2011-06-27

සිහිනයක්ම විය ඒ සොඳුරු දින..(පළමු කොටස)

beautiful-girl-photography-rain-umbrella-Favim.com-53961

උදේ ඉඳං බීරින් කරන් තිබුන කොළඹ අහස මහා අනෝරා වැස්සක් වෙලා කඩා වැටෙන්න ගත්ත.ඈත පේන අහස උසට නැගුන තට්ටු නිවාස පේලිය දිහා හිස් බැල්මෙන් බලාගෙන ඉන්න ඒ පුංචි සමනලිය බාගෙට වැහුන ජනේලෙන් එලියට පුංචි අත දාල වැටෙන වතුර බින්දු එකතු කරන්න අසාර්ථක උත්සාහෙක.අතට වැටෙන වතුර බිංදු සුදු මූනට විසි වෙද්දී ඒ මූනේ ඇඳෙන අහිංසක හිනාව දිහා බලාගෙන උන්න මට එයාට කරදර කරන්න හිතුනෙම නෑ.මං අද දවස ගැන, අද උදේ සිදුවීම් පෙළ කල්පනා කරන්න ගත්ත…

මගේ ලෝකෙට ආව පුංචි සුරංගනාවිය, ඔවු ඒ පුංචි ඇස් දෙක මගේම වෙලා අදට හරියටම අවුරුද්දක්.උදේ ඉඳන්ම පොද වැස්ස.. තනියම ගම්පහ ඉස්ටේෂම ඉස්සරහට තෙමීගෙන ආව මට ලා දම් පාට කුඩයක් ඉහලගෙන ඈතින් එන මගේ ඒ පුංචි කෙල්ලව අදුනගන්න ඒ හැටි අමාරු නෑ.කලින් දවසක කිව්ව වගේම මං ආසම ලා නිල් පාට මල් වැටුන ගවුමත් ඇඳගෙන කලින් දවසක DSI එකෙන් මං අරන් දුන්න ලස්සන සෙරෙප්පු දෙකත් දාගෙන මං ළඟටම ඇවිත් හිටහත්ත ඔයා…

“සුදු අයියේ… තෙමිලා නේද ඔයා… කිව්වට අහන්නේ නෑනේ කුඩයක් අරන් එන්න කියල.. ගොඩක් වෙලාද ඇවිත්..”

“ම්ම්හ්ම්… මේ දැන් ආවේ…”

බෑග් එකේ කුඩේ ගෙනාවට ඕක ඉහලන්න කම්මැලි කමට පොඩ්ඩක් තෙමුන කියල ඔයාට කිව්වොත් අද ලස්සන දවසේ උදේම ඔයාගේ හිත රිද්දන්න වෙනවා. ඒ හින්ද මං සද්ද නැතුව හිටිය..

“අදනම් මෙහෙම තෙමීගෙන සමාධිය ලඟට පයින් යන්න බෑ නේද…” ඔයා ඇහුවා…

වැස්ස මට වාසනාව ගෙනත්ද… පයින් තියා අදනම් බස් එකේවත් පංතිනම් යන්න බෑ…

“නංගි, අද අපි වෙන කොහෙ හරි යමු…මටනම් පංති යන්න බෑ..” හිතේ තිබුන අදහස මං කිව්වා… මං දන්නවා ඔයා බෑ කියන්නේ නෑ කියල..

“ම්ම්… කොහෙද අපි යන්නේ…” මගෙ ඇස් දෙකට එබුන ඔයා එහෙම ඇහුව..

හිතේ කිසිම අදහසක් තිබුනේ නෑ…

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන සීග්‍රගාමී දුම්රිය තව ස්වල්ප වෙලාවකින් පළමු වේදිකාවට ලඟා වනු ඇත.

දුම්රිය ස්ථානයේ යකඩ කටින් කියවුන ඒ පණිවිඩේ එක්ක මගේ හිතට ගාලු මුවදොර සිහියට ආව.

පංති යන්න බැරුව ඉෂ්ටේශමට වෙලා හිටපු තව යාළුවො තුන් දෙනෙක් එක්ක කොළඹ කොටුව බලා යන සීග්‍රගාමී දුම්රියට ගොඩ වෙලා දැන් පැයකට කිට්ටුයි.ඔයා තවමත් ඈත බලාගෙන මොනවදෝ හිතනව.පංතියක් මග ඇරලා ගම්පහින් පිටට යන පලවෙනි වතාව.අපිත් එක්ක ආව යාළුවො තුන් දෙනාටනම් ගානක් නෑ වගේ.මං හිමීට ඒ සීතල අතින් අල්ලගත්ත.නොවැරදීම අද මට පුංචි අකුරින් ලස්සනට ලියපු ලියුමක් හම්බ වෙනවා කියල මං දන්නවා.ඔය ලියුම කියවන්න මං ගොඩක් ආසාවෙන් ඉන්නේ.හතරට නවපු හාෆ් ශීට් එකක ලියපු ඒ පුංචි ලියුම මං මගේ බෑග් එකේ දාගත්තේ නිදහසේ තනියම කියවන්න ඕනේ කියල හිතාගෙන.මට කලින් ඒ ලියුම මං වෙන කෙනෙක් කියවයි කියල ඒ මොහොතේ මට හීනෙකින්වත් හිතුනේ නෑ…………

කොටුවෙන් බැහැපු අපි කෙලින්ම ගාලු මුවදොර බලා යන්න පිටත් උනා.ටිකක් අඩු වෙලා තිබුනත් වැස්ස නැවතිලා තිබුනේ නෑ.මගේ බෑග් එකේ තිබුන කුඩේ යාළුවො තුන් දෙනාට දීල අපි දෙන්න අර ලා දම්පාට කුඩේ යටින් යන්න ගත්ත.ලේක්හවුස් එක පාරේ ඇවිත් පරණ පාර්ලිමේන්තුව ඉස්සරහින් පාර පැනල ගාලු මුවදොරට සේන්දු වෙද්දීම පොද වැස්ස මහා වරුසාවක් වෙලා කඩාගෙන වැටුන.පුංචි කුඩේ අපි දෙන්නට ඉඩ මදි..ඉක්මනට හෙවනක් හොයාගන්න වෙයි..මුහුදට මුහුණලා තිබුන කන්ටේනර් පෙට්ටියක් අයිනට ගිය අපි දෙන්න ඈත දියඹෙන් තද සුළඟත් එක්ක එන වැහි පොදට මුවා උනා.ඒ පුංචි ඇස් දෙක දිහා බලාගෙන විනාඩියක් ඉන්න ඇති………..

ෆී………..

තද කොළ පාට වැහි කබායකින් සැරසුන පොලිස් නිලධාරියෙක් ඈත මුර පොලේ ඉඳං අපි දෙන්නට කතා කළා.හිමින් හිමින් අපි දෙන්න ඒ පැත්තට ගියා.පොලිස් මුර පොලක් කිව්වට කන්ටේනර් පෙට්ටියක් ඇතුලේ මේසයක්, පුටුවක් තියල තාවකාලිකව හදපු තැනක්.මුහුදු හුළඟට දිරපු නිසාද කොහෙද බාගෙට වැහුන ජනේලෙන් එන කිරි කිරි සද්දේ විතරක් මට ඇහෙන්න වුනා.මගෙ පුංචි සුරන්ගනාවිගේ ඇස් දෙකේම කඳුලු පිරිලා..

“තමුසෙලා කොහෙද? , මෙහෙ ගන්නවල දෙන්නගෙම බෑග්.. මං බලාගෙන හිටියේ දැන් ටිකක් වෙලා ඉඳං..කෝ අයිඩින්ටි…ගන්නව ගන්නවා.”

ඒ වෙද්දී මං මගේ හැදුනුම්පත හදාගෙන තිබුනත් මගේ පුංචි නංගියට එහෙම එකක් තිබුනේ නෑ.මේ 2006 අවුරුද්ද.මට යන්තං අවුරුදු 17 උනා විතරයි.මට වඩා මාස 9 ක් ම බාල උන නංගිට අවුරුදු 16 යි.මේක අහපු පොලිස් නිලධාරී තුමාට හොඳටම තරහ ගියා.අතේ තිබුන කුඩා ගුවන් විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රයෙන් ඔහු කාට හෝ ඇමතුවා.

“කොටුව ජංගම පොලිස් රථය අමතන්න.. දෙන්නෙක් ඉන්නවා හැකි ඉක්මනින් මුරපොළ වෙත වාර්තා කරන්න.ඕවර්”

මං දැන් තමුසෙලා දෙන්නව පොලිසියට යවනවා.ගෙවල් වලට කෝල් කරලා අම්මල තාත්තල ගෙන්වල භාර දෙයි හරිද.කෝ තමුසෙලා එක්ක ආව අනිත් උන් ටික.එක්ක එනවා උන්වත් තමුසේ ගිහින්.”

මං දිහාවට හැරුන ඔහු ගෝරනාඩු කළා.මොන තත්වයක් උනත් ඒ පාලු මුරපොල ඇතුලේ මගේ පුංචි සමනලීව තනි කරලා යන්න මට බෑ.ඕනෑ දෙයක් කියපු දෙන්.මං යන්නේ නෑ සුදු නංගිව තනියම මෙතන තියල.මං අර සීතල අතින් ආයෙමත් අල්ලගත්ත.යන්නේ නෑ කියල පෙන්නන්න..

“හ්ම්ම්… තමුසෙට යන්න බෑ නේද… එහෙනම් තමා.. යනවා.. ගිහින් උන් ටික එක්ක එනවා.”

කවදාවත් කොළඹට තනියම පය නොගහපු ඒ පුංචි හිත ගැස්සෙන්න ඇති.ඒත් වෙන විකල්පයක් තිබුනේ නෑ.ජීවිතේ කවදාවත් නැති තරමට මාව අසරණ උනා.කමක් නෑ.ඔයා මෙතන තනියම තියල යනවට වඩා ඔයා ගිහින් ඒ අයව එක්ක එන එක හොඳයි නංගි.. මං හිතන්න උනා..

මගේ පුංචි කුමාරි හෙමින් හෙමින් යන්න ගියා… මහා හයියෙන් වැටුන වැස්සත් එක්ක පුංචි කුඩේ නොපෙනී ගියා….

ඔයා ආපහු එනකල් ඇස් දෙක රිදෙනකල් ඒ ජනේලෙන් ඈත බලාගෙන හිටපු ආදරණීය තිශ් …

පසුවදන : මට ඉතාමත් සංවේදී උන මේ කතාව එක පාරටම ලියල ඉවර කරන්න මට හිත දෙන්නේ නෑ.පුංචි පුංචි දේවල් මග ඇරෙයි කියල මට බයයි.ඒ හින්ද මගේ යාළුවො තරහ නැතුව මට තව එක දවසක් දෙන්න.මං කතාවේ ඉතුරු ටික ලියනවා…. විශේෂයෙන්ම මං ආදරෙන් ඉල්ලන්නේ මාව පෞද්ගලිකව දන්න මේ බ්ලොග් එක කියවන අයගෙන්… ජීවිතේ ලස්සන කාලයක් ගැන ලිව්වට මේ හැම දෙයක්ම හැම කෙනෙක්ම දන්නේ නෑ.විශේෂයෙන් එයා… ඒ හින්ද සිංහල බ්ලොග් අවකාශේ තියන සුන්දරත්වය,ඒ තියන බැඳීම,විශ්වාසය පලුදු වෙන කිසිම දෙයක් කරන්න එපා.කාට හරි හිතෙනවනම් මූ පිස්සෙක්,ආදරයක් මාකට් කරන්න හදනවා කියල කරුණාකරල ආයේ මං ලියන අකුරක්වත් කියවන්න එපා.. දුකයි තමයි මෙහෙම කියන්න.ඒත් මට වෙන කරන්න දෙයක් නෑ.

විශේෂ ස්තුතියක් කරන්න ඕනේ ජනේලයෙන් එහා ලියන කිඩෝ මලයට වෝකි ටෝකි එකට කියන සිංහල නම හොයා දුන්නට. ඒ වගේම දාන්න නමක් හිතාගන්න බැරුව අසරණ වෙලා ඉද්දි උදව්වට ආව හසීගේ සිතුවිලි ලියන අපේ හසී අක්කට.

30 Comments:

කිඩෝ said...

ශා මගේ නමත් තියේ... හිහි
මේ තිශ් අයියා පොඩි ප්‍රශ්නයක් එයා ආපහු ආවද???

මකුළුවා..... said...

සමහර මතක ආපහු මතක් කරලා කුරුටු ගාන්න අමාරුයි කියන එක මම හොඳින්ම දන්නවා මචං...මොනවා වුනත් උඹේ උත්සහය අනර්ඝයි.....

හිස් අහස said...

සමහර දේවල් හිතේ තියාන ඉන්නවාට වඩා කියලා දාලා හිත නිදහස් කරගන්න එක හොඳයි ..

නියමෙට ලියලා තියනවා තිශ් . මේ කතාව අපිවත් වෙන කවුරුවත් හරි බැලුවා කියලා කාටවත් හානියක් වෙන එකක් නෑ ඉතින් .හිතට බයක් ගන්න දෙයක් නෑ . ෂේප් එකේ වෙච්ච සිදුවීම ලස්සනට ලියාගෙන යන්න .

තිශ් said...

@ කිඩෝ : මලේ මං මේ කතාවේ ඉතුරු ටික හෙට ලියනවා. හෙට බස් එකේ මඩොල් දූව කතිකාව ඉවර වෙන්න රෑ උනත් මං කොහොම හරි මේක ලියන්නම්..එතකල් ඩිංගක් ඉන්න.මට උදව කරපු උන්ව මං කවදාවත් අමතක කරන්නේ නෑ.

@ මකුළුවා : මතක් කර කර කුරුටු ගාද්දී හිත නිදහස් වෙනවා අශාන්.පුංචි උත්සාහයක් ගත්තේ.දැන් මට මං ලිව්ව දේ සාර්ථකයි කියල හිතෙනවා.

තිශ් said...

@ හිස් අහස : මචන් සඳරු,උඹ ඔය කියන දේ මං ඉගෙන ගත්තේ උඹගෙන්මයි.හිස් අහස හිස් උනු හැටි පොස්ට් එක කියෙව්වම මං තේරුම් ගත්තේ දැන් උඹේ හිත නිදහස් නේද කියන එක.මටත් ඕනේ මගේ හිත නිදහස් කරගන්න.කෙනෙක් මේක කියවල නිරපරාදේ මට බැන්නොත් මං මොකද කරන්නේ.අන්න එතැනදී මං අසරණ වෙනවා මචන්.කමක් නෑ.. මට ඒ හැම දේටම වඩා බ්ලොග් අවකාශේ යාළුවො ටික වටිනවා.ඉතිරිය හෙට නැතිනම් අනිද්දා ලියන්නම් මචන්.හැමදාමත් උඹේ Comment එකක් එන බව මං දන්නවා.ආ.. උඹලගේ පොලෝසියේ ලොකු මහත්තය අපේ ගමේ.. heenayak එකෙන් චැට් රික්වෙස්ටක් ඇති.බලපන්..

ප්‍රාර්ථනා said...

හ්ම්ම්.... ඇත්තම කථාවක් නම් ඒක ගොඩාක් දුකයි කියලා තමයි මට කියන්න වෙන්නේ..හොඳට ලියලා තියෙනවා තිශ්. මතකයෙන් ගැලවෙන්න ටිකක් හරි හොඳම මාර්ගය තමයි ඒක කාට හරි කියන එක, නැත්නම් ලියන එක.කියාගන්න බැරි දේවල් බ්ලොග් එකේ ලිව්වාම හිතට ගොඩාක් ලොකු සැනසීමක් දැනෙනවා.. අනිත් කොටසත් ලියන්න. කථාව ලස්සනයි..

රවින් said...

මේකට මොකක් කියන්නද කියලා හිතා ගන්න බෑ බං.. කතාවෙන් භාගයක් කියවලා කොහොමද කමෙන්ට් කරන්නේ??

- නිල් අහස - said...

තමන්ට හිමි වෙලා තිබුන ආදරේ ගැන ලියන එක -මාකට්- කිරීමක් වෙන්නේ නෑ..යාලුවා.
කවුරු හරි එහෙම හිතනවා නම්..ඒ..... ඒ කෙනා දන්න තරම.

ඇත්තටම හිතට වැදුනා..... ලියලා තියෙන විදිය.

තනෝජා රාජපක්‍ෂ said...

කියවගෙන යද්දි මට මැවිල පේන්න ගත්තා හැම සිද්ධි දාමයක්ම... ඒ අතින් ඔයා සාර්ථකයි මල්ලි (පුතා)... කථාවෙ අවසානය තෙක් බලන්න වෙනවා හරියටම කමෙන්ට් කරන්න... ඉතිරි ටිකත් ඉක්මනට ලියාගන්න පුළුවන් වේවා කියලා පතනවා...

dishanrajapaksha said...

Waiting....

Bindi said...

''අපිත් ඔහොම ගිය හැටි මතකයි.....'' විශේසයෙන් අර ලියුම්..ඔය වගේ ලියුමක් ලියන එක මමත් කළා. සතියෙම වෙච්ච දේවල්...කවි...එකත් හොඳ සාහිත්‍ය නිර්මාණයක් වුනා. දිග වුනාට කමක් නැහැ. ලියන්න ලස්සනයි

සුපර් said...

මටනම් උබලා දෙන්නව මැවිලා පේනවා බං. ඉතිරි ඒවා මම මීට කලින් උබට කියලා අති මල්ලී.

හසී said...

හ්ම්ම්.... මේක අමතක උනා මට.. අම්මේ බය හිතෙනවා..මට එහෙම ඔහොම උනානම් අනිවා ඇඩෙනවා.. ඊළඟ කොටස එනකම් මඟ බලාගෙන ඉන්නවා... (පිස්සු කොල්ලා මට මොකටද ස්තුති?)

ශානු said...

මේ මලී ගැනද සිහින කියලා තියෙන්නේ

෴ හසියා ෴ said...

මොකුත් කියන්න තේරෙන්නේ නෑ බං.... අනේ මන්දා....

තමන්ගේ ආදරේ ගැන ලිවීම ආදරේ මාකට් කිරීමක් නෙවේ බං.... ඒකෙන් තමන්ගේ අවංක හැඟීම තව එකෙක්ට කියලා අපි ලබන්නේ ආත්ම අභිමානයක් පමණයි.... අපි අවංකයි අපි පිරිසිදුයි කියලා.... ඉතිරියත් දාන්න හැකි ඉක්මණින්....

අහම්බෙන් මේ පැත්තේ ආවේ ඔන්න.....

දිනිත් said...

අනේ....අන්තිමට අහක හිටපු යාලුවො ටිකත් මාට්‍ටු..

ලස්සනට ලියල තියෙනව මචං...ඉතුරු ටික එනකං බලා ඉන්නව

Beetle said...

ගම්පහ සමාධියේ ක්ලාස් කට් කරලා, ගෝල්ෆේස් යන කපල් එකක්... කාලේ වෙනස් වුණාට කතාව සමහරවිට එකම වෙන්න ඇති... ඔන්න මාත් අහගෙන ඉන්නවා... :)

මන්තරකාරි said...

හරිම ලස්සනට ලියලා තියෙනවා. ජීවිතේ වෙන අයට පුංචියි කියලා හිතෙන මතකයන් ගොඩක් තමන්ට මහා මෙරක් වගේ රැදිලා තියෙන්න පුළුවන්. එවා එකක්වත් හිතෙන් මැකෙන්නේ, මග ඇරෙන්නෙ නෑ. හැමොගෙම ජීවිතවල ලස්සන කතාවක් හැංගිලා තියෙනවා. දිගටම ලියන්න ඔයාගෙ ලස්සන කතාව...

දඩබ්බරී said...

ගොඩක් ලස්සනට ලියල තියෙනවා තිශ් අයියේ..
ඉතුරු ටිකත් ලියනකම් කියවන්න බලන් ඉන්නවා..

දුමී said...

මල්ලි, ලස්සනට ලියලා තියෙනවා. හිතට සියුම් වේදනාවක් එක්කම ආයෙමත් මගේ සමනල කාලෙට උඹේ ලියමන මාව අරගෙන ගියා. මගේ පෙම්වතිත් (දැන් බිරිඳ ) එක්ක කිසිම අරමුණක් නැතිව පොඩි පොඩි පාරවල් දිගේ, විහාර මහා දේවි එකේ, මුහුදු වෙරළේ ඔහේ ඇවිද ගිය කාලේ මතක් උනා. අපිටත් එක එක විදිහේ මහා විශාල බාධාවල් ආවේ නැතිවා නෙමෙයි....!

සිහින said...

*** හැම දෙනෙක්ම මට සමාව දෙන්න මෙච්චර දවසක් පරක්කු උනාට පිළිතුරු දෙන්න ****

@ ප්‍රාර්ථනා : මේ ඇත්තම කතාවක් සෙව්වන්දි.මේ දිගටම ලියාගෙන යන්නේ මගේ ජීවිතේ කතාව.දුක අඩු කරගන්න ලියන එක තමයි හොඳම දේ කියල මං ඉගෙනගත්ත.

@ රවින් : බාගයක් හරි උඹ කියෙව්වනේ බං.ඉතුරු ටික ලියාගන්න බැරුව ඉන්නේ.හැකි ඉක්මනින් ලියන්නම්.

@ නිල් අහස : දැන් මං දන්නව මේක එහෙම මාකට් කිරීමක් නෙමෙයි කියල යාලු.ඇවිත් ගියාට ගොඩක් ස්තුතියි.

@ තනෝජා රාජපක්‍ෂ : අවසානය ඉක්මනින් ලියන්න ඉන්නේ.වෙලාවක් තිබුනේ නෑ.නැත්තං මං මෙහෙම කරන්නේ නෑ කවදාවත්..

@ dishanrajapaksha : ඉක්මනින් බලාපොරොත්තු වන්න....

@ Bindi : ඔය ලියුම් කියන්නේ පුදුම සිහිවටන.හැමදාටම ළඟ තියාගෙන විඳින්න පුළුවන්.පුංචි පුංචි බලාපොරොත්තු,දුක් ගැනවිලි,නෝක්කාඩු.. ඕව තමයි ඉතින් පිටු පුරා තියන්නේ..අන්තිමට මොනවා නැතත් ආදරේනම් පුරවල තියනවා..

@ බුල්ටො : උඹ කලින් කියපුව මට මතකයි අයියේ.පින් ආවට මේ පැත්තේ.

@ හසී අක්ක : ඊළඟ කොටස ඉක්මනින් දෙන්නම් හසී අක්ක.ස්තුතියි ඇවිත් ගියාට.

@ ශානු : මේ අපේ කානුව නේද?මේ මලී නෙමෙයි දෙයියනේ.අනේ අම්මප මුන් මගුල් ජෝඩු කරන්නමනේ හදන්නේ.

@ ෴ හසියා ෴ : අහම්බෙන් හරි උඹ මේ පැත්තේ ආවනේ බං.ඒ ගැන මාර සතුටුයි.

@ දිනිත් : යාළුවන්ට උන වැඩේ ඊළඟ කොටසේ තියන්නේ.ඉක්මනින් ලියන්නම්..

@ Beetle : එහෙනම් බීට උඹටත් ඒ අත්දැකීම තියනවා වගේ.බලමුකෝ...

@ මන්තරකාරි : බොහොමත් ස්තුතියි වචනෙකින් හරි දිරියක් දුන්නට.
හැමොගෙම ජීවිතවල ලස්සන කතාවක් හැංගිලා තියෙනවා..
මේක තමයි මං ආසම කතාව....

@ දඩබ්බරී : ගොඩක් ස්තුතියි නංගි.ඉක්මනින් ලියන්නම් ඉතුරු ටිකත්.

සිහින said...

@ දුමී : මං අද ගොඩක් සතුටු වෙන දවසක් අයියේ.මොකද මේ බ්ලොග් එක පටන් ගන්න හේතු උන බ්ලොග් එකේ අයිතිකාරයා අද මං වෙනුවෙන් වචනයක් කියල ගිහින්.පුදුම සතුටක් දැනෙන්නේ.මං මේ බ්ලොග් එක පටන් ගද්දිම කිව්වා මං මේක ලියන්නේ දුමී අයියගේ බ්ලොග් එක දැකල කියල.දුමී අයිය, දුකාගේ බ්ලොග් එක දැකල ලියන්න පටන් ගද්දි මම දුමී අයියගේ බ්ලොගේ දැකල පටන් ගන්නවා.ඉක්මනින් ඉතිරිය ලියන්නම්...

Observer said...

මටත් එක පාරටම ආවෙ කිඩෝ අහපු ප්‍රශ්නෙම තමා. ටිකක් වෙට්ට පිත්තල වෙච්ච එක්කෙනෙක් නං ශේප් එකේ ගිහින් කෝච්චියෙ නැගල ගෙදර යනවා. කොල්ලෙකුට මොනවා කරලා හරි ශේප් වෙන්න පුළුවන්නේ, අනික සීන් එකේ කෙල්ල නැත්තන් චෝදනාවකුත් නැහැනේ

Bunny said...

ඔය ආදරේ පැත්තකිං තියමු..! පොලිස් කාරයෝ කියන කොට මගේ ඇග හිරිවැටෙනවා..! ලංකාවේ ඔය හිතක් පපුවක් නැති උන් ඉන්න කං.. ලංකාව හදන්න බැහැ..!

රවින් said...

මනුස්සයෝ මේකේ දෙවෙනි කොටස කෝ??? දවස් ගානක් මේක බලන්න ඇවිත් මම හැරිලා ගියා.. මේ පෝස්ට් එකම තුන් පාරකට වඩා කියෙව්වා....

Weni said...

සංවේදී කතාවක ආරම්භයක් කියලයි මට හිතෙන්නෙ..ලස්සනට ලියල තියෙනව.. නීතිය ක්‍රියාත්මක කරන්නන් එය ක්‍රියාත්මක කල යුතුයි..ඒ අය මීට වඩා සංවේදී වෙනවනම්..එකම නීතිය කාමුක අපචාරයක් සහ ආදරණීය හමුවීමක් අතර වෙනස ඉදිරියේදී නියමාකාරව පන ගැන්වේවි.. ලියන්න ඉතුරු ටික...අපි බලා ගෙන ඉන්නව...

Anonymous said...

මේ අත්දැකිම මටත් තියනවා ඒ වුනාට ඔයාලා දෙන්නා වගේ පුංචි ලමයි විදියට නම් නෙමේ.වැඩිහිටියෝ විදියට .මොකද ඔය ගොල්ෆේස් එකේ අසෝබන හැසිරිම් දහස් ගණනක් වෙන අතරතුර අතින් වත් අල්ලගෙන නොහිටපු අපි දෙන්නට පොලිස් කොස්තාපල් කෙනෙක් පාට් එක දැම්මා.වරදක් නොකරපු නිසාත් අපි දෙන්නටත් තරහා ගියා.අපි දෙන්නත් අතහැරියෙම නැ.පස්සේ පොලිස්කාරයගේ ගැස් බහින්න ගත්තේ අපි කාගේ කවුද කියලා කිවුවට පස්සේ.ඒත් එතන මුකුත් ම කර කියාගන්න බැරි ජෝඩුවක් හිටියා නම් කොයි තරම් අසරණ වෙනවද?නොකරපු වැරද්දකට චෝදනා කරාම කාටද තරහා නොයන්නේ.

යහපත්_ඇනෝ said...

ශ්‍රී ලංකා පොලීසිය. යන යන තැන ඔබ අසල !!!!!!!!!

දුකා said...

හරිම ලස්සනයි මල්ලී . .

දෙවෙනි කොටස බලන්න ඇවිත් ඊට කලින් පලමු කොටස කියවන්න ඕනි නිසා ඔන්න මේක කියෙව්වා . .

හරිම සුන්දරව බොක්කට වදින්න ලියලා තියෙනවා . .

ඒ වගේම කෙල්ලො කොල්ලන්ට නිදහසේ ආදරය කරන්න නොදෙන සමාජය ගැන ඇටි වෙන්නේ පුදුම තරහක් . .

අවංක පැට්ටා said...

එළ එළ ස්.... ඩ්‍රීම්. හොඳට ලියපන් කොල්ලො ඉස්සරහට.. ජය වේවා...

Post a Comment