නංගියෙක් නැති හැම අයිය කෙනෙක්ම මටත් නංගියෙක් හිටියනම් කියල කියනවා වගේ...

@ සජීවනී : තනියම ඉන්න හැම අයියෙක්ම නංගියෙක්ගේම හීනේ තවත් සහෝදරයෙක්, සහෝදරියක් සජීවනී..සංවේදියි කියන ලේබලේ දුන්නට ගොඩක් ස්තුතියි...

@ නුවනි : තමන්ගේම කියල අයියෙක් නෑ කියන්නේ දුකක් තමයි.. මොනවා කරන්නද නුවනි.. ජීවිතේ හැම දේම අපිට ලැබෙන්නේ නෑනේ..

තිශ් said...

@ Ano 3 : ජීවිතේ කියන්නෙ ඕක තමයි යාලු..ලැබීම් සහ නොලැබීම්.. ලැබීම් අඩුයි..නොලැබීම් වැඩියි.මේ මං දකින විදිය.සමහර දේවල් උත්සාහ කලොත් ලබාගන්න පුළුවන්.ඒත් ......

@ Ano 4 : මොනවා උනත් කියවල බලල වචනයක් හරි ලියල ගිය එක ගැන මං ගොඩක් සතුටුයි.මොකද මේ ලිපිය කියවල වචනෙකින් හරි දිරියක් නොදී යන අය අතරේ මට ඔය කොමෙන්ටුව ගොඩක් වටිනවා.බොහොමත් ස්තුතියි........

@ සි නි අක්ක : මං කියෙව්වා අක්ක ඔයාගේ දෙවැනි පොස්ට් එක.ඇත්තමයි.. ඒක නියමෙටම ගැලපෙනවා.මං කලින් දැක්කේ නෑනේ..හැම නංගි කෙනෙක්ම මේ විදියද සි නි.මං පොස්ට් එකේ යටින් ලින්ක් එක දාන්නද නංගියෙක් හිතන විදිය කියල.......

@ හසී අක්ක : ඔයාටනම් රණ්ඩු වෙන්න හරි අයියෙක් ඉන්නව නේද හසී අක්ක.තරහ උනාම අයෙත් යාලු කරගන්නේ කොහොමද?ගොඩක් ස්තුතියි ඇවිත් කියවල ගියාට..හැමදාමත් ඔයාල එයි කියල බලාගෙන තමයි මං අලුත් පොස්ට් ලියන්නේ.ඒ වගේම නොවරදවාම ඔයාල එනවා.එක මට ලොකු හයියක්..........

තාරක Dilsh@n : මං දැකල තියනවා ගොඩක් අයියල නංගිලව චාටර් කරනව යාළුවො නෑදැයෝ ඉස්සරහ අපෝ මෙය උයන ඒවා කන්න බෑ.... කියල.පවු නේද බං ඉතින් අර අහිංසක කෙල්ල..ඇත්තමයි මං කිව්වේ බං.මට නංගියෙක් හිටියනම් සත්තයි මං ඔහොම කියන්නෙ නෑ කවදාවත්.

තිශ් said...

@ මලී : මං දැන් දුක් වෙන්නේ නෑ මලී.මට දැන් සහෝදරියෝ ගොඩාක් ඉන්නව.මං තනි වෙලා නෑ කියල දැන් මට දැනෙනව.ඔයා ලියල දුන්න කවි පේලි ටික අද පොස්ට් කරන්නම් මලී... ගොඩක් පිං කරන හැම උදව්වකටම..

@ ශා : ඔයාගේ අයියත් ඔයාට ගොඩක් ආදරෙයි කියල ඔයාට කවද හරි දවසක දැනෙයි නංගි..හැම අයියෙක්ම නංගිට ආදරෙයි.මං එක දන්නව.කියවල බලන්න දුකා අයියගේ පොස්ට් එක..සඳරුගේ පොස්ට් එක..

තිශ් said...

@ නලිනි චන්දිමා : මං සිතුවිල්ලක් ඔස්සේ ගිහින් ලිවුව කරුණු හැම එකක්ම එකින් එක සාධාරණීකරණය කලාට බොහොමත් ස්තුතියි නලිනි අක්ක.හැමදාමත් මගෙ බ්ලොග් ඒකත් එක්ක රැඳිලා ඉන්න එක ගැන හිත යටින් පුංචි ආඩම්බරේකුත් තියනවා..අපිත් සිත ආරත් එක්ක එහෙමමයි.මං ලිවුව හැම දෙයක්ම ඇත්තටම මේ ලෝකේ වෙන දේවල් කියල පෙන්නුවට ගොඩක් ස්තුතියි....ඔන්න ඔය කරුණු ටිකත් එක්ක ලස්සන පොස්ට් එකක් ලියන්න කියල ආදරෙන් ඉල්ලීමක් කරන්න මං කැමතියි.මගෙ බ්ලොග් ජීවිතේ මෙතුවක් කාලෙකට ලැබුන දිගම Comment එක.පුදුම සතුටක් දැනෙන්නේ.

මේ හිවලා මට නින්ද යනකම් ඉඳලා කොට්ටෙ මුල්ලක් ගුලි කරලා අතට දීලා මාරු වෙනවා.. මම දැන ගත්තෙ පස්සෙ.
මේ ටිකනම් මරු.... හී හී...

තිශ් said...

@ සවීර : මං කවදාවත් මහා ලොකු Comment බලාපොරොත්තු වෙන්නෙ නෑ සවීර.ඔය ලියල තියන ටික ඉහටත් උඩින්.උඹටනම් One & Only නඟා ඉන්නව නේද? ඔන්න මාත් අද ඉඳං එලවන්න ගත්ත මචං උඹගේ බ්ලොගේ පස්සේ.දිගටම ලියපන්..

@ හා පැටික්කි : අම්මෝ තවමනම් මාරයිය දැකල නෑ.. හාවි නම් අයිය එක්ක මොකක් හරි තරහකින් ඊයේ ඉඳල තියන්නෙ.නේද???

@ ශා : මං බැලුව නංගි.දැන් හරි නේද.. දැන් ඉතින් දිගටම ලියන්නයි තියන්නෙ.. සුබපැතුම් !!!!

@ pandukabaya : ඔයාගේ Comment එක අපේ ඔෆිස් එකේ බ්ලොග් කියවන්නේ නැති එක්කෙනෙක් දැකල මාත් එක්ක පුංචි කතාබහක් ගියා.මොකද ඒ වෙද්දීත් ඊයේ මං ඔෆිස් එකේ.එයා කියන විදියට මාත් කවද හරි කෙල්ලෙක්ට ට්‍රයි කරනවලු.එතකොට ඒ කෙල්ලත් කාගේ හරි අයියෙක්ගේ නංගි නේද කියල මාත් එක්ක තර්ක කළා.ඒ වෙද්දී සඳරු ගේ Comment එක දාල තිබුනේ නෑ.මාත් නිරුත්තර උනා....

තිශ් said...

සඳරු සර්, උඹ උඹේ නංගියාට තියන ආදරේ මං දැක්ක බං.උඹ ඒ කෙල්ලගේ වගකීම් හිතට අරගෙන වැඩ කරපු හැටිත් දැක්ක.මං උනත් මට නංගියෙක් හිටියනම් උඹ වගේම තමයි.නංගිකට අයියගෙන් තියන වගකීම් කවදාවත් මෙච්චරයි කියල කියන්නා බෑ නේද මචං.. උඹ, මං දැකපු නියම අයියෙක්.එච්චරයි... හැමදාම මං කියන්නා වගේ ඊයෙත් උඹෙන් Comment එක එනකල් බලන් හිටියේ......

තිශ් said...

@ කිඩෝ : ඔන්න මරු අයියෙක් Comment එකක් දාල.හික්ස්.. අනෙ යකෝ.. කමක් නෑ.. උඹ හිතන විදියනේ.. පවු බං උඹේ නංගි..

තිශ් said...

@ මන්තරකාරි : සත්තයි ඔයාල අඩවන්න බලාගෙන ලියපු එකක් නෙමෙයි මේක.හිතේ තිබුන දේ මං ඔහේ ලියල දැම්ම.ගොඩක් අයට දුක හිතුන.සමහරු බොළඳයි කිව්වා..මට ඔයාල හැමෝම වටිනවා.වචනයක් හරි ලියල යද්දී.. අලුත් Comments එකින් එක එද්දී පුදුම සතුටක් දැනුන.හැම කෙනෙක්ටම.. ගොඩාක් ස්තුතියි... ඔයාටත්..

සිත් අහස said...

ඇත්තමයි මෙක කියවද්දි මගේ අත පය වෙවුලලා ගියා , ඒ මාත් මගේ අයියට ගොඩාක් ආදරේ නිසා වෙන්න ඇති. අම්මා තාත්තටත් වඩා මම එයාට ආදරෙයි. එකට හේතුව මමවත් දන්නේ නෑ. එයාගේ හැමදේම හොයන්නෙ මම අම්මටත් වඩා. එයා මම උයන එවා කාලා හිනා වෙලා "ෂා හරි රසයිනේ" කියනකොට මට දැනෙන්නේ පුදුම සතුටක්. එයා මාව එක්කන් යද්දි හැමොටම මේ මගේ අයියා කියලා ආඩම්බරෙන් පේන්න යන්න මම හරිම ආසයි. ඔව්, එයා මගේ එකම ආදරනීය සහොදරයා. අම්මා ගෙදර නැති වෙලාවට මගේ අම්මා වෙන්නේ එයා. තාත්තා නැති තැනට තාත්තා වෙන්නේ එයා. ඉතින් එයා වෙලාවකට මගේ අම්ම ,තාත්තා අයියා ඒ තුන් දෙනාම වෙලා මාව ගොඩාක් ආදරෙන් බලාගන්නවා. මම මේ ලෝකේ හැමදේටම වඩා මගේ අයියට ආදරෙයි

- නිල් අහස - said...

ඇත්ත..මෙච්චර සහොදර කම පිරුන හිතක තනියට නංගියෙක් නැති එක සැබෑම දුකක්.
මටත් ඉන්නේ මල්ලිලාම දෙන්නෙක්. ඒ හන්දා ඔය අඩුව මටත් අඩුවක්මයි.

හරිම සංවේදි..ලිපියක්...මචං.

Kalu Pusa said...

මේක කියවද්දී මාව සීතල වෙලා ඇහැට පොඩි කඳුලක් එන්න වගේ ආවා. මිට අවුරුදු 10 කට විතර කලින් පොඩි කාලේ කඳුලක් ආවට පස්සේ අද තමයි මම මෙච්චර සංවේදී උනේ.

ඇත්තටම උඹ මගේ හිතේ හැංගිලා තිබුන අදහස්මයි ලියල තියෙන්නේ.
අනේ මටත් නංගියෙක් හිටිය නම්

Anonymous said...

මගේ සිත මමම කියව්වෙමි...!!!

Anonymous said...

ලස්සන හීනයක් මල්ලි. මටත් මේ වගේම අයිය කෙනෙක් ගැන හිතිල තියෙනව. මටත් අයියා කෙනෙක් හිටියනම් කියල. මාත් ඉස්සර ඔයා වගේම ඒ ගැන ගොඩාක් හීන දැකපු කෙනෙක්. මම ඒ ගැන දුකා අයියගෙ පෝස්ටුවට කමෙන්ට් කරද්දි වැඩි විස්තර කියල තියෙනව.
ඈත්තටම ඉතිං අපි හිතන විදියටම ජීවිතේදි අපි හිතන දේවල් එහෙමම ලැබෙනවනං ජීවිතේ කොච්චර ලස්සන වේවිද..
දිගටම ලියන්න. සුබ පැතුම්!!

තිශ් said...

@ ප්‍රාර්ථනා : ඔයාගේ Comment එක දැක්ක වෙලේ මට පුදුම විදියට ඒ ආදරේ දැනුන ප්‍රාර්ථනා..සහෝදරියක් සහෝදරයෙක් අතරේ තියන බැඳීම කොයි වගේද කියල.මට කිසිම දෙයක් ලියාගන්නත් බැරි උනා.ඔයාගේ අයිය ගොඩක් වාසනාවන්තයි..ඇත්තමයි අපිට ඒ වාසනාව නෑ..පුදුම විදියට දැනුන Comment එකක්.. බොහොමත් ස්තුතියි...

තිශ් said...

@ නිල් අහස : සමහරු කියන්න පුළුවන් මචන් අපිට කවුරුත් නැති හින්ද තමයි අපි මේ තරම් ආදරෙන් කතා කරන්නේ කියල.ඒත් ඇත්තටම නංගිල ඉන්න අයියල කියල තියන දේවල් දැක්කම ඒ අදහස වෙනස් වෙනවා නේද?අපිටත් නංගියෙක් හිටියනම් ඒ වගේම ආදරෙන් බලාගන්නවා නේද..

තිශ් said...

@ Kalu Pusa : වචන ටික ගොඩක් වටිනවා මචන්..ඇස වලට කඳුළු ආවේ ලියපු මට මුලින්ම.ඇත්තටම පුදුම විදියට දැනුනා මේක ලියාගෙන යද්දී.දවස් දෙකක් තිස්සේ කල්පනා කර කර ලිවුවේ මචන්..ගොඩක් ස්තුතියි ඇවිත් ගියාට..

තිශ් said...

@ Ano 5 : ඔබගේ සිත ලිවීමට ලැබීම ගැන මම සතුටු වෙමි..

තිශ් said...

@ හිම අක්ක : අනේ අක්ක මං දැන් ගොඩක් වෙලා Scroll කර කර ඔයාගේ කොමෙන්ටුව හෙවුවා..හම්බ උනේ නෑනේ.. ඔයා කියන කතාව ඇත්ත අක්ක, අපි හිතන පතන හැම දේම අපිට ලැබෙන්නේ නෑ..

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

උඹට නංගියෙක් නැතත් ඒ කියලා තියෙන ඔක්කොම ඇත්ත බං. දැන් ඉතින් නංගි කෙනෙක් වගේ ආදරවන්තියක් හොයාගනින්. හැබැයි සහෝදර ප්‍රේමය නම් හරියන එකක් නෑ. ඒත් ඉතින් හැම හොඳ ආදරවන්තියක්ම සහෝදරියක් වගේ තමා. මමයි මගේ නෝනි නංගි පැටියයි වගේ.

Banuka said...

adooo...maarama sira ban...dukath hithenawa machan...mamath umbha wagema thama ban..matath nagiyek neha ithin...:(:(...monawa karannada ban ithin?..duka thama ranjani kiyala innawa ara?..kohomaunath machan maara ma sira ah...niyameta liyala thiyanawa!!

Anonymous said...

math mage ayyata godak godak adarey......
man hadana dewal eya godak asawen kanawa kiyalath man dannawa. eya mawa godak adaren balagannawa. mama hamotama kiyanne He is the BEST BROTHER in the WORLD kiyala. podi kale edanma yaluwekge B'day ekakata monahari labunoth api dennata genath denawa..... thamath apiwa cls ekkan yanna cls eken panala enawa... welawakata paw kiyalath hithenawa...... math eyata adare pennuwe nathi unata hamathissema ona udawwak karanawa
mata welawakata baninawa bt mama gananganne na..
man mage ayyata godak adarey.......

Anonymous said...

මචං වදින්නම ලියල තියනව. අයියා කියනදේ අහල හොඳට හැදෙන නංගි කෙනෙක් හමුබුනා නම් ඔය සේරම වේවි. ඒත් එහෙම නැති උනොත් ඔය එකක් වත් වෙන්නෙ නෑ. මම දැකල තියෙන්නෙ වෙන පැත්තෙ නෙවෙයි‍ නොවෙන පැත්ත ගොඩක් වෙලාවට. සමහර නංගිලා ඉන්නවා එයාල තමයි හරි අයියා මොනවත් දන්නෙ නෑ කියලා. එහෙම අයත් එක්ක නම් ඕක සාර්ථක වෙන්නෙ නෑ. ඒත් හොඳ නංගිලාත් ඉන්නවා ගොඩක් වෙලාවට. :)

Rajitha Abeysinghe said...

හෙට ඇවිල්ලා නිදහසේ කියවලා කමෙන්ට් එකක් දාන්නම් මචන්.:)

Thanoja Rajapaksha said...

“මටත් නංගියෙක් හිටියනම්……. “

ඔව් මට තංගියෙකුයි මල්ලියෙකුයි දෙන්නෙක් ඉන්නවා... මට දුවලම දෙන්නෙක්.... නංගිට දුවයි, පුතයි.... මල්ලිට පුතෙක්...

නංගිගෙ පුතාට දැන් අවුරුදු 2 1/2ක් විතර... මල්ලිගෙ බඩ්ඩ පොඩියි.. අනේ මයෙ කෙල්ලො දෙන්නා නංගිගෙ පොඩි එකාව පොඩි කරන තරම්... දවසක් නංගිල පන්සලට ඇවිත් අපි එක්ක ඉදලා ගෙදර යන්න පිටත් උනා.. ලොක්කිගෙ ඇස්වල කඳුළු... අපේ ගෙදරව ආවෙ නෑ කියලා... පන්සලේ නටන්න උනේ නෑනෙ....

ඔයාල මේ විඳින දුක මගෙ දරුවො දෙන්නටත් කවදහරි ලැබෙයිද කියලා හිතෙනවා.. අනේ ඒත් තව දරුවෙක් ගැන කොහොම හිතන්නද? ඔයාලගෙ අම්ම තාත්තලා ගැන තරහ හිතන්න එපා.. එයාලටත් අනේක විධ ප්‍රශ්න තියෙන්න ඇති... තම තමන්ගෙ ලැබීම කියල හිත හදාගමු.... (ඔන්න දැන්නම් කඳුළු ටික වේලිලා...)

ශානි said...

apooo thish nangila nam oni na kollo mata innawa yakshaniyek wage nangi kenek mata eya nisa jeewithema epa wela inne

දුකා said...

ජීවිතේ අපි බලාපොරොත්තු වෙන හැම දේම ලැබෙන්නේ නෑ මල්ලී . . නොලැබුනු දේ ගැන හඬා වැටෙන එක තේරුමක් නැති දෙයක් . . ඒත් උබේ අඩවියේ නම ආදරණීය හීන නිසා මේ හීන බලන්න අපි එන්නම් .. උඹ උඹේ හීන ගැන ලියපන් මළේ . .

සිතුවිලි නිහඬයි said...

දාන්න මල්ලි...කමක් නෑ...

Kavindya said...

හලේ මේක දැක්කේ අදනේ.. හ්ම්ම්ම්

මකුළුවා..... said...

නියමම ලිපියක් මචං...නියමයි....මමත් පොඩි කාලේ ඔය හීනේ දැක්කා....හැබැයි නංගියෙක්ට නෙමේ...සහෝදරියක් ලබන්න...(හැබැයි අවාසනාවන්ත විදියට මගේ සහෝදරියක් මම ඉපදෙන්නත් කලින් මේ ලෝකෙන් සමු අරගෙන තියෙනවා...)ඇත්තටම හිතට දැනෙනවා මචං....මට කියන්න වචන නෑ....

Anonymous said...

aththatama lassanai kollo.....

වැසි දැරිය - The Rain Girl said...

මටත් කවුරුවත් නෑ අයියෙක්වත්..අක්කෙක්වත්..කිසි කෙනෙක්.
ඒත් මං තනියෙං කියලා මට හිතිලා නැහැ මොකද සමහර වෙලාවට අපේම පවුලේ අය තරමටම සමීප වෙන අය ඉන්න නිසා.
මට තියෙන ප්‍රශ්නේ ඇත්තටම නංගියෙක් හිටියා නම් අය්යේ ඔයා එයාට මෙච්චර ආදරේ වෙයිද දන්නෑ-හැම තිස්සේම රණ්ඩු වෙන කොට..

madushi said...
This comment has been removed by the author.
madushi said...

OYAGE HITHA GODAK LASSANAY AIYA.
OYATA ATHTHATAMA NANGI KENEK HITIYA NAM AYA GODA WASANAVANTHA WEY.
MATATH AIYALA NA , MATATH OYA WAGE AIYA KENEK HITIYA NAM MAMATH GODAAK WASANAVANTHA WEY .

GOOD LUCK

Chaaya said...

මන්දාරම තුරුල් වේගෙන එනවා...සීතලම සීතල පවන් ‍රැල්ලක් මගෙ කෙහෙ‍රැලි අතරින් දිව යන නිමේශයකදී ඔයාගේ බ්ලොග් එකේ නූපන් නංගියෙක් වෙනුවෙන් පීදුනු ආදර මතක පොඳ , සීතලම සීතල අදහස් ගොන්න මත දෑස් දිව ගියා..
මමත් නංගියෙක්.. එ තවත් අයියෙක් ගේ.. ඒත් මං ඔයා හැමදාම දකින තුනේ පංතියේ ලැදැරිය තරම් පිං කරලා නෑ.. එයාට වගේ සෙනෙහෙබර අයියෙක් මටත් උන්නානම් කියලා මටත් දැනෙනවා.. මට ඇත්තටම අයියෙක් ඉන්නවා.. ඒත් ........... එයා සත්තකින්ම අයියෙක් උනා නම්...........................................
Chaaya Ekanayaka
Badulla

පවනි said...

අනේ මටත් පුංචි නංගියෙක් හිටිය නම්.......
මටත් අපේ පවුලෙ කාටවත් ළඟින් නෑදෑ වෙන්න වත් නංගියෙක් හිටියෙ නෑ.
මමත් හරි ආසයි පුංචි නංගියෙක් ගෙ හුරතල් බලන්න....
මගෙ ඇස් දෙක වගෙ එයාව බලාගන්න.....
මමත් ඒ තරම් පිං කරල නෑ අයියෙ.....
:(

ප්‍රදී said...

මේක අහම්බෙන් දැක්කම මට මතක් උනේ මගේ අයියාව...අපි කොච්චර ලොකු උනත් තාමත් පුංචි අය වගේ නේද..කොච්චර නම ආදරයක් අයියා ලග තියනවද..ඒ ගැන කියන්න වචන නැ කවදාවත්ම...අදටත් මගේ හැමදෙට හෙවනැල්ල වගේ ඉන්නේ මගේම අයියා...අයියා ආදරය කරන්න කෙනෙක් හොයාගෙන හිටියත් අද උනත් මගේ හැමදේම හොයලා බලනව පොඩි කාලේ වගේ...
අම්මා,තාත්තාට පස්සේ මේලෝකේ මන් වැඩියෙන්ම ආදරය කරන්නේ මගේ අයියටයි,මල්ලිලා දෙනාටයි...
කොච්චර පරණ උනත් මේ පොස්ට් එක සැහෙන්න හිතට දැනුනා...

Dude said...

සිහින කියන නමටම ගැලපෙන පෝස්ට් එක.
මේ මම ආපු පළවෙනි දවස. සමහර බ්ලොග් වල කමෙන්ට් දාල තියෙනවා දකිනවා. ඉතින් ප්‍රොෆයිල් එක ඔබලා බලලා ආවා.

ලස්සන ලියවිල්ල! :)

henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

නෙලූ said...

ඔය වගේම, මටත් අය්යෙක් හිටියනම් කියල පුන්චි කාලෙ ඉදන්ම හීන මවන පුන්චි නන්ගිලත් ඉන්නව....

Unknown said...

මේ ලෝකයේ අගක් මුලක් නැති එකම බැඳීම් සහෝදරකමයි.නංගී කියන්නේ මගේ ජීවිතයේ රසවත් ම චරිතයක්.මගේ මොන ප්‍රශ්නයක් තිබුණත් මම කියන්නේ මගේ නංගීයට.මම දුකෙන් හිතද්දි නංගී මා සමඟ,මාව වැළඳ ගෙන සනසනවා.එය මට ලොකු සැකසීමක් !

Unknown said...

මේ ලෝකයේ අගක් මුලක් නැති එකම බැඳීම් සහෝදරකමයි.නංගී කියන්නේ මගේ ජීවිතයේ රසවත් ම චරිතයක්.මගේ මොන ප්‍රශ්නයක් තිබුණත් මම කියන්නේ මගේ නංගීයට.මම දුකෙන් හිතද්දි නංගී මා සමඟ,මාව වැළඳ ගෙන සනසනවා.එය මට ලොකු සැකසීමක් !

Anonymous said...

කඳුලු ආවා. මටත් අයියෙක් හිටියනං.. සැරයක් දෙසරයක් නෙමෙයි. අනන්ත හිතිලා තීනවා..�� මට කවුරුත් නෑ.. ඒ දුක හරියට දැනෙනවා. මගේම අයියෙක් අක්කෙක්.. නංගෙක් මල්ලියෙක්.. හිටියනම් �� ..

��

Unknown said...

Mata nangiyek genath diyan this...

Unknown said...

මාත් හැමදාම දුක් වෙනව මටම කියල අයියෙක් නැති එක ගැන
අයිය කෙනෙක්ගෙ අගේ හොදටම දැනෙනව
මගේම කියල නැතත් නෑදෑ වෙන අයිය කෙනෙක් නම් ඉන්නවා එයාටත් වෙන කවුරුත් නෑ එයා මාව එයාගෙම නන්ගි වගේ පරිස්සම් කරනවා 😘

Unknown said...

ඇත්තටම ලස්සනයි ඒ බැඳීම තමයි ලෝකේ තියෙන ලස්සනම බැඳීම .මට මේ විශ්වය පුදුමයක් මට ඒ වාසනාව හිමි වුණත් .මගේම අයියා මම නොදන්නා රටක ඇති දැඩි වෙලා.අපි දෙන්නා වෙනස්ම සංස්කෘතීන් දෙකක.මම ඉපදෙන කලින්ම එයා මගෙන් දුරට ගිහින් ඒක දෛවයේ සරදමක්.ඒත් විශ්වය හරිම පුදුමයක් කවදාවත් ඒ බැඳීම කඩන්න බෑ කියලා ඔප්පු කරලා තියෙනවා.අද වන විට අපි හදවතින් බැඳිලා අපේ දුක සැප බේදා ගන්නව

Post a Comment